වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
Doctor Door
ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යනවිට දී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
රෑ දහඩියට විසඳුමක්
පිළිකාව, වකුගඩු ආබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි ලෙඩ රෝග වර්තමාන සමාජය තුළ සුලබව දක්නට ලැබෙනවා. මිනිසා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම සහ විවිධ ජානමය හේතු එවැනි ලෙඩ රෝග ඇතිවීමට හේතු වෙනවා. එලෙස වැළඳෙන ලෙඩ රෝග හේතුවෙන් වසරකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවනවා. එහිදී ඉහළ මරණ ප්‍රතිශතයක් වාර්තා වන රෝග අතරට පිළිකා ද අයත්.
ලංකාවේ සුලබ පිළිකා වර්ග අතරින් “ලේ පිළිකා” හෙවත් ලියුකේමියාව භයානක රෝගී තත්ත්වයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා. ලියුකේමියාව නිසා මේ මොහොත වෙනකොට කවුරුමහරි කෙනෙක් ජීවිතයෙන් සමු ගන්න ඇති. රෑට අධිකව දහඩිය දැමීම කියන්නේ ලියුකේමියාවේ එක් රෝග ලක්ෂණයක් පමණයි. එහෙත් අපි ඒ ගැන තරමක් අවධානයෙන් සිටීම වැදගත්.
ඇටමිදුළුවලින් තමයි අපේ රුධිරයේ තිබෙන රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවෙන්නේ. එතකොට ඇටමිදුළු තුළ තියෙන නොමේරූ රුධිර සෛල වර්ධනය වෙලා රුධිරය නිපදවීම් සිදු වෙනවා. නමුත් මේ තත්ත්වයේදී නොමේරූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා කරනවා. එතැනදී නොමේරූ රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා ලියුකේමියාව කියන පිළිකා රෝගය ඇතිෙවනවා.
මෙම රෝගයේ තවත් රෝග ලක්ෂණ තිබෙනවා. සම මත දම් හෝ රතු ලප, ඉදිමුණු වසා ගැටිති, ඉරුවරාදය, අස්ථි වේදනාව, සුදුමැලි සම, තෙහෙට්ටුව සහ කෑම අරුචිය, රුධිර පට්ටිකා අඩු වීම, විදුරුමස් ඉදිමීම, රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමීම, උණ සහ හතිය, විදුරුමස්, නාසය හා මූත්‍රා මාර්ගයෙන් ලේ ගැලීම සහ අක්මාව සහ ප්ලිහාව ඉදිමීම එහි ප්‍රධානම රෝග ලක්ෂණයි.
රෝගය හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ කිහිපයක්ම පවතියි. FBC, Blood Picture, Bone Marrow Biopsy, Flow cytometry පරික්ෂාව, MRI, X Ray සහ CT Scan යන පරීක්ෂණවලින් මේ තත්ත්වය හඳුනාගත හැකිය.
ලියුකේමියා රෝගය වැළඳුණු පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම බොහෝවිට සිදුකෙරෙන්නේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලෙන්. එම රෝහලට ඇතුළත් කරන රෝගීන්ට ලියුකේමියා නාශක ඖෂධ ලබාදෙනවා. එසේම රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ද ලබාදීම සිදුකරනවා. ඊට අමතරව ඇටමිදුළු බද්ධය නම් සාර්ථක ප්‍රතිකාර ක්‍රමය මඟින් ලියුකේමියා රෝගීන්ව සුව කළ හැකියි.
බඩ පිපෙන අය කියවන්න
උදරය වාතයෙන් පුරවා දැමීම නිසා ඇතිවන බඩ පිපුම තත්ත්වයට ඔබත් මුහුණදීලා ඇති. ගොඩක් වෙලාවට එදිනෙදා කටයුතුවලදී මේ තත්ත්වය නිසා අපහසුතාවට පත්වෙනවා.
බඩ පිපුමට විවිධ හේතු බලපෑ හැකිය. ඒ අතර
ඇට වර්ග, තෙල් මිරිස් අධිකව යෙදූ ආහාර, කිරි ආහාර, සකස් කරන ලද වාතය කෝපවන ආහාරපාන අධිකව ලබාගැනීම. වේගයෙන් ආහාර ගැනීම, තද පිටි කෑම, අධික ප්‍රමාණයක් ආහාර ගැනීම, දේශයට, කාලයට සෘතුවට අනුගත නොවන ආහාරපාන ගැනීම වැනි අවිධිමත් ආහාර රටා අනුගමනය කිරීම, ආතතිය සහ අධික වෙහෙස නිදි වැරීම සහ මල මූත්‍රා අපහසුතා දිගු වේලාවක් දරාගෙන සිටීම හේතු විය හැකිය.
මේ රෝග තත්ත්වය ආශ්රිත වෙනත් රෝග ලක්ෂණ ද මතු විය හැකිය. එහිදී ආහාර නොදිරවීමෙන් ඇති වන බඩ පිපුමේදී උදරයේ පිම්බුණු ස්වභාවය, ශාරීරික අපහසුව, උදර වේදනාව, ගුදය මඟින් වාතය පිටවීම, උගුරට ඒම, පපුව හිර කරන ස්වභාවය දැකිය හැකිය. හරිහැටි මලපහ පිට නොවීම නිසා ඇති වන බඩ පිපුමේදී
යටි බඩ ප්‍රදේශයේ වේදනාව, කොන්ද කැක්කුම, ශාරීරික අපහසුව සහ වමනය ලක්ෂණ දැකිය හැකිය.
මල බද්ධයට හරස් වන ආහාර (එළවළු හා පලතුරු ආදී) බහුලව ගැනීම සහ ජලය වැඩියෙන් පානය කිරීම මඟින් ද මෙම තත්ත්වය පාලනය කළ හැකිය. පැපොල් වැනි පලතුරු වඩා ගුණදායකය.
පැපොල් තුළ අඩංගු පැපේන් නම් එන්සයිමය ආහාර දිරවීමට උදව් කිරීම මඟින් ද, පිපිඤ්ඤා සහ කැකිරි ආදියෙහි අඩංගු කැෙරසිටින් නම් ෆ්ලේවනොයිඩ් ගුණයේ ප්‍රතිඔක්සිකාරකය ඉදිමුම අඩු කිරීමට සමත් වීම හේතුකොට බඩ පිපුමට හරස් වෙයි.
හිසේ කැක්කුමට කදිම සහනයක්
හිසරදය සහ තෙහෙට්ටුව කියන්නේ ඇඟට හරිම අපහසු, අපේ එදිනෙදා වැඩවලට බාධා කරන දේවල්.
අපි ගොඩක් වෙලාවට හිතනවා මේ දේවල් ඇති වෙලා තියෙන්නේ වැඩ වැඩි වීම නිසා කියලා. නමුත් මේවාට වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වෙන්නත් හිතන අවස්ථා අඩුයි. මේ ගැටලුවලින් මිදීමට ශරීරයට ලබා ගත යුතු පෝෂක වර්ග කිහිපයක්ම තිබෙනවා.
මැග්නීසියම් අවම වශයෙන් අපේ ශරීරයේ රසායනික ක්‍රියාවලීන් 300ක් සඳහාවත් අත්‍යවශ්‍ය වෙනවා. ආහාර ශක්තිය බවට පත් කිරීමටත් ඇමයිනෝ අම්ල වලින් නව ප්‍රෝටීන් සෑදීමටත් මැග්නීසියම් උපකාර වෙනවා. ඒ නිසයි කාංසාව, තෙහෙට්ටුව, මානසික ආතතිය සමඟ සටන් කිරීමට මැග්නීසියම් උපකාර වෙන්නේ. මැග්නීසියම්, ඉරුවාරදය සහ නිතර ඇතිවන හිසරදයට පිළියම් කරනවා. මැග්නීසියම් ප්‍රමාණය අඩු වීම නින්ද නොයාමටත්, මානසික ආතතිය ඇති වීමටත් හේතු වෙනවා.
නිවිති, රටකජු, කජු ආදී ඇට වර්ග, දුඹුරු සහල්, පරිපූර්ණ ධාන්‍යමය පාන්, මාළු, බිත්තර සහ අලිපේර වැනි ආහාරවල මැග්නීසියම් යහමින් අඩංගුය.
රුධිරය කැටිගස්වමින් රුධිරය ගලා යාම වළක්වන ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විටමින් K අත්‍යවශ්‍යයි. විටමින් K හිඟ වීම අධික ලෙස රුධිරය පිට වීමටත්, තැළීම් වැඩි කිරීමටත් හේතු වෙනවා. එමෙන්ම විටමින් K කැල්සියම් සමඟ එකතු වී අස්ථි වෙත ගමන් කර කැල්සියම්වලට අස්ථි ශක්තිමත් කිරීමට උපකාරි වෙනවා. විටමින් K ඌනතාව අස්ථි ඉක්මනින් බිඳී යාමට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා
විටමින් K බහුලව අඩංගු ආහාර වන බේසිල්, සේජ්, කොත්තමල්ලි කොළ, පාස්ලි, නිවිතිය, අබ කොළ, බීට්කොළ ආදි පලා වර්ග, එළවළු පලා වර්ග, ලූනු ගස්, සැල්දරි, ලෙටියුස් වැනි සලාද කොළ වර්ග, ගෝවා, ගෝවා මල්, බ්රොකොලි, පාක්චෝයි ආදි එළවළු වර්ග, රතු මිරිස්, රතු ගම්මිරිස්, සියැන් මිරිස් ආදී සැර කුළු බඩු, මහදුරු, ලීක්ස්, බණ්ඩක්කා, සෝයා ඇට, ඔලිව් තෙල් ආහාරයට එකතුකර ගන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