වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
නිදාගෙන ඉද්දි අත් හිරිවැටෙන්නේ ඇයි?

ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණ පාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්,
කොළඹ - 10. එසේත් නැත්නම් ඔබගේ ගැටලුව
0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
නිදාගෙන ඉද්දී අත් හිරිවැටෙනවද? අත් හිරිවැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙලා ඇති. ඇතැම් විට හම ඇතුළෙන් පුපුරු ගසන ගතියක්, නැත්නම් තියුණු ඇල්පෙනෙති වලින් අනිනවාක් මෙන් දැනෙන සංවේදනයක් ඇති වෙන අවස්ථා ද තිබෙනවා. මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පැරෙස්තීසියා (paresthesia) යනුවෙනි. මෙය පරාවින්දනය ලෙසත් හැඳින්වෙනවා. මාංසපේශීවලට අධික තෙරපුමක්-පීඩනයක් යොමුවී ඇති විට මෙම සංවේදනයන් සාමාන්‍යයෙන් පූර්ව සංඥාවකින් තොරව හටගනී.
පරාවින්දන තත්ත්වය සිරුරේ අත් සහ කකුල් ඇතුළුව ඕනෑම ස්ථානයක හටගත හැකි තත්ත්වයකි. පූර්ව සංඥාවකින් තොරව ඇතිවිය හැකි තත්ත්වයක් වන අතර ස්නායු මත අඛණ්ඩව තෙරපුම ඇතිවී තිබීම එය උත්සන්න වීමට බලපායි. ක්ෂණයෙන් දුරු වී යන පැරෙස්තීසියා තත්ත්වය සාමාන්‍යයෙන් සෞඛයට හානිකර නොවන බවයි සැලකෙන්නේ. නමුත් එය නිරන්තරයෙන් මතුවේ නම් යම් සැඟවුණු රෝග තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් ලෙස එසේ හිරිවැටීම සිදුවනවා විය හැකිය.
අත් සිරුරට යටකරගෙන උදරය මත වැතිරී නිදාගැනීම, අත් හිසට යටින් තබාගෙන කොන්දට බරදී උඩු අතට හැරී නිදාගැනීම හෝ අත් අඹරවාගෙන පැත්තකට හැරී නිදා ගැනීම, ස්නායු වෙත අධි පීඩනයක් ඇතිකරවනසුලු දුර්වල නිදන ඉරියව් වේ. මෙම වැරදි නිදන ඉරියව් නිසා රුධිර ප්රවාහයට බාධා ඇතිවිය හැකි අතර ස්නායු පද්ධතිය පුපුරු ගසන සංවේදනයක් ඇතිකරවමින් ප්‍රතික්‍රියා කිරීමට පටන්ගනියි. මෙම සංවේදනය තමයි ඔබට කටු අනිනවාක් මෙන් දැනෙන්නේ.
උරහිස සිට වැළමිට දක්වා විහිදී ඇති රත්නීය ස්නායුව (ulnar nerve) හරහායි අපට අතට සංවේදනයන් දැනීමට සලස්වන්නෙ. මැණික්කටුව ප්‍රදේශයේ වේදනාව, අත මිට මෙළවීමේදි දුර්වල බවක් දැනීම සහ අතේ හිරිවැටීමක් ඇතිවීම රත්නීය ස්නායුව මිරිකී හෝ පීඩනයට ලක්වී තිබෙන බව පෙන්නුම් කරන ලක්ෂණ වේ.
විටමින් B12 ඌනතාවය ද මේ තත්ත්වයට හේතුවකි. ඒ නිසා මස්, මාළු, කිරි නිෂ්පාදන ශරීරයට ලබා ගන්න.
ආතතිය සහ කාංසාව නිසාත් මෙසේ ඇතිවිය හැකිය.
එහිදි සිරුරේ ඇතැම් කොටස්වල රුධිර ප්‍රවාහය වීම අඩුවීමත් සමඟ මෙසේ හිරිවැටීම් තත්වය ඇතිවේ. ආතතිය නිසා මාංස පේශී අධික පීඩාවට පත්වීම හේතුවෙන් ද මෙසේ සම පුපුරු ගසන වේදනාවක් ඇතිවිය හැකිය.
පැරෙස්තීසියා තත්ත්වය අවම කරගන්නේ කෙසේද?
ස්නායු තදවීමක් නිසා අත හිරිවැටුණු විට අත සම්පූර්ණයෙන්ම නිදාවැටී ඇතිවාක් මෙන් කිසිදු දෙයක් නොදැනෙන තත්ත්වයකට පත්වේ. පීඩනය දුරු වී ගිය වහාම අතේ සංවේදනයන් දැනීමේ හැකියාව යළි ලැබෙනවා. මෙහිදී ඔබේ අත් සෙලවීමට උත්සාහ කිරීමෙන් අත්වල රුධිර සැපයුම වැඩිකරගත හැකියි.
අත් ඉහළට හෝ දෙපසට සෙලවීම, උරහිස් චලනය කිරීම හරහා බෙල්ලේ පීඩනය අඩුවීම සහ ස්නායු ලිහිල්වීම සිදුවේ. ක්‍රියාශීලිබව අඩුකම මෙසේ අත් පා හිරිවැටීමට බලපාන තවත් හේතුවකි.
නිදන ඉරියව්ව නිවැරදි කරගන්න. සිරුරට යට වන සේ අත් තබාගෙන නින්දට යාමෙන් වළකින්න. මෘදු රුධිර ප්‍රවාහයක් ඇතිවන සේ නිදාගැනීමට යන විට වැළමිට ප්‍රදේශය ඍජුව තබාගන්න. හිසට යට කරගෙන නොව, සිරුරට දෙපසින් දෑත් තබාගෙන නිදාගන්න. එමඟින් අත්වලට ඇති රුධිර සැපයුමටබාධා ඇති නොවෙයි. වකුටු වී නිදාගන්නා ඉරියව්වෙන් නිදාගැනීම හිතකර නැත.
නිදාගන්නා විට wrist brace එකක් හෝ තුවායක් භාවිත කරන්න - splints හෝ wrist brace (මැණික්කටුුවට පලඳින විශේෂ පටියක්) වැනි මෙවලම් භාවිතයෙන් මැණික්කටුව නින්දේදී ඍජුව තබාගැනීමට ආධාරකයක් ලැබේ. එවිට නින්දේදී අත් නැවීයාම ගැන වද වෙන්නට අවශ්‍ය නැහැ. වැළමිට වටා තුවායක් ඔතාගැනීම මඟින් ද වැළමිට නැවීම වළක්වාගත හැකියි. නමුත් තදින් ඔතාගැනීමත් සුදුසු නැහැ.
දිනපතා ව්‍යායාම වල නිරතවන්න, ඉන් හෘද සෞඛ්‍යයට සහ රුධිර සංසරණ ක්‍රියාවලියට වඩාත් යහපත් ප්රතිලාභ හිමිවේ. විටමින් ඌනතා ඇතිවීම වළක්වාගැනීමට සහ ස්නායු වේදනා ඇතිවීම අවම කරගැනීමට හොඳ විටමින් පෝෂණයක් ලැබෙන ආහාර අනුභව කරන්න. ඒ වගේම වෙනත් සෞඛ්‍යමය ගැටලු ඇත්නම් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන්න.
හිරිවැටීමක් ඇතිවීම ආඝාත තත්ත්වයේ පූර්ව රෝග ලක්ෂණයක් ද විය හැකියි. එබැවින් පැරෙස්තීසියා තත්ත්වය සමඟ හිස කරකැවිල්ල ගතිය, අංසබාගය හෙවත් සිරුරේ පැත්තක් අප්‍රාණික වී ඇති බවක් දැනීම, කතා කිරීම අපහසුවීම, සමබරතාව ගිලිහීම සහ බරපතළ හිසරදය තත්ත්වයක් ඇති වෙයි නම් වහාම රෝහල් ගත වන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