වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
දෙහි යුෂ පානයෙන් ලැබෙන ගුණ

1. පිපාසය සංසිඳුවන, සිරුරේ විඩාව නැති කරවන ඖෂධයක් වගේම වාත, පිත්ත, සෙම් නැති කරනවා. කෑම රුචිය වඩනවා, පණු රෝග නැති කරනවා.
2. උදෑසන දෙහි යුෂ මුසු මඳ උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
3. ශරීර උෂ්ණත්වය අඩු කිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝගා බාධ පාලනය කිරීමේ බලයක් ඇත.
4. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත.
5. සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරනවා.
6. ආහාර රස ගන්වනවා. ආහාරවල අඩංගු යකඩ පෝෂක උරාගැනීමේ හැකියාව තිබෙනවා. (කොළ මැල්ලුමට සලාදයට හැම විටම දෙහි යුෂ දමන්නේ ඒ නිසයි.)
7. දෙහි යුෂවල PH 2.00ක ඇති ආම්ලිකතාව නිසා, ආමාශගත වූ සැනින් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.
8. ජීර්ණ පද්ධතිය ආශ්රිත වමනය, පාචනය, ඉක්කා වැනි රෝගවලට දෙහි යුෂ ඉතා ගුණදායකයි.
9. සමේ සෛල පණ ගන්වා සම ආරක්ෂා කරනවා. කුෂ්ඨ, විසප්පු, ඉදිමුම්වලට ගුණදායකයි.
10. ස්වභාවික බ්ලීචිං එකක් ලෙස ක්‍රියාකරන නිසා දෙහි යුෂ පානයෙන් සම පැහැපත් කරගත හැකියි.
11. කුරැළෑ, ලප, කැළැල්වලට එරෙහිව ක්‍රියාකරනවා.
12. හිස්සොරි නිසා ඇතිවන ආසාදන සුව කරනවා.
13. දෙහි යුෂ හදවතට හිත කරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිර නාළවල මේද තැන්පත් වීමට එරෙහිව ක්‍රියාකරනවා.
14. අධික රුධිර පීඩනය හා ආශ්රිත හෘද රෝග පාලනය කිරීමේ ගුණයෙන් යුක්තයි.
15. කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කරනවා.
16. අමෙරිකානු දියවැඩියා සංගමය පවසන්නේ රුධිරගත සීනි පාලනය කිරීමේ හැකියාව ඇති බවයි.
17. දෙහි යුෂවලට සිරුරේ නිපදවන ග්ලූකෝස් එසැනින් උරාගැනීමට හැකියාව ඇත.
18. සිට්රික් අම්ලය ඇති නිසා මුත්‍රාශයේ ගල් දිය කිරීමේ ගුණය ඇත.
19. යුරික් අම්ලය ඇති නිසා සන්ධි ඉදිමීම් හා වේදනා පාලනය කිරීමේ ගුණය ඇත. ආතරයිටිස් රෝගීන්ට ඉතා ගුණදායකයි.
20. දෙහි යුෂ ලේ පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ බලයක් ඇති බව මෑතකදී කළ පරීක්ෂණයකින් වාර්තා කර ඇත.
21. අක්මාවේ මනා ක්‍රියාකාරිත්වයට විශේෂ සහයක් ලබාදෙන දෙහි යුෂ විෂ නාශකයකි.