වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
ඔබට"එන්ඩොමෙට්රියොසිස්ද"?
කාන්තාවකගේ ගර්භාශයේ ඇතුළු ස්ථරය ( Endometriam) ගැලවී හෝ පාලනයෙන් මිදි එන්ඩොමේට්‍රියම් සෛල විශාල ගුණාකාරයකින් බෙදි ගර්භාශයේ හෝ ඉන් පිටත ස්ථාන ගතවීමයි.
රෝග ලක්ෂණ
* තද යටි බඩේ වේදනාව
(විශේෂයෙන් මාස්ශුද්ධිය දිනවල)
* ලිංගිකව එකතුවීමේදී වේදනාව
( Not Vaginismus)
* ගර්භාශයේ හැඩය වෙනස් වීම
* "චොක්ලට් සිස්ට්"
( Choklet Cysts )සෑදීම
හඳුනා ගන්නේ කෙසේද?
ඉහත ලක්ෂණ හා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් හෝ ලැපරොස්කොපි පරීක්ෂණයේ
උපද්‍රව මොනවාද?
රෝගයේ Stage එක අනුව වෙනස් වේ (1 st Stage 2 nd Stage 3---- etc)
* ගැබ් නොගැනීම
* නිතර ගබ්සා වීම
* අවට ඉන්ද්රයන්වල ක්‍රියාකාරකම්වලට
බලපෑම
* ලිංගික වේදනාව
* අනාගතයේ වෙනත් රෝගයකට පත්වීමේ ඉඩකඩ
(වකුගඩු (kidneys) හෝ මූත්රවාහිනි (Ureters) or Urethra or Bladder (මුත්‍රාශය) Bowels (බඩවැලවල්) හානිකර විය හැකියි.
කුමන වයස් කාණ්ඩවලට මෙම රෝගය සෑදේද?
විශේෂයෙන් වැඩිවියට පත්වු පසු කාන්තාවන්ට
මෙය සුවකළ හැකිද?
වෙනත් වෛද්යකර්මවලින් පාලනයක් පමණක් වුවත් ආයුර්වේදයෙන් නිට්ටාවටම සුව කළ හැකියි.
-----------------------
මොකක්ද මේ ෆයිබ්‍රොයිඩ්
මෙය කාන්තාවන්ටම පමණක් උරුම වූ රෝග තත්ත්වයකි.
මෙය ගර්භාශයේ Fibre Tissues (තන්තුමය පටක) හා මාංශ පේශි (Musse) වල අසාමාන්‍ය වර්ධනයක් ලෙස හට ගනියි.
ගර්භාශය ස්ථර තුනකින් නිර්මාණය වී ඇති අතර මැද ස්ථරයවු මයොමෙට්රියම විස්තාරණය වී ෆයිබ්‍රොයිඩ් ලෙස
බුබුළු ආකාරයෙන් හෝ ලොකු ගැටිත්තක සිට කිලෝ 3-4 ගෙඩියක් දක්වා ප්‍රමාණයෙන් ඇතිවේ.
* මෙය ගර්භාශයෙන් පිටතට හෝ ඇතුළට වර්ධනය විය හැකියි.
කුමන වයස් කාණ්ඩවලටද මෙය සැදෙන්නෙ?
* වැඩිවියට පත්වු පසු සිට වයස අවුරුදු 45-50 දක්වා කාලසිමාවේ
ඇයි ෆයිබ්‍රොයිඩ් සැදෙන්නෙ?
* ප්රවේණීගතව
* ඊස්ට්‍රජන් හෝමෝනවල අසමතුලිත බලපෑමක්
* විශාල උදරයක් පිහිටන කාන්තාවකට හෝ
* BMI දර්ශකය 30 ට වැඩි කාන්තාවන්ට
* එකම තැන සිට වැඩකරන බඩ එල්ලා වැටෙන (Soft) අයට
* වයස 30 -40 දක්වා දරුවන් නොසාදන කාන්තාවන්ට
* තම ලිංගික හැඟීම් යටපත් කරගෙනම සිටින( විශේෂයෙන් Orgasm , Climax ,සුරතාන්ත නොවන)
* මේ කිසිම හේතුවක් නැතුවද
මෙම රෝග තත්ත්වය සෑදීමේ ප්‍රවණතාවක් ඇත.
මෙහි රෝග ලක්ෂණ මොනවාද?
* කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමටද පුළුවන
* උදරය ඉදිරියට නෙරා ඒම
* යටි බඩේ වේදනාව
* අධික මාස්ශුද්ධිය
* ලිංගිකව එකතුවීමේදි අසාමාන්‍ය
වේදනාව
* මල බද්ධය
* මූත්‍රා අවහිරතාව
* එසේ අවහිරවීම නිසා වකුගඩු අකර්මණ්‍ය වීමකදි
මෙය හඳුනාගන්නේ කෙසේද?
* Ultra Sound Scan එකකදී
* යටි බඩ ස්පර්ශයකදි
(වෛද්‍යවරයකුට පමණක් තේරුම්ගත හැක)
* වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමකට යාමේදී කරන ස්කෑන් පරීක්ෂණයකදී
මෙම රෝගයේ බාහිර උපද්‍රව මොනවාද?
* දරුපල ප්‍රමාදය හෝ දරුපල අහිමිවීම
* ගර්භාශයට ආසන්න ඉන්ද්‍රියන්වලට වන තෙරපීම නිසා එම ඉන්ද්‍රියන්වල දුර්වලතා ඇතිවිය හැකියි.
සුවකළ හැක්කෙ කෙසේද?
බොහෝවිට ශල්‍යකර්මයක් (Operation) මඟිනි.
උපදෙස් -
නාරි හා ප්‍රසව විශේෂඥ
ආයුර්වේද වෛද්‍ය
සුදත් ගුණතිලක