Thursday, June 11, 2026
Epaper
Home විශේෂාංගස්මාර්ට් ගෘහිණියක් වෙන්න මාසික වියදම පිරිමහන්න

ස්මාර්ට් ගෘහිණියක් වෙන්න මාසික වියදම පිරිමහන්න

by Shanaka Lakehouse

ගෘහිණිය යනු නි‍ෙවසක රැජින යනුවෙන් පැරැන්නන්ගේ කියමනක් ඇත. නි‍ෙවසේ සමස්ත පරිපාලනය හැසිරවීමේ වගකීම ඇත්තේ ගෘහිණියකටය. ගේදොර වටාපිටාව පිරිසුදුව තබා ගෙන සිටීම, පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය වගකීම් ඉටු කරනවාට අමතරව සාර්ථක ගෘහිණියක් නි‍ෙවසේ මුදල් නිවැරදිව කළමනාකරණය කර ගැනීමටත්, මාසික වියදම් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම ද සිදු කළ යුතුය.

මෙලෙස නිසි පරිදි මාසික වියදම් කළමනාකරණය නොවුණහොත් ඒ නි‍ෙවසේ සාමය බිඳ වැටීමට එය ප්‍රධාන හේතුවක් වන්නේය. එබැවින් ගෘහිණියක් වශයෙන් සාර්ථක ලෙස නි‍ෙවසේ විය පැහැදම් පිළිබඳ මනා අවබෝධයක්, මනා පරිචියක් දැන සිටීම ඉතා වැදගත් වේ.

නි‍ෙවසේ මාසික වියදම ගතකළ මූලික වශයෙන් වියදම් කිරීමට සිදුවන්නේ අප පරිභෝජනයට ගන්නා ආහාර පානවලටය. වර්තමානය වන විට බොහෝ නිවෙස්වල ගෘහිණියන් ප්‍රමාණය නොදැන ආහාර සැකසීම සිදුකරයි. අතීතයේ ගැමි ජන ප්‍රජාව ආහාර සැකසීම අරපිරිමැස්මෙන් සිදු කළහ. ඔවුන් අතිරික්ත ආහාර කිසිවිටකදී අපතේ හැරියේ නැත. ඔවුන් ඔවුන්ගේ පාරම්පරික දැනුම තුළින් අතිරික්ත ආහාර කල්තබා ගැනීමට විවිධ ක්‍රම භාවිත කළේය. නමුත් අද සමාජයේ නවීන සම්ප්‍රදායට කොටුවූ ගෘහිණියන් තුළ මෙම ලක්ෂණය දැකගත නොහැකි වීම අභාග්‍යයකි.

අද බොහෝ ගෘහිණියන් උදෑසන, දිවා, රාත්‍රී ආහාර වේල් තුනම ආහාර පිසීම සිදුකරන නිසා, තමන්ගේ පවුලේ සාමාජික ප්‍රමාණයට සරිලන ආහාර ප්‍රමාණයට වඩා ආහාර පිසින නිසා දෛනිකව ආහාර අතිරික්තයන් නිවෙස්වල මුළුතැන්ගෙයින් බැහැර වෙයි. එමෙන්ම මාසිකව නි‍ෙවසේ ගෘහ මූලිකයා රැගෙන එන මාසික පඩිය අනවශ්‍ය ලෙස වියදම් නොකර අත්‍යවශ්‍ය දේවලවලට පමණක් වියදම් කිරීමට ගෘහිණිය පෙළඹිය යුතුය. නි‍ෙවසේ ප්‍රධාන අවශ්‍යතා වන ආහාර, බිල් ගනුදෙනු, දරුවන්ගේ වියදම්, ණය වාරික ඇත්නම් එම මුදල්, නිවාස කුලී වැනි නි‍ෙවසේ ප්‍රධාන මූලික අවශ්‍යතා සඳහා ප්‍රථමයෙන් මුදල් බෙදා වෙන්කර ගැනීම සිදුකළ යුතුය. ඉන්පසු ඉතිරි වන අතිරික්ත මුදල ද නිසි පරිදි අත්‍යවශ්‍ය උවමනාවන් සඳහා වියදම් කිරීම වඩා යෝග්‍ය වේ.

එමෙන්ම ළමයින් සඳහා මුදල් වියදම් කිරීමේදී ද ළමයාගේ අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් වියදම් කිරීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස දරුවාගේ සපත්තු කුට්ටමක් හෝ බෑගයක් හොඳ තත්ත්වය පවතින විට තවත් අලුතින් එම භාණ්ඩ දරුවාට රැගෙන නොදී පාවිච්චි කිරීමට හැකියාව ඇත්නම් දරුවාට එය පාවිච්චි කිරීමට ඉඩ ලබා දිය යුතුය. එමෙන්ම දරුවන්ට ද කුඩා කල සිටම ඉතිරි කිරීම, අරපිරිමැස්ම, මවුපියන් මහන්සියෙන් උපයාගෙන ඔවුන්ට රැගෙන දෙන සම්පත්වල වටිනාකම පිළිබඳව ඔවුන්ට නිරන්තරයෙන් ඒත්තුගැන්විය යුතුය. නැතිනම් ළමුන්ද මුදල් පිළිබඳව බරක් පතලක් නොමැතිව තම මවුපියන්ගේ මුදල් නිස්කාරණයේ වියදම් කිරීමට දෙවරක් නොසිතයි.

