වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
දරුවන්ගේ උණ රෝග සුව කරන ප්රත්යක්ෂ දේශීය ඖෂධයක්
ආයුර්වේදයේ උණ රෝග හඳුන්වන්නේ ජ්වර ලෙසිනි. සංස්කෘත භාෂාවෙන් ජ්වර(ංං) යන වචනය සිංහල භාෂාවට ජ්වර යන ලෙස පරිවර්තනය වී තිබේ. ශරීරය, ඉන්ද්‍රියන්, මනස යන ගු ණාංග තදින් දවාලන නිසා උණ රෝග සඳහා මේ නම භාවිත වේ. උණ රෝග නිධාන අාර්යුවේද චිකිත්සාවේ ජීවානු, ජනිත, ද්විත්ව, කුෂ්ඨ ලෙස සමීප හේතු වශයෙනුත්, දුර හේතු වශයෙන් දෙකොටසකට බෙදෙයි.
ස්වභාවයෙන්ම ශරීරයේ පවතින රෝග වැළැක්වීමේ ප්‍රතිශක්තිය දුබල වූ විට උණ වැලඳීමට පළමු හේතුව වන අතර කිසියම් ආකාරයක වස විසක්, ශාක වර්ග, ජීවානු, කීටානු, විසානු යන විෂබීජ ශරීරගතවීම නිසා
ශ්ලේෂ්මල දෝෂ කෝප ඇතිකර උණ වැලඳීමේ හේතු ප්‍රධාන හේතු ලෙස හැඳින්වේ.
උණ හට ගැනීමේ රෝග ලක්ෂණ සාමාන්‍ය පුද්ගලයෙකුගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 97.4 - 99 අතර ඉක්මවා යෑම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පෙන්වයි. අපට සාමාන්‍යයෙන් මේ ගැන දැන ගත හැකි සරල ක්‍රමය වන්නේ ශරීරය උෂ්ණත්වය ඉහළ නැඟීම සාමාන්‍යයෙන් අත තැබීමේදී දැනීම, ඇඟපත වේදනා ඇතිවීම, ඇඟ සීතල වීම, දහඩිය පිට නොවීම මූලික රෝග ලක්ෂණ වෙයි. උණ හට ගැනීමේදී ආහාර දිරවීමේ රසායනයන් ශ්‍රාවය හීන වෙයි. එවිට අග්නිය දුබල වීම නිසා බඩගින්න නොදැනෙයි. උණ ගැනීමත් සමඟ ආහාර රුචියත්, රසයත් නොදැනෙන්නේ ඒ නිසාය.
උණ රෝග ද කිහිපයක් පවතී. සම ජ්වර ලෙස හඳුන්වන උණ ප්‍රතිශ්‍යා රෝග වැනි සුළු හේතු නිසා හටගන්නා සාමාන්‍ය දෛනික චිකිත්සාවෙන් සුවවන කල් ඉකුත් වීමෙන් සුව වන රෝග ප්රභේදයන් පවතී. විෂම ජ්වර ලෙස ඉතා සංකීර්ණ වූ උණ රෝග සුව කිරීම සඳහා පළපුරුදු වෛද්‍යවරයකුගේ ඖෂධ අනුව සුව කළ යුතු උණ රෝගයකි. මෙවැනි වූ උණ රෝග අනවිණ, කොඩිවිණ නිසා හටගත හැකි මනෝ විකාරයෙන් පෙළීමේ කාණ්ඩයට අයත් වේ. මෙම දරුණු උණ ප්‍රභේද 5කට බෙදී ඇත.
සන්තක ජ්වර ලෙස විෂම උණ රෝග අවස්ථාව මොනයම් හෝ විසක් ශරීරගත වීමෙන් 7 දිනක් හෝ 10 දිනක් නැතිනම් 12 දවසක් අඛණ්ඩව පවතින උණ රෝග වෙයි. එකම දිනක පැය 24ක් පුරාම දෙවරක් අසීරු උණ රෝග තත්ත්වයට පත්වීම මෙම අවස්ථාවයි. තවත් උණ වර්ගයක් වන්නේ දිනපතාම එක් වරක් පමණක් උණ හටගෙන එදිනම බැස යන උණ රෝගයයි.
