දෑතින් නිර්මාණය කරන ලද සුබ පැතුම්පත් වලට වෙළෙඳපොළෙි තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ ඒවා සාමාන්‍ය සුබ පැතුමකට වඩා ආදරය, කැපවීම සහ නිර්මාණශීලීත්වය පෙන්වන විශේෂ
ත්‍යාගයක් ලෙස සලකන නිසයි. ඒ අතරින් පේපර් ක්විලිං කලාව භාවිතයෙන් සාදන ලද සුබ පැතුම්පත්වලට වැඩි ඉල්ලුමක් ඇත්තේ ඒ කලාව ඉතා අලංකාර සහ ආකර්ෂණීයව මේ නිර්මාණවලට යොදා ගැනීමට හැකි වන නිසයි. මෙවර තරුණී තිළිණ කරන්නේ පේපර් ක්විලිං කලාවෙන් සැකසූ අපූරු නිර්මාණයකි.
ඉතිං ඔබත් ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවන්ට මතක සටහනක් එක්කරගන්න මෙවැනි සූබ පැතුම්පතක් සකසා තිළිණ කරන්න. ඒ විතරක් නෙවෙයි. පේපර් ක්විලිං කලාවට වෙළෙඳපොළේ ලොකු ඉල්ලුමක් ඇති නිසා මෙවැනි නිර්මාණ සකසා ව්‍යාපාරයක හිමිකාරියක් වෙන්නත් මෙය ඔබට අවස්ථාවක් කර ගත හැකියි.
අපි දැන් paper quillng සුබ පැතුම්පතක් සරලව සාදා ගන්නා ආකාරය බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය
0.4 mm ප්‍රමාණයට කපා ගත් A4 කොළ පටි
A4 බෝඩ් එකක්
කතුරක්
බයින්ඩර් ගම්
quillng ටූල් එකක්
ඩයි කට්
විෂ් ප්‍රින්ට් එකක් හෝ හිස් A4 කොළයක්
අවශ්‍ය නම් පබළු
කාඩ්පත සාදා ගැනීම
පළමුව බෝඩ් එක ගෙන එය දෙකට නවන්න.
දැන් පටියක් ගෙන ටූල් එකට එය රඳවා එය තදට හිටින සේ රෝල් කර ගන්න. පසුව හිමින් එය ලිහිල් කර පෙත්තක හැඩයට අතින් සාදා ගම් වලින් අලවන්න .
මෙලෙස ඔබට පෙති සාදා ගත හැකිය.
පෙත්තක වටේට වෙනත් පාටක් අවශ්‍ය නම් එය පින්තූර බලා හැඩ කරවා ගන්න.
දැන් සාදා ගත් පෙති මලක හැඩයට එකිනෙක අලවන්න.( අවශ්‍ය නම් පමණක් මැදට පබළුවක් අලවන්න) මෙලෙස මල් කීපයක් සාදා ගෙන නිර්මාණාත්මකව ඒවා රූපවල පරිදි අලවා ගන්න.
ඔබට මල වටා දැමීමට කොළ සාදා ගැනීමට අවශ්‍ය නම් පෙර කී ලෙස මල් පෙත්තක් ලෙස සකසා අලවා උඩින් නැමුමක් එක් කරන්න.
නැතිනම් කොළ ලෙස කපාගත් ඩයි කට් ඇලවිය හැකිය.
” සුබ උපන් දිනයක් වේවා ” යනුවෙන් බෝඩ් එකකට ප්‍රින්ට් කර නිර්මාණය සෑදිය හැකි අතර නැතිනම් එය අතින් ලිවිය හැකිය.
කාඩ් එකේ ඇතුළත විෂ් ප්‍රින්ට් එකක් ඇලවීම හෝ A4 පාට කොළයක් අලවා අතින් ඔබට ප්‍රකාශ කර යුතු දේ ලිවිය හැකි.
මෙලෙස ඔබට ඔබගේ හිතාදරයන්ට යැවීමට නිර්මාණාත්මක සුබ පැතුම්පතක් සාදා ගත හැක. විනෝදාංශයක් ලෙස හා අමතර ආදායමක් උපයා ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ.
TEXT – විදුමිණි දිසාකරුණා
