වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
මේ ඇගේ අඩුපාඩුවක් ද?
මඳ සරු බවට හේතුවන කාන්තා රෝග රැසකි. එහිදී පළමු දරුවා පමා වීමට බලපාන හේතුවලට වඩා දෙවැනි දරුවා පමා වීමට බලපාන හේතු වෙනස් විය හැකියි.
* ඩිම්බ මේරීමේ ගැටලු - මෙය බොහෝ විට පළමු දරුවා පමා වීමට බලපාන හේතුවකි.
* නාළ ආශ්රිත ගැටලු
* ගර්භාශය ආශ්රිත ෆයිබ්‍රොයිඩ් වැනි රෝග තත්ත්ව
* ගර්භාශය තුළ ඇති මස් දලු
* ඩිම්බකෝෂයේ ඇති ගෙඩි
* එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය (ගර්භාශ ආස්තරණයේ ඉදිමීම නිසා කලලයකට තැන්පත් වීමට නුසුදුසු පරිසරයක් නිර්මාණය කරයි.
* ගර්භාශයේ ව්‍යුහාත්මක වෙනස්කම් (ගර්භාශය මැදින් බෙදීම් තිබිය හැකියි.
මේවා ඇය කලලය තුළ සිටියදීම හටගත් ව්‍යුහාත්මක වෙනස්කම්ය.)
* වයස - වයස අවුරුදු 35ට වැඩි නම් ඩිම්බවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු, ඩිම්බකෝෂවල ඇති ඩිම්බවල ප්‍රමාණය අඩුවීම ඍජුවම බලපායි.
* දුම්පානය - අද වන විට ලංකාවේ ද කාන්තාවන්ගෙන් ඇතැම් පිරිස් දුම්පානයට හුරුවී සිටී.
* ශ්‍රෝණිය ආශ්‍රිතව හට ගෙන ඇති ආසාදන නිසා පැලෝපීය නාළ අවහිර විය හැකියි.
ඩිම්බකෝෂ, පැලෝපීය නාළ බිත්තිවල ඇලිය හැකියි.
*පෝෂණ තත්ත්ව - අධික තරබාරු බව මෙන්ම මන්දපෝෂණ තත්ත්ව ද මඳසරු බව කෙරෙහි බලපායි.
මේ අතරින් දෙවැනි දරුවා පමා වීමට නාළවල අවහිරතාව ඍජුවම බලපෑ හැකියි. පළමු දරුවා පමා වී පැමිණෙන අයගේ බොහෝ විට නාළ පරීක්ෂාවක් සිදු නොකරයි. ඒ අතරතුර ධාතු පරීක්ෂණයක් සිදුකර කාන්තාවගේ ඩිම්බ මේරීමට ප්‍රතිකාර ලබාදෙයි.
කලින් ගබ්සාවක් වුණු කාන්තාවක, එක් දරුවෙක් සිටින කාන්තාවක මඳසරු සායනයකට පැමිණියහොත් එවැනි කාන්තාවකගේ ප්‍රතිකාර අරඹන්නේම නාළ පරීක්ෂණයක් සිදු කරමිනි.
ඩිම්බ නිපදවීම සම්බන්ධ රෝගී තත්ත්ව
මෙය ප්‍රධාන වර්ග 3ක් යටතේ දක්වයි.
