Monday, December 8, 2025
Epaper
Home විශේෂාංගමිස් ද මිසිස් ද

මිස් ද මිසිස් ද

by Shanaka Lakehouse

විවාහ වනතුරු ගැහැනු ‘මෙනවිය හෙවත් මිස්’ ලෙස සමාජය හඳුන්වන අතර විවාහයෙන් පසු ‘මහත්මිය හෙවත් මිසිස්’ ලෙස හඳුන්වයි. පිරිමි විවාහයට පෙරත් පසුත් ‘මහතාය.’ මෙහි ඇත්තේ පුරුෂ මූලික සමාජය කාලාන්තරයක් පවත්වා ගෙන ආ අනන්‍යතා දේශපාලනයකි.

සමාජය පිරිමියාගේ විවාහක තත්ත්වය නොසලකා එකම විශ්වීය නාමයක් ලෙස සමාන ආකාරයට මහතා යැයි නම් කරති. එහෙත් තවමත් කාන්තාවට සමාජය ඉදිරියේ අනන්‍යතාවක් ලබා ගැනීමට තම විවාහක තත්ත්වය ඉදිරිපත් කළ යුතුය. එනම් තමන්ගේ පුද්ගලික තොරතුරු සියලු අනන්‍යතා ලේඛනවල පිරවිය යුතුය. හෙවත් ඇගේ විවාහය ඇය හැඳින්වීමේ කොටසක් බවට පත් කරයි.

මෙහි ඉතිහාසය ගත් විට ‘මිසිස්’ යන්න භාවිත වන්නේ කාන්තාවක් පිරිමියකුට අයත්ය යන්න පැවසීමටය. විවාහයට පෙර පියා යටතේත්, විවාහයෙන් පසු සැමියා යටතේත් විසිය යුතුය යන සාම්ප්‍රදායික මනුස්මෘති ආකල්පය මෙහිදී ද ක්‍රියාත්මක වේ. අපට අපගේ වාසගම තීරණය කළ නොහැකිය. එය අප ඉපදුණ විගස මවුපියන් විසින් තබනු ලබයි. මා පියාට අයිති බව හඟවන, ලෙස මා සංජීවනී රූපසිංහ වෙයි. විවාහයෙන් පසු සැමියාට අයිති බව හඟවන ලෙසට ‘මිසිස් කාරියවසම්’ විය යුතුය. එහෙත් මා නම් පෞද්ගලිකව එසේ වූයේ නැත.

අද වන විට ලෝකය විශේෂයෙන් විසිවැනි සියවසෙන් පසු ලෝකය විවාහක හෝ අවිවාහක ස්ත්‍රියට ‘මිස්’ යැයි පොදුවේ ඉංග්‍රීසි භාෂාවේ යොදයි. නමුත් එයට සිංහල නාම පදයක් තවම සකස් වී නැත. විවාහක නම් ‘මහත්මිය’ ලෙසද අවිවාහක නම් මෙනවිය ලෙසද හඳුන්වන පැරණි ක්‍රමයම තවමත් අපගේ භාෂා ව්‍යවහාරයේ පවතියි.

විවාහක හෝ අවිවාහක වුවද වැන්දඹු, දික්කසාද හෝ වෙන්ව ජීවත් වුවද කුමන සමාජ තත්ත්වයක් යටතේ වුවද ගැහැනියගේ එම පෞද්ගලික තත්ත්වයන් සමාජයේ උළුප්පා නොදක්වන ගෞරවනීය ආමන්ත්‍රණයන් ගැහැනිය සතු විය යුතු අතර ඇය ආන්තීකරණය නොකරන භාෂා ව්‍යවහාරයක් අප සතු විය යුතුය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?