වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මොකක්ද මේ ඩවුන් සින්ඩ්‍රෝම්

මෙය ජාන විකෘතිතාවක් නිසා හටගන්නා තත්ත්වයකි. මිනිස් සිරුරක් නිර්මාණය වීම සඳහා මවගෙන් වර්ණදේහ 23ක් හා පියාගේ වර්ණදේහ 23ක් ලෙස වර්ණදේහ 46ක්, යුගල 23ක් ලෙස සැකසේ. වර්ණදේහ යුගලයක් වෙනුවට 21 වැනි වර්ණදේහය අමතර පිටපතක් ලෙස සෛල පද්ධතියට එකතුවීම නිසා වන ජාන ව්‍යාකූල තත්ත්වය ඩවුන් සින්ඩ්‍රෝම් නම් වේ. 21 වැනි වර්ණදේහය යුගල වෙනුවට අමතර පිටපත් තුනක් හෝ අමතර අර්ධ පිටපතක් ලෙස දැකිය හැකියි. සෑම දරු උපත් 700කටම මෙවැනි දරු උපතක් ඇතිවීමට පුළුවනි.
බාහිර ලක්ෂණ
මේ දරුවන් හැමවිටම සාමාන්‍ය දරුවන්ට වඩා වර්ධනයේ පසුගාමී බවක් පෙන්වයි. ඇතැම් දරුවන්ට සාමාන්‍ය බාහිර පෙනුමක් ඇතත් තවත් දරුවන් පහසුවෙන්ම ඩවුන් සින්ඩ්‍රෝම් බවින් යුතු දරුවන් බව පහසුවෙන්ම හඳුනා ගත හැකි වෙයි. මෙවැනි දරුවකු උපත ලබන විට සාමාන්‍ය ශරීර ප්‍රමාණයෙන් යුතු වුවත් සාමාන්‍ය දරුවකුට වඩා සෙමින් වර්ධනය වේ. පැතලි මුහුණ, කෙටි බෙල්ල, හිස සහ කන්වල විශාලත්වය අඩුවීම, දිව ඉදිරියට නෙරීම, අසාමාන්‍ය හැඩැති කන් ඇතැම් දරුවන්ගෙන් බාහිරින් දිස්වේ.
රෝගාබාධ
බොහෝ විට ඔවුන් හෘද රෝග, ශ්වසන රෝග, අක්ෂි ආබාධ, ශ්‍රවණ ආබාධ ඇතුළු නොයෙකුත් තත්ත්වයන්ගෙන් පෙළෙයි.
මෙවැනි දරුවන් කිසිසේත්ම කොන් කිරීම, හුදකලා කිරීම නොකළ යුතුයි. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි.
ආයු කාලයේ වැඩිවීමක්
අද වන විට ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයන්ගේ ආයු කාලය වැඩිවී තිබේ. මීට දශක දෙක තුනකට පෙර අවුරුදු 25කට තිබූ ආයු කාලය අද වන විට අවුරුදු 60ක් දක්වා පමණ වැඩිවී තිබේ.
මවගේ හා පියාගේ වයස
මවගේ වයස වැඩිවීම හෙවත් අවුරුදු තිස්පහට වැඩිවීම පියාගේ වයස අවුරුදු හතළිහට වැඩිවීම ඇතැම් විට ඩවුන් සින්ඩ්‍රෝම් දරුවකු ලැබීමට අවස්ථාවක් විය හැකියි. එවැනි පවුල් ඉතිහාසයක් ඇති අයටත් මෙම රෝගය බලපෑම් කරන්නට පුළුවනි. ගර්භිණී සමයේ මව හෝ පියා කළ කිසිවක් (ගබ්සා කිරීමට උත්සාහ කිරීම) මේ සඳහා බලනොපායි.