ඩිම්බකෝෂයේ ඩිම්බ නිපදවීමට මොළයේ අන්තරාසර්ග වෙත හයිපොතැලමසය, පිටියුටරිය වෙත ගෙන යන හෝමෝන වැදගත් වේ. මෙම හෝමෝන ඩිම්බකෝෂය මතට පැමිණ ක්‍රියාකාරී වූ විට ඩිම්බකෝෂයෙන් තවත් හෝමෝන 2ක් නිපදවයි. Hypothalamic-pituitary-ovarian (HPO) axis මෙහිදී හයිපොතැලමසයෙන් එන හෝමෝන පිටියුටරිය උත්තේජනය කරයි. පිටියුටරියෙන් එන හෝමෝන ඩිම්බකෝෂ උත්තේජනය කරයි. ඉන්පසු ඩිම්බකෝෂයේ නිපදවෙන හෝමෝන හයිපෝතැලමසිය සහ පිටියුටරිය වෙත දැන් හෝමෝන ශ්‍රාවය කළා ඇති යන සංඥාව ලබාදෙයි. එවිට හෝමෝන නිපදවීම අඩු කරයි. එම සංඥාව ලබාදීමට නම් ඩිම්බකෝෂයේ හොඳ ඩිම්බ ප්‍රමාණයක් තිබිය යුතුයි.
ඩිම්බ මේරීම හා සම්බන්ධ ගැටලු
හයිපොතැලමසයේ හෝ පිටියුටරියේ හෝමෝන අඩුවෙන් ශ්‍රාවය වීම මේ සඳහා හේතු කිහිපයක්ම බලපායි.
* ශරීර ස්කන්ධ දර්ශකය අඩුවෙන් පැවතීම (එනම්, BMI අගය අඩුවෙන් පවතී නම් එය නියමිත ප්‍රමාණයට ගැනීමෙන්)
* අධිකව මහන්සි වන ක්‍රීඩිකාවන් වැනි අයගේ ඇතැම් විට මාසික ශුද්ධ වීම නැතිවීමෙන් (ඒ ශරීරයේ තෙල් තට්ටුව නැතිවීම නිසයි)
* කෑම ඕනෑවටත් වඩා පාලනය කරන අය(එය මානසික රෝගයක් තරමටම වැඩිවුණු අයට)
* කුඩා කාලයේ මෙනින්ජයිටීස් වැනි රෝග තත්ත්ව ඇතිවූ අය
* මීට අමතරව ජානමය තත්ත්වයන්ද බලපායි.
පොලිසිස්ටිස් ඕවේරියන් සින්ඩ්‍රෝම් (Pcos)
අධි වෘක්ක ග්රන්ථියෙන් පිරිමි හෝමෝන ශ්‍රාවය වීම නිසා හටගත් ගෙඩි නිසාත් ඩිම්බ මේරීම පමා වීමට හෝ ඩිම්බ නොමේරී තිබීමට පුළුවනි.
රෝග ලක්ෂණ
PCOS හි රෝග ලක්ෂණ බොහෝ විට ආරම්භ වන්නේ පළමු ඔසප් කාලය ආසන්නයේදීය. සමහර විට රෝග ලක්ෂණ මතුවන්නේ ඔසප් වීම සිදුවී ටික වේලාවකට පසුවය.
PCOS හි රෝග ලක්ෂණ වෙනස් වේ. ඔබට අවම වශයෙන් මේවායින් දෙකක් ඇති විට PCOS රෝග විනිශ්චය සිදු කරනු ලැබේ.
අක්‍රමවත් ඔසප් වීම - ඔසප් වීමේ වාර කිහිපයක් තිබීම හෝ නිතිපතා නොවන ඔසප් වීම PCOS හි පොදු ලක්ෂණ වේ. සාමාන්‍ය කාලපරිච්ඡේදයකට වඩා දින ගණනාවක් හෝ දිගු කාලයක් පවතින ඔසප් වීමද එසේමය. උදාහරණයක් ලෙස, ඔබට වසරකට වාර නවයකට වඩා අඩු විය හැකිය. තවද එම කාලපරිච්ඡේදය දින 35කට වඩා වැඩි පරතරයකින් ඇති විය හැකියි. ඔබට ගැබ් ගැනීමේ ගැටලු ඇති විය හැකියි.