හැකි සෑමවිටම මුදල්වල වටිනාකම, ඉතිරි කිරීමේ වටිනාකම ආදිය පිළිබඳව දරුවාට ද තේරුම් කර දීම තුළින් ගෘහිණියක් වශයෙන් සාර්ථකව

නි‍ෙවසේ මුදල් කළමනාකරණය කරගත හැකිය. වත්මන් සමාජය තුළ බොහෝ ගෘහිණියන් තම නි‍ෙවසේ වැඩකටයුතු සිදුකිරීමට හැකියාව තමන්ට තිබියදී අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් කුලී මුදලට මෙහෙකරුවන් ගෙන්වා ගනිමින් නි‍ෙවසේ සුළු වැඩ කටයුතු පවා ඔවුන් ලවා සිදු කර ගනී.

ඇත්තෙන්ම එය අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමකි. ඇතැමුන් නිවෙස පිරිසුදු කර ගැනීමට පවා වෙනත් පුද්ගලයන්ට අනිසි ලෙස මුදල් ගෙවයි. ඒ වෙනුවට කම්මැළිකමෙන් තොරව තමන්ගේ නි‍ෙවසේ නඩත්තු කටයුතු තමා විසින්ම , තමාගේ පවුලේ සාමාජිකයන්ගේ සහයෝගයෙන් සිදු කරන්නේ නම් ඒ මුදල තමන්ගේ පවුල වෙනුවෙන් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙයි.

මේ අනුව නිවෙසේ අනවශ්‍ය වියදම් වලින් වැළකී, හැකි සෑම විටකම හරවත්, වැදගත්, අත්‍යවශ්‍ය දේවලට පමණක් වියදම් කරන්නේ නම් එය ගෘහිණියක් වශයෙන් තම පවුල සඳහා සිදුකරනු ලබන උතුම්ම පරිත්‍යාගයක් වන්නේය.

පවුලක මූල්‍ය ශක්තිය රඳා පවතින්නේ ගෘහිණියකගේ දක්ෂ කළමනාකරණය මතයි. මාසික වියදම් පාලනය කරගෙන, ඉතිරියක් සහිතව සතුටින් ජීවත් වීමට ඔබට උපකාරී වන ප්‍රායෝගික උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

මාසික අය වැය ලේඛනයක් (Budget) සකස් කරන්න

ඕනෑම දෙයක් සැලසුම් කිරීම සාර්ථකත්වයේ රහසයි. මාසය ආරම්භයේදීම ලැබෙන ආදායම සහ අනිවාර්යයෙන්ම කළ යුතු වියදම් ලැයිස්තුගත කරන්න.

ස්ථාවර වියදම්: නිවාස කුලී, විදුලි/ජල බිල්පත්, වාරික සහ පාසල් ගාස්තු.

එදිනෙදා වියදම්: ආහාර, ප්‍රවාහනය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය.

හදිසි වියදම්: අසනීප හෝ විශේෂ උත්සව සඳහා යම් මුදලක් වෙන්කර තබන්න.

අවශ්‍යතා සහ වුවමනා වෙන් කර හඳුනාගන්න

බොහෝ විට අප මුදල් නාස්ති කරන්නේ අවශ්‍ය දේට වඩා ආශාවන් වෙනුවෙනි.

අවශ්‍යතා: ජීවත් වීමට අත්‍යවශ්‍ය දේවල් (කෑම, බෙහෙත්).

වුවමනා: අත්‍යවශ්‍ය නොවන නමුත් ලබා ගැනීමට කැමැති දේවල් (අලුත් විලාසිතාවේ ඇඳුම්, නිතර පිටතින් ආහාර ගැනීම).

මතක තබා ගන්න: මුලින් අවශ්‍යතා සපුරාගෙන පසුව ඉතිරි මුදලින් වුවමනා දේ ගැන සිතන්න.

 

බඩුමිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න

ලැයිස්තුවක් සාදන්න (Shopping List): කඩයට යාමට පෙර අවශ්‍ය දේ ලැයිස්තුවක් ලියන්න. එවිට අනවශ්‍ය දේවල් මිලදී ගැනීම වැළකේ.

තොග වශයෙන් මිලදී ගන්න: හාල්, සීනි, පරිප්පු වැනි නරක් නොවන දේවල් මාසයකට සෑහෙන ප්‍රමාණය තොග වශයෙන් මිලදී ගැනීමෙන් මුදල් ඉතිරි කර ගත හැකියි.

වට්ටම් සහ දීමනා: සුපිරි වෙ‍ෙළඳසල්වල ඇති “Offers” පිළිබඳ අවධානයෙන් සිටින්න.

නාස්තිය අවම කිරීම

ආහාර කළමනාකරණය: උයන ආහාර අපතේ යාමට ඉඩ නොදෙන්න. ඉතිරි වන ආහාර නැවත ප්‍රයෝජනයට ගත හැකි ක්‍රම සොයන්න.

බිල්පත් පාලනය: අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි බුබුළු නිවා දැමීම සහ ජලය අරපිරිමැස්මෙන් භාවිතය මගින් මාසික බිල්පත් අවම කර ගත හැකිය.

ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජන ගන්න

කුඩා ඉඩක හෝ මිරිස්, කරපිංචා, නිවිති වැනි එදිනෙදා අවශ්‍ය දේ වගා කිරීමෙන් එළවළු සඳහා යන වියදම විශාල ලෙස අඩු කර ගත හැකිය. මෙය පිරිසිදු ආහාර වේලකට ද මග පාදයි.

ඉතිරි කිරීම පුරුද්දක් කරගන්න

වියදම් කර ඉතිරි කරනවා වෙනුවට මුලින්ම ඉතිරි කර ඉන්පසු වියදම් කරන්න. යන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න. කුඩා කැටයකට හෝ බැංකු ගිණුමකට දිනකට රුපියල් 50ක් හෝ දැමීම ආරම්භ කරන්න.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට මාසය අවසානයේ ණය නොවී, සැනසිල්ලේ සිටීමට හැකි වනු ඇත.

TEXT – ජීවන්ත ගුණවර්ධන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?