කෘතිරත ජ්වර අවස්ථාව වන්නේ උණ ඇරඹූ දිනයේ තුන්වැනි දිනයේ, උණ හැදී දවසක් තිබී බැස යන අවස්ථාව මෙය වෙයි. චතුර්තක විසම ජ්වය ලෙස හතර දිනක් මැදින් දෙදිනක් හැර දිනෙක උණ පැන නැඟී බැස යන අවස්ථාව වේ.
ඊළඟට වැදගත්ම උණ ලෙස හැඳින්විය හැක්කේ මැලේරියාව, ඩෙංගු වැනි රෝග වාහකයෙකුගෙන් හටගන්නා ජ්වර උණ රෝගයයි. මේ උණ අවස්ථාවේදී කැස්ස හෙවත් ශ්වාස නාලයට සෙම ගලාගෙන ඒම හටගනී. මේ සෑම උණ රෝග සියල්ලේ දීම ඉතාමත් සුදුසු වන්නේ ලුණු කැඳ වැනි සරල ජීරණය වන ආහාර ගැනීමයි. මේ සඳහා ඉතාමත් සරල පේයා කසායක් ඔබට ඉදිරිපත් කළ හැකි වේ. කබලේ බැදගත් කොත්තමල්ලි කලං හයයි, වෙනිවැල්ගැට කලං හතරයි. වියළි ඉඟුරු කලං දෙකයි. මේ සියල්ල තම්බාගෙන දවසට දෙවරක් සීනි දමා බීමෙන් අතුරු ආබාධයකින් තොරව රෝගය සුව කළ හැකි වනු ඇත. මෙවැනි පේයා කෂාය සුළු වුවද මුත්‍රා මඟින් ශරීරයේ විස හරණය කරයි. රෝගය සුව කරයි.
වියළි ඉඟුරු මඟින් දූෂිත සෙම පැසවීමත් ආමාශයේ ආමාශ පැසවා රෝග මර්දනය සිදු කරයි. කොත්තමල්ලි මුත්‍රාකාරක හා විරේක හා ස්වේතකාරක ගුණයන්ගෙන් යුක්තයි. ඒ නිසා මළ මුත්‍ර දහඩිය බැහැර කිරීමට ආධාර කරයි. එයින් උණ රෝගය ක්‍රමයෙන් බැස යයි. වෙනිවැල්ගැට සමාන ගුණයෙන් මුත්‍රාකාරක ගුණය ඇති නිසා හොඳින් මුත්‍රා පිටකරයි. එම නිසා විවිධ ඖෂධ සොයා යෑමට වඩා ප්රත්යක්ෂ ගුණ දෙන දෛනික රෝග හා බැඳි මෙම සරල පේයා කෂාය ගැනීම බටහිර වෛද්‍යවරුන් පවා අනුමත කරයි.
එමෙන්ම උණු දිය හුමාලය හෝ දෙහි කොළ තැම්බූ වාෂ්ප, කොත්තමල්ලි තැම්බූ වතුරෙන් මුහුණ සේදීම හා වාෂ්ප ඇල්ලීමේදී හිසේ බර ගතිය හා හිසරදය අඩු කර ගත හැකිවේ. වියළි කැස්ස ගතිය පවතී නම් ඇඹුල් දොඩම් කෝප්ප භාගයකට අමු ඉඟුරු මේස හැන්දක් දමා මී පැණි තේ හැන්දක් සමඟ ගුප්ත රාජ කල්කය මදටියට ප්‍රමාණයෙන් ගුලි දෙකක් දමා මිශ්‍ර කර තබාගෙන විනාඩි 10කට වරක් එයින් තේ හැන්දක් බීමෙන් දූෂිත සෙම ඉවත් වී වියළි කැස්ස නිට්ටාවටම සුව වෙයි. මෙය ඔබටද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මේ ප්‍රතිකාර තුළින් ඔබට නියත සුවයක් ද අත්වනු ඇත.
උපදෙස්
ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