ඇන්ඩ්‍රොජන් වැඩියි
ඇන්ඩ්‍රොජන් හෝමෝනය ඉහළ මට්ටමක පැවතීම නිසා මුහුණේ සහ ශරීරයේ රෝම වැඩි විය හැකිය. සමහර විට, දරුණු කුරුලෑ සහ පිරිමි - රටාව තට්ටය ද සිදු විය හැක.
බහු අවයවික ඩිම්බකෝෂ
ඔබේ ඩිම්බකෝෂ විශාල විය හැකිය. නොමේරූ බිත්තර අඩංගු බොහෝ ෆොසිල ඩිම්බකෝෂයේ මායිම වටා වර්ධනය විය හැකිය. ඩිම්බකෝෂ ඔවුන් කළ යුතු ආකාරයට ක්‍රියා නොකරනු ඇත.
PCOS ලකුණු සහ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් තරබාරුකම ඇති පුද්ගලයන් තුළ වඩාත් දරුණු වේ.
ඩිම්බකෝෂයේ ඇති ඩිම්බ ගණන අඩු වී යෑම - වයස අවුරුදු 40ට පෙර ඩිම්බකෝෂයේ ඇති ඩිම්බ ප්‍රමාණය අඩු වී ආර්තවහරණය සිදුවීම( මේ අයගේ ස්කෑන් පරීක්ෂණයක් කළ විට මිලිමීටර් 2 - 9 අතරේ ඇති ඩිම්බ එකක් දෙකක් තිබීම හෝ නොපෙනීම තිබීම) හෝමෝන පරීක්ෂණයේදී මේ බව තහවුරු වේ. ඇන්ටිමුලේරියන් හෝමෝනය ඉතාම අඩු මට්ටමකටත් Follicle-Stimulating Hormone (FSH) ඉහළ යෑමක් දැකිය හැකියි. එවිට ඩිම්බ මෝරන්නේ නැත. ඒ ඩිම්බකෝෂයේ ඩිම්බ නැති නිසයි.
නාළ අවහිරතා
නාළ අවහිරතා ඇතිවීමට හේතු ගණනාවක්ම බලපායි.
* ඇතැම් විට එය උත්පත්තියෙන්ම ඇතිවන්නක් විය හැකියි.
* එසේත් නැතිනම් ඩිම්බකෝෂ සහ පැලෝපීය නාළ අතර යෝනි මාර්ගයේ ඔස්සේ ගිය ආසාදනයක්
* සමාජ රෝග තත්ත්වයන් නිසාත් ඩිම්බකෝෂ සහ පැලෝපීය නාළ අතර ආසාදනයන් ඇතිවේ. එම ආසාදනයන් සුව වී යන විට නාළ ඇලීම් සිදුවිය හැකියි. මෙම නාළ ඇතුළත ඩිම්බ සහ ශුක්‍රාණු ගමන් කිරීමට පක්ෂ්ම තිබේ. මේවා සිහින් කෙඳි කෙඳි වැනිය. ආසාදනයන් නිසා ඒවා විනාශ වී යයි. එසේ වූ විටත් එම නාළවල ක්‍රියාකාරීත්වය නැති වී යයි.
* එන්ඩ්රොමෙට්රියෝසිස් වැනි රෝග තත්ත්ව නිසා නාළ අවහිරතා සිදු වේ.
* පවුල් සැලසුමක් ලෙස LRT සැත්කම සිදුකළ අයගේ නාළ අවහිරතාවක් සිදු කරයි. ඒ අයත් යම් යම් හේතූන් මත(සැමියා මිය යෑම, එක් දරුවෙක් මිය යෑම, තවත් දරුවෙක් පිළිසිඳ ගැනීමේ අවශ්‍යතාව) මඳසරු සායන වෙත පැමිණේ.
* ගර්භාශ බිත්තිය හෙවත් ගර්භාශ ආශ්චරණය බෙදීමේ ගැටලු
* ගර්භාශයේ බිත්ති ඝනවීමේ තත්ත්වය
කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ මඳසරුභාවය පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
දීපානි ජාසිංහ