මොනරි වගේ හැඩට ඉන්න මෙන්න සාරි විලාසිතා

ජූලි 29, 2024

 

එකම සාරිය ඇඳලා එපා වෙලාද? මෙන්න විසඳුම. කොහේවත්, කා ළඟවත් නැති සාරියකින් හැඩ වී ඔබත් ඔෆිස් යන්න කැමැති අැති. එහෙමනම් මෙන්න ඒ සඳහා කදිම අදහසක්. පළමුව වෙළෙඳපො‍ෙළ් ඉතා අඩු මුදලකට ඇති කැමැති සාරියක් තෝරාගන්න. එයට මෙවැනි මෝස්තරයක් එකතුකර ගැනීමෙන් වැඩි වටිනාකමක් ලබාදිය හැකියි. ඔබේ යෙහෙළියන් පවා පුදුමයට පත්වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

සුදු, නිල්, දම් සහ කොළ පාට තීන්ත

කහ, කොළ පබළු,ගම්

සිල්ක් සාරියක්

නොම්මර 4 , 6 පින්සලක්

නිර්මාණය කිරීම

 

පළමුව ඔබ තෝරාගත් මෝස්තරය පොටට සහ පල්ලුවට කාබන් කොළයක් ආධාරයෙන් ඇඳගන්න. ඉන්පසු ෆේම් එකට කොටසක් තබා තද කරන්න. පළමුව තද පාට සාරියක් නම් සුදු යාන්තම් තවරා ගන්න. ඉන්පසුව පාට කීපයක් පින්සලට ගෙන බතික් වර්ණ ගන්වන ආකාරයට පේන්ට් කරන්න. හොඳින් වේළා ගන්න. සියලුම මල්, කොළ, පොහොට්ටු පාටකර ගන්න. අවසානයේ සුදු තීන්ත වලින් අවුට් ලයින් එකක් දමා ගන්න. ඉන්පසු නැවත සාරිය මේසය මත දිග හැර සුදුසු ගම් එකක් අාධාරයෙන් පබළු අල්ලා අලංකාර කරගන්න.

 

උපදෙස්

සාරි නිර්මාණ ශිල්පිනී

ශාමා දිලිනි