කෑම කාමරයට පලතුරු වට්ටියක්

ජූලි 29, 2024

 

ලස්සන අත්කම් නිර්මාණ කළ හැකි ආදරණීය ඔබට පිදෙන අනගි තිළිණයකි මේ. කතිර රටාවෙන් පලතුරු වට්ටියක් මෙලෙස ගෙත්තම් කරමු. ඇපල්, දොඩම්, අන්නාසි, මිදි පිරුණු මේ පලතුරු වට්ටිය කෑම මේසය සරසන මේස ඇතිරිල්ලට මෙන්ම කෑම මේසය අසළ බිත්තිය සරසන්නත් කදිමයි. නිර්මාණය අවසානයට මෙය සජීවි පලතුරු වට්ටියක් ලෙසින් දිස්වේවි. විශේෂයෙන් පුද බිමකට පූජා තිළිණයක් ලෙසින් වුව නිර්මාණය කළ හැකියි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්

අැති සුදු පැහැති අයිඩා

රෙදි කොටසක්

නොම්මර 18 සිට 26

දක්වා ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණයේ

කපු කැරැලි නූල්

කතුරක්

රාමුවක්

නිර්මාණය කිරීම

 

කතිර රටා එම්බ්‍රොයිඩරි කලාව කොටු ගණන් කරමින් ගෙත්තම් කළ හැකි බව ඔබ මේ වනවිටත් දන්නවා. එබැවින් කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. එහෙත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙදිය. මේ නිර්මාණය අඟල් 15 x 13.7 නිර්මාණයකි. එබැවින් අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදි භාවිත කිරීම යෝග්‍යයි.

විවිධ වර්ණයේ කපු කැරැලි නූල් භාවිතයෙන් ඉතාමත් සුන්දරව මේ පලතුරු ගෙත්තම් කළ හැකියි.

 

නිර්මාණය - යමුනා දර්ශනී