වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
වතුරට බයයි
වතුරට බය වෙන්න ගියොත් බොන වතුර වීදුරුවක් දැක්කමත් බය හිතෙන්න එපැයි. හැබැයි මේ බය ඇති වෙන්නේ මහගොඩක් වතුර තියෙන ගැඹුරු තැනක් දැක්කමයි. තැලසෝෆෝබියාව කියන්නේ ඒ මානසික රෝගී තත්ත්වයයි. මේ අයට එහෙම වතුරක් දකිනකොට ඒකෙන් එයාලට මොකක් හරි වෙයි කියන බය අධිකව ඇතිවෙනවා.
තැලසෝෆෝබියාව තියෙන අය තමන් ගැඹුරු වතුරට බය වෙනවා වගේම ඒ අය දන්නා කියන කිසිම කෙනෙක්ට ගැඹුරු නිශ්චල වතුරක් ළඟපාතකට හෝ යන්න දෙන්නෙ නැහැ. ඒ නිසාම මේ තැලසෝෆෝබියාව කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වීම සඳහා මූලිකවම පවුල් පසුබිම හේතුවක් විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව යම් කෙනෙක් කුඩා කාලයේදි අධිකව ගැඹුරු වතුරට බය කිරීමෙන් හෝ ඒ ගැන විවිධාකාර කතන්දරවලින් හිත පිරවීම ඒ පුද්ගලයා වැඩිහිටියෙක් වීමේදී ඒ පුද්ගලයාට තැලසෝෆෝබියාව වැලඳීමේ අවදානමක් ඇති කරනවා. ඒ වගේම ඇනකොන්ඩා වගේ ජලාශ්‍රිත සතුන් ගැන තියෙන අධික බිය ඇති කරන විවිධාකාර චිත්‍රපටවලට අධිකව ඇබ්බැහි වීම සහ ඒ වගේ ප්‍රබන්ධ කතා ඇත්ත කියලා විශ්වාස කිරීම මේ තැලසෝෆෝබියාව ඇතිවීමට බලපාන බාහිර සාධකයක් වෙනවා. සමහර පුද්ගලයන්ගේ පෞරුෂයේ තියෙන දුර්වලතා නිසාත් තැලසෝෆෝබියාවට කෙනෙක් ලේසියෙන්ම ගොදුරු වෙන්න පුළුවන්.
තැලසෝෆෝබියා සඳහා ඖෂධීමය නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් ඇත්තේ නැහැ. සාමාන්‍යයෙන් Cognitive – behavioral therapy එහෙම නැත්නම් සංජානන – චර්යා චිකිත්සාව කියලා හඳුන්වන නිරාවරණ චිකිත්සාව තමයි මේ සඳහා යොදාගන්නේ. මෙතැනදි වෙන්නෙ අදාළ පුද්ගලයාව විවෘත ජලයට සජීවීව නිරාවරණය කිරීමක්. ඒ කියන්නෙ තමන් වැඩියෙන්ම බය වෙන විදිහේ වතුරකට අරගෙන ගිහින් ආරක්ෂිතව ඒ පුද්ගලයාව ඒ වතුරට බැස්සවීම වගේ දෙයක්. හැබැයි තැලසෝෆෝබියාව තියෙන කෙනෙක්ට එකපාරට මේ වැඩේ කරන්න නම් බැහැ. පියවරෙන් පියවර තමයි මේ ප්‍රතිකාර ක්‍රමය අත්හදා බලන්න වෙන්නේ.
උපදෙස්
විශේෂඥ මනෝ වෛද්‍ය
රූමි රූබන්
කරාපිටිය ශික්ෂණ රෝහල