වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
නම්‍යශීලි ශරීරයකට Stretching

කාර්යබහුල ජීවන රටාවත් සමඟ මිනිසුන් බොහෝ සෙයින් මානසික රෝගවලට ගොදුරු වන අතරම එයින් බොහෝ පීඩාවට පත්වේ. එමෙන්ම සාමාන්‍ය ජීවන රටාවන් අවුල් වියවුල් වීමටත්, ජීවිතය වින්දනය කිරීම වෙනුවට විඳවීමට සිදුවීමත් එහි අතුරුපල වේ. එහෙයින් කායික සුවතාවය මෙන් ම මානසික සුවතාවයත් එකම තරාදියක තැටි දෙක මෙන් සෑම විටම සමබරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. කායික සුවතාවය පවත්වා ගැනීමට නොයෙකුත් ආකාරයේ ව්‍යායාමවල නිරතවීමට මිනිසුන් පුරුදුව ඇති අතර මානසික සුවතාව සඳහා ද ව්‍යායාම ඉතා වැදගත් වේ.
Stretching කියන්නේ ඕනෑම කාන්තාවකට පහසුවෙන්ම කළ හැකි ව්‍යායාමයක්. එය එක්තරා විදිහකට ශරීරය ඇදීමකට ලක් කරන ව්‍යායාමයක් කියලත් කියන්න පුළුවන්.
මෙමඟින් ශරීරයේ නම්‍යශීලි බව වැඩිදියුණු කොට මාංසපේශි තදබදයේ අවදානම අඩු කරයි. ඒ වගේම මාංසපේශී සහ සන්ධි සකස් කිරීමට උපකාරී වන නිසා තුවාල අවදානම අඩු කරයි.
Stretching හරහා රුධිර සංසරණය වැඩි දියුණු වන නිසා මාංසපේශිවලට රුධිර සැපයීම වැඩිදියුණු කරයි. එමෙන්ම ශරීරයේ කාර්යසාධනය වැඩිදියුණු කරයි.
මෙම ව්‍යායාමය කිරීමෙන් පසු මාංසපේශි ලිහිල් කිරීමට උපකාරී වන නිසා මාංසපේශීන් වල කැක්කුම සහ තද බව වැළැක්වීමට උපකාරී ද මෙය වේ. ඒ වගේම මෙම ව්‍යායාම ඉරියව්ව අනෙකුත් ව්‍යායාම් ඉරියවු ප්‍රගුණ කිරීමට ද සහායක් ලබා දෙයි.
Stretching කිරීමට කාලය ගැනීමදී එම කාලය තුළ මානසික ආතතිය අඩු කර සමස්ත යහපැවැත්ම වැඩි කිරීමට උපකාරී ද වේ.
දැන් මෙය අරඹමු. පළමුව රූපයේ පරිදි පොළොවෙහි වැතිරී පාද සහ දෑත් උඩ ඔසවාගෙන දෑත්වලින් පාද අල්ලා ගන්න. එම ඉරියව්වේදී හිස මඳක් එසවී තිබිය යුතුයි. තත්පර 10 - 15ක් පමණ එම ඉරියව්වේම රැඳී සිටින්න. මෙහි යෙදෙන කාලය ක්‍රමයෙන් වැඩි කරන විට ප්‍රතිඵල ඉක්මනින් ලබා ගත හැකි වේ.
දෙවැනි ඉරියව්වේදී පොළවෙහි වැතිර වම් පාදය දණහිසෙන් නමා උඩට වෙන්න රඳවා තබා ගන්න. ඒ සඳහා අත් දෙක උපයෝගී කරගන්න. මෙම ඉරියව්වේදීත් උරහිස, කොන්ද සහ හිස මඳක් එසැවී තිබිය යුතු ය. මේ අාකාරයෙන් අනෙක් පාදයට මාරු වන්න.මෙය ක්‍රමයෙන් ප්‍රගුණ කරන්න.
stretching ව්‍යායාම කිහිපයක්ම තිබෙනවා.
1. Neck Stretch (බෙල්ලට)
• හිස එක පැත්තට නවලා සැහැල්ල්ලු ලෙස තබන්න (අනික පැත්තටත් කරන්න).
2. Shoulder Stretch (අත්වලට)
• අතක් උරහිසේ හරහා දිගු කර අත ඇඳෙන සේ සිටින්න. එය අනිකි අතෙන් එය තද කරකන්න
3. Chest Opener
අත් දෙක පසුපසට බැඳගෙන, මූණ ඉස්සරහට දමා පපුව විවෘත කරන්න.
4. Side Stretch
(අත පැත්තට දිගු කිරීම)
• අතක් උඩට එල්ලකරලා, ශරීරය
අතැර යන දිශාවට නමවන්න.
5. Quadriceps Stretch
(දෙපා ඇඟිලි)
• පාදය අතට ගෙන පසුපසට
බෙල්ල, තදින් දරා තබන්න.
6. Hamstring Stretch
• දෙපා ඉදිරියට දිගු කොට දෙපා
ඇඟිලි තුඩු අල්ලා සිටින සේ
ඉදිරියට නැවෙන්න.
7. Cat-Cow Stretch
• පූසෙක් හෝ බල්ලකු සේ ඉරියව්වෙන් සිටින්න. එම ඉරියව්වේදී එහිදී දෑත් මතට සහ උකුළ ප්‍රදේශයට බර යොදන්න.
ඒ වගේම මේ ව්‍යායාමය දවසේ ඕනෑම වෙලාවක කළ හැකිය. නමුත් ආහාර ගත් විගස මෙය කිරීමෙන් වළකින්න.
හෘද රෝග, අධික ලෙස අස්ථි දුර්වලතා සහිත අය මේ ව්‍යායාම ප්‍රගුණ කරනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසුයි. ඒ වගේම ගර්භිණී කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල