වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඔබේ ගැටලුව අපට එවන්න

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගීකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩාවිඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩාවිඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් - කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ
නිතර ඇතිවන ඉක්කාවට පිළියමක්
ඉක්කාව ඇති කරන ප්‍රධානතම හේතුව වෙන්නෙ අධිකව පිරුණු උදරය. ඉක්මනින් අනවශ්‍ය තරම් ආහාර ප්‍රමාණයක් ගිල දැමීම, අධික මත්පැන් පානය හා අාමාශයේ හුළං පිරීම නිසා මෙහෙම උදරයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව උණුසුම් පානයක් ගැනීමෙන් අනතුරුව ඒ සමඟම ශීත කළ පානයක් ගැනීම හා මානසික ආතතිය හෝ අධික උද්වේගය වැනි තත්ත්ව නිසාත් ඉක්කාව ඇති විය හැකියි.
සාමාන්‍යයෙන් ඉක්කාවක ආයු කාලය වෙන්නෙ මිනිත්තු කීපයක ඉඳලා පැය කීපයක් දක්වා කාලයක්. පැය 48කට වඩා කාලයක් රඳාපවතින ඉක්කාවක් හඳුන්වන්නෙ persistent hiccups කියන පොදු නාමයෙන්. ඉක්කාවක් මාසෙකටත් වඩා කාලයක් තියෙනව නම් ඒකට කියනවා intractable hiccups කියලා. මේ වගේ ඉක්කාවකට පුළුවන් අපේ ජීවිතේ උඩුයටිකුරු කරන්න. අපේ නින්ද අවුල් කරලා දාලා සිරුරේ බර අඩු කරලා අපිව වෙහෙසට පත්කරන්න මේ වගේ දීර්ඝ කාලයක් පවතින ඉක්කාවකට පුළුවන් කියලා මතක තබා ගන්න.
වැදගත්ම දේ තමා, මෙහෙම දීර්ඝ කාලීනව පවතින ඉක්කාවක් කියන්නෙ සිරුරේ පවතින යම්කිසි දරුණු රෝගී ත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍යයි.
බොහොමයක් ඉක්කා තත්ත්ව මිනිත්තු කීපයක සිට පැය කීපයක් දක්වා කාලයකදී ඉබේම නැති වී යන නිසා විශේෂ ප්‍රතිකාරයකට යොමුවීම අවශ්‍ය වෙන්නේ නෑ. ඉක්කාව සුවකර ගන්න නිෙවසේදීම කර ගන්න පුළුවන් සරල ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා.
හුස්ම අල්ලාගෙන සෙමෙන් දහයට ගණන් කිරීම, ශීත කළ වතුර වීදුරැවක් වේගයෙන් පානය කිරීම, සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම වැනි ක්‍රම මඟින් මෙය පාලනය කළ හැකියි.
කාලීන ඉක්කාවකදී එය ඇති කරන හේතුව සොයා එයට ප්‍රතිකාර ලබාගැනීම කළ යුතු වෙනවා. මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ කළ යුතුයි. මෙහිදී වෛද්‍යවරයා විසින් නියම රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා යම් යම් පරීක්ෂණ සිදු කරනවා. ඉක්කාවට හේතුවිය හැකි බරපළ රෝගී තත්ත්ව රෝගීයාට තිබේ දැයි හඳුනා ගැනීමයි මෙම වෛද්‍ය පරීක්ෂණවල අරමුණ වෙනවා.