ෆැෂන් එකට පාර හැදෙන ෆිට්නස්

ජනවාරි 20, 2025

 

අපේ බාහිර පෙනුම කියන්නේ ඇත්තටම අපි ඕනෙම කෙනෙක් සෑහෙන්න හිතන දෙයක්නේ. ඒ කියන්නේ, පෙනුම නෙවෙයි ගතිගුණ තමයි වැදගත් වගේ කතන්දර ඇහුණට, ඇත්තටම පෙනුම ගැන උනන්දු වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද? අපි කෙනෙක්ව හරියට දැන අඳුනගන්නකොට පෙනුම කියන එක වැදගත් නොවී යන්න පුළුවන්. හැබැයි එහෙම වුණත්, ගොඩක් වෙලාවට මුලින්ම කෙනෙක්ව දකිනකොට වුණත්, කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවෙන හැඟීමට පෙනුම කියන එක සෑහෙන්න දායකත්වයක් දක්වනවා. පෙනුම ගැන කියනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ ඇඟ වුවමනාවට වඩා මහත් වෙලා කියන එකනේ.

 

ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් හොඳ ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා, පොඩ්ඩක් එක්සයිස් එහෙම කරලා, ඉවසිල්ලෙන් කටයුතු කළොත්, ශරීරයට තමන්ට ඕ‍ෙන ගාණට ආයෙමත් ගේන්න පුළුවන්. 

ඒත් ඉවසිල්ලෙන් ඉඳලා, ඩයට් එකත් කරගෙන ගිහිල්ලා, ජිම් ගිහිල්ලා, මාස හයක්, අවුරුද්දක් විතර ගිහිල්ලා ශරීරය ලස්සනට හදාගත්තා කියමුකෝ. දැන් ඇඟ ගාණට, අවශ්‍ය ප්‍රමාණයට, ෆිට් එකට, හැඩට තියෙනවා. ඉතින් ඊට පස්සේ?

 

ඊට පස්සේ තමයි ඇඟ ගැන තවත් වැඩියෙන් හිතන්න ඕනේ. ඇඟ හදාගත්තා වගේම, ලස්සනට පේන්න ඉන්නත් ඕනෙනේ. එතකොට ඇඟ හැදුණට, ලස්සන වුණාට විතරක් මදි. අපි ලස්සන වෙන්නත් ඕ‍ෙන. ඇත්තටම මේවා කරන්න නම් ඇඟ හදාගන්න කල් ඉන්න ඕනෙත් නෑ. හැබැයි ඇඟ හදන්න පටන් ගද්දිම ලස්සන ගැනත් ඉබේටම හිතෙන්න ගන්නවා.

 

මුලින්ම ගන්න හොඳ හෙයාර් කට් එකක්. විශේෂයෙන්ම තමන්ගේ අඩු වුණු ඇඟට ගැළපෙන විදිහේ හෙයාර් කට් එකක්. ඊට පස්සේ අත් පාවල නියපොතු කපලා, හොඳට පිරිසුදු කරලා තියාගන්න‍ ඕනෙ. මෙනික්‍යු පෙඩික්‍යු එකක් එහෙම කරගත්තටත් පාඩුවක් නෑ. ෆේෂල් එකක් එහෙමත් දැම්මට කමක් නෑ ඉඳලා හිටලා හරි.

 

මෙන්න මේක සෑහෙන්න වැදගත්. දැන් අපි ඇඟ මහත දෙහෙත කාලේ ඇන්දේ ඒ ඇඟට හරියන්න ඇඳුම්නේ. ඒවල ඉතින් එහෙමට ලොකු ෆැෂන් නැහැ. මොකද, ප්ලස් සයිස් වලට ගොඩක් වෙලාවට ෆැෂන් හොයාගන්න තියෙන ඉඩ අඩු නිසා. හැබැයි ගොඩක් මහතට ඉඳලා සෑහෙන්න ඇඟ අඩු කරගත්තු කෙනෙක්ට මහත කාලේ ඇඳපු තාලේ ඇඳුම් හරියන්නෙ නෑ. ඉතින් දුවලා ගිහිල්ලා තමන්ට ආස හිතෙන ඇඳුම් මිලදී ගන්න කලින් විනාඩියක් නැවතිලා හිතලා බලන්න. තමන්ට ඇත්තටම ගැළපෙන ස්ටයිල් එක මොකද්ද කියලා. ඒ කියන්නේ, තමන්ටම ආවේණික විලාසිතාවක්. සමහරු ඉන්දියන් විදියට කැමති වෙයි. සමහරු ෆන්කි විදිහට කැමති වෙයි. මේ මොකක් හරි, තමන්ගේ විදිහට ගැලපෙන ස්ටයිල් එක මොකද්ද කියලා හිතලා බලන්න වෙනවා.

 

මේ විදිහට බලද්දී විලාසිතාව සහ යෝග්‍යතාවය අතර තියෙන්නේ ඉතා ලොකු සම්බන්ධයක් කියලා ඔබටම තේරෙනවා ඇති. ඒ නිසයි Fashion and Fitness කියන්නේ සුන්දරම විදිහට එකිනෙකාට හමුවන ලෝක දෙකක් කියලත් කියන්නේ. “Fashion and Fitness ” කියන්නෙ කෙනෙක්ගේ ජීවන රටාවේ උඩින් ම තියෙන එක ඉලක්කයක් කියලත් කියන්න පුළුවන්.

 

"මට මෙහෙම අඳින්න ආසයි". "මට මේ ගවුම අඳින්න පුළුවන් නම් හොඳයි". "මම පාටි එකට මෙන්න මේ ඩ්‍රස් එක ගත්තා". "වෙඩින් එකක් තියෙනවා ඒ නිසා මේ ජැකට් එක අඳින්න ඕනෙ".

ඉතින් ෆැෂන් කියන්නෙම ඔයාගෙ ෆිට්නස් ගෝල් එකට යන්න තියෙන හොඳම මෝටිවේෂන් එකක් කිව්වොත් හරි.

 

ඉතින් ෆැෂන් සහ ෆිට්නස් හොඳින්ම කරන කෙනෙක්ගේ දකින්න පුළුවන් හොඳ පෙනුමක්. ඒ වගේම නිරායාසයෙන් ඇය නිතරම හොඳ හැඟීම්වලින් පොහොසත්. ඉතින් ඇඟට ගැළපෙන්න විලාසිතා කරන්න. මේ ඇඟේ හැඩය ලස්සනට තියාගත්තොත් තමා තුළ තියෙන විශ්වාසනීය මට්ටම ඉහළ නංවා ගන්න පුළුවන්. ඒ වගේම හොඳට ව්‍යායාම කරලා මේ විදිහට ලස්සනට හිටියොත් එදිනෙදා වැඩ කටයුතු ක්‍රියාශීලිව කරගෙන යන්න අවශ්‍ය ශක්තියත් ලැබෙනවා.

ඉතින් විලාසිතා සහ ව්‍යායාම මඟින් තමා තුළ විශ්වාසයක් ගොඩනැඟෙන නිසා තමා තුළ අාඩම්බරකාරි හැඟීමක් ඇතිකරනවා.

 

බර අඩු කර ගැනීමට වැඩ කරන ගමන් පෙනුම වගේම ලස්සන විලාසිතා කරලා සතුටු වෙන්න. ඉතින් ඒකට ඔබගේ ඉලක්කය සම්පූර්ණ වෙනකම්ම ඉන්න ඕනෙ නැහැ. ඔබ මේ මොහොතේත් ඒ සතුට ලබාගන්න පුළුවන්. ඉතින් නීරෝගිව සිටින්න, සතුටින් සිටින්න, හැඩැති සිරුරක් සමඟ ලස්සනට ෆැෂන් කරන්න බය වෙන්න එපා.

 

උපදෙස් -

ශරීර යෝග්‍යතා උපදේශිකා

මෙත්මා බිසේකා නානායක්කාර

 

විදුමිණි දිසාකරුණා

 

[email protected]

----------------------------

ඇඟේ හැඩය මනින BMI අගය

BMI අගය යනු ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු පුද්ගලයෙකුගේ උසට සාපේක්ෂව ඔහුගේ බර මැනීමයි. එය පුද්ගලයෙකුගේ මුළු ශරීර මේදය සෘජුවම මැනීමට වඩා දර්ශකයකි. BMI බොහෝ විට ශරීරයේ මේදය සමඟ සහසම්බන්ධ වේ. මෙයින් අදහස් කරන්නේ BMI අගය වැඩි වන විට පුද්ගලයෙකුගේ මුළු ශරීර මේදය වැඩි වන බවයි.

 

වයස අවුරුදු 20 ට වැඩි වැඩිහිටියන් සඳහා, BMI පහත දැක්වෙන කාණ්ඩවලට අයත් වේ.

 

* අඩු බර: BMI 18.5

* සාමාන්‍ය බර: BMI 18.5 සිට 24.9 දක්වා

* අධික බර: BMI 25 සිට 29.9 දක්වා

* තරබාරුකම: BMI 30 හෝ ඊට වැඩි ය.

 

BMI ගණනය කරන්නේ කෙසේද?

 

පුද්ගලයෙකු තුළ BMI ගණනය කරනු ලබන්නේ ගණිතමය සූත්‍රයක් භාවිත කිරීමෙනි.

සූත්‍රය නම් - BMI = (බර කිලෝග්‍රෑම් වලින්) බෙදනු ලැබේ (උස වර්ග මීටරයේ උස)

 

අවදානම්සහගත BMI අගයයන් නිසා සෞඛ්‍යයට අදාළ ගැටලු මොනවාද?

 

අධි රුධිර කොලෙස්ටරෝල් හෝ වෙනත් ලිපිඩ ආබාධ, දෙවැනි වර්ගයේ දියවැඩියාව, හදවත් රෝග, ආඝාතය, අධි රුධිර පීඩනය, සමහර පිළිකා, පිත්තාශයේ රෝගය, නින්දට යාම සහ ගෙරවීම, නොමේරූ මරණය, ඔස්ටියෝ ආතරයිටිස් සහ සන්ධි රෝග වැනි තත්ත්වයන්ට ගොදුරු වේ.