හරිම වළඳ තෝරගන්න

දෙසැම්බර් 2, 2024

 

මල නොබැඳෙන ලෝහ බඳුන්

 

සියයට සීයයක් මල නොබැඳෙන ලෝහ බඳුන් වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි. එහෙත් අවදානමක් නැත්තේ ද නැහැ. තඹ එක්කළ ලෝහ බඳුන් භාවිත නොකළ යුත්තේ ඒවා තෙල් සහ ආම්ලික ආහාර සමඟ ප්‍රතික්‍රියා කරන බැවිනි. මල නොබැඳෙන ලෝහ බඳුන් පමණට වඩා ඔප දැමීමට නිකල් යොදන අතර ඒවා උග්‍ර විස සහිතයි. මල නොබැඳෙන ලෝහ බඳුන් මිලදී ගැනීමේදී ක්‍රෝමියම් - නිකල් අනුපාතය දෙස බලන්න. නිකල් අනුපාතය අඩුවූ තරමට එය භාවිතයට හිතකරයි. අවාසනාවකට බොහෝ බඳුන්වල එක්ස් - වයි ලෙස සඳහන් කළ යුