වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
හිතුමතේට ඩයට් කරන්න එපා

සිහින් හැඩැති සිරුරක් පවත්වාගැනීම කාන්තාවන් බොහෝ දෙනකුගේ සිහිනයක්. නමුත් වර්තමානයේ පවතින කාර්යබහුල හා යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් බහුතරයක්ම තමා බලාපොරොත්තු වන ශරීරයේ හැඩය අහිමිවීම නිසා මානසිකව පීඩා විඳිනවා. ඒ නිසාම ඔවුන් හිතුමතේ විවිධාකාර ආහාර පාලන ක්‍රමවලට නැඹුරු වී සිටින ආකාරය සුලබව දක්නට ලැබෙනවා.
විශේෂයෙන් ඇතැම් ෆේස්බුක් සමූහයන් හරහා ආහාර පාලන ක්‍රම පිළිබඳව සුලබව ප්‍රචලිත වීමත් සමඟ කාන්තාවන් අතර “ඩයට් කිරීම” එහෙමත් නැත්නම් “ආහාර පාලනය” ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා අවසන්. ඒ නිසාම අපි හිතුවා ඩයට් කිරීම හෙවත් ආහාර පාලනය ගැන වැඩිදුරටත් කතා කරන්න.
මොකක්ද මේ “ඩයට්” කියන්නේ?
ආහාර කියන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතාවක්. මේ අවශ්‍යතාව සපුරාගැනීමට ප්‍රාථමික යුගයේදී පවා මිනිසාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූවා. මනුෂ්‍යයා ආහාර ලබාගැනීමට ජීවත් වුණා මිසක, ආහාර පාලනය කිරීමට පුරුදු වී සිටියේ නැහැ. නමුත් වර්තමාන ජීවන රටාව හමුවේ ආහාර පාලනය ශරීරයට අත්‍යවශ්‍ය කාරණයක්. කාර්යබහුල ජීවන රටාව හමුවේ කාන්තාවන්ට සිය ශරීරයේ හැඩය පවත්වා ගැනීම ඇත්තටම අභියෝගයක් වෙලා. මේ නිසාම පහසුවෙන් ළඟාවිය හැකි ඩයට් ප්ලෑන්වලට නැඹුරුවීමක් අද වන විට දකින්නට ලැබෙනවා.
ඩයට් කිරීමේ වාසි?
ඩයට් කිරීම කෙසේ වෙතත් විටින්විට කෑම පාලනය කිරීම නම් වැදගත්. කෙනකු ආහාර නොගෙන සිටින විට ආහාර ගත් විටදී මෙන්ම මොළයට මෙන්ම සිරුරට ලබාගත හැකි වාසි ගණනාවක් තිබෙනවා. අප ආහාර ගන්නා විට රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. අමතර සීනි මේදය වශයෙන් තැන්පත් වෙනවා. අප ආහාර ගන්නා විටදී වාගේම අප ආහාර නොගෙන සිටින විටද සිරුරේ වෙනස්කම් රැසක් සිදු වන අතර
ඉන් ප්‍රධාන වෙනස්කමක් වන්නේ රුධිරයේ අඩංගු එන්සයිම මට්ටම පහැදිලි ලෙසම පහළ බැසීමයි. එවිට සිරුරේ මේදය දහනය වීමට වැඩි ඉඩක් ලැබෙනවා. මානව වර්ධන හෝමෝනය (Human growth hormone (HGH) levels) ද පුදුමාකාර ලෙස ඉහළ නඟියි. මේ හෝ්මෝනය ඉහළ යෑමෙන් මේදය දහනය කිරීම වේගවත් කරනවා. ඒ වාගේම මාංසපේශි වර්ධනයට ද ආධාර වෙනවා.
සෛලවල ප්‍රතිසංස්කරණ කටයුතු හොඳින් සිදු වෙයි. සෛලයේ අපද්‍රව්‍ය බැහැර කිරීම සෛල ප්‍රතිසංස්කරණට එක් උදාහරණයකි. අපේ සිරුරේ, තොරතුරු ගබඩා වී ඇති ඩීඑන්ඒ (DNA) වඩාත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම ආහාර විටින්විට නොගෙන සිටින විට වඩාත් හොඳින් සිදු වෙයි. බර වැඩි අයට බර අඩු කර ගැනීමට මේ පුරුද්ද ඉතා වටියි. විටින් විට ආහාර අඩුවෙන් ගන්නා විට දිගටම අඩු ආහාර වේල් ගණනක් ගැනීමට පුරුදු වන බවට මතයක් පවතියි.
බර අඩු කර ගැනීමට උත්සාහ ගන්නා අයට ඇති තවත් වාසියක් නම් ඒ පුරුද්දෙන් බර අඩු කිරීමට උදවු වෙන හෝ්මෝන උත්තේජනය වීමයි. මේ අප රටේත් දියවැඩියාවට ගොදුරු වන පිරිස එන්න එන්නම වැඩි වන කාලයකි. ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව අඩු කරන ඕනෑම දෙයක් දියවැඩියාවෙන් බේරී සිටීමට උපකාරී වෙයි. විටින්විට ආහාර නොගෙන සිටීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව අඩු වෙයි. දියවැඩියාවෙන් රැකවරණයක් ලැබෙයි.
මේ පුරුද්දේ තවත් යහපත් ඵලයක් වන්නේ වයස්ගත වීම, නිදන්ගත රෝග ඇති වීම අඩු වීමය. එපමණක් නොව ප්‍රදාහයන් ද වළකියි. ප්‍රදාහයන් හෘදයාබාධ, පිළිකා, ආඝාතය වැනි බොහෝ රෝග තත්ත්වයන්ට මඟපාදයි. රුධිරයේ සීනි මට්ටම වැඩිවීම, අධි රුධිර පීඩනය, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම (LDL), ප්‍රදාහයන් ඇතිවීම ඊට උදාහරණයි.
විටින්විට ආහාර පාලනය කරන්නන්ට පිළිකාවලින් වැළකී සිටීම ද පහසුය. ආහාර පාලනයේ වාසි මොළයට ද බලපායි. එමඟින් මොළයේ හෝමෝන මට්ටම වැඩි වෙයි. විෂාදය වැනි විවිධ මානසික රෝගාබාධ, ඇල්ෂයිමර් වැනි මොළයේ ගැටලු අඩු වෙයි. මොළයේ නව සෛල වර්ධනය වැඩි වෙයි.
හැමෝටම ඩයට් කරන්න පුළුවන් ද?
ශරීරයේ හැඩය අහිමි වීම, එහෙමත් නැත්නම් තරබාරු වීම ගැටලුවක් වන නමුත් යම් ප්‍රමාණයකින් ඔබේ ශරීරය මහත් වූ පමණින් වෛද්‍ය උපදේශයකින් තොරව ඩයට් ප්ලෑන්වලට යොමුවීම සුදුසු වන්නේ නැත. ඇතැම්විට ඔබේ ශරීරය තරබාරු වීම ආරම්භ වන්නේ තවත් රෝගයක ලක්ෂණයක් නිසා විය හැකියි. එසේත් නැතහොත් ඔබ ඔබේ සිරුරේ නිදන්ගත රෝග තවමත් හඳුනාගෙන නැති පුද්ගලයකු විය හැකියි. ඒ නිසාම වෛද්‍ය උපදේශයකින් තොරව සිදුකරන ඩයට් ප්ලෑන් අනුමත කළ නොහැකියි.
ඩයට් ප්ලෑන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒත් එක් එක් පුද්ගලයාගේ ශරීර ස්කන්ධය, උස, බර යන සාධක මත ඩයට් ප්ලෑන් එක තීරණය කරනවා. වෛද්‍ය උපදෙස් යටතේ ඩයට් ප්ලෑන් එකකට යොමු වූ අයෙක් නම් ඔබේ වෛද්‍යවරයා නිරාහාරව සිටිය යුතු කාලය මෙන්ම සුදුසු නුසුදුසු ආහාර පිළිබඳව ඔබව දැනුම්වත් කරයි. නිසි ඩයට් ප්ලෑන් එකක් අවබෝධයෙන් යුතුව තෝරා නොගැනීමෙන් ඔබට ජීවිතය පවා අහිමිවීමේ අවදානමක් ද පවතිනවා. ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම සෞඛ්‍ය තත්ත්වය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යෑමට වැදගත්. නමුත් ඊට පෙර ඔබේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සහ අඩු කරගත යුතු බර ප්‍රමාණය පිළිබඳ සුදුසු වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම කළ යුතුයි.
ඩයට් කිරීමේ අතුරු ආබාධ
ආහාර පාලනය කිරීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇත. ශීඝ්‍රයෙන් බර අඩු කරගැනීමෙන් ශරීරයට අහිතකර සෞඛ්‍ය තත්ත්ව නිර්මාණය වීමට හේතු වෙයි. ඒවා අතර, ආත්ම තෘප්තිය හීන වීම, ආහාර ගැනීමේදී ඇතිවන අහිතකර බලපෑම, ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොමැති වීම, පෝෂණ උෟණතා, මස්පිඬුවල ගැටලු, නිදන්ගත රෝග උත්සන්න වීම, හෘද රෝග ඇතිවීම සහ මඳසරුභාවය වැනි ගැටලු ඇතිවිය හැකියි.
හිතුමතේ ආහාර පාලනය කිරීම නිසා ඔබ දැනට පවත්වාගෙන යන සෞඛ්‍ය මට්ටමෙන් පහළ සෞඛ්‍ය තත්ත්වයකට පත්වීමට බොහෝදුරට හැකියාව ඇත. ඒ වගේම හිතුමතේ ඩයට් කිරීම බොහෝ රෝගවලට අතවැනීමක් බව සිහි තබාගැනීම වැදගත් වේ. නිසි වෛද්‍ය උපදෙස් යටතේ ඩයට් කිරීමෙන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීම වැදගත් බවත් මෙහිදී කිව යුතුමය.
උපදෙස් -
ශරීර යෝග්‍යතා උපදේශිකා
මෙත්මා බිසේකා නානායක්කාර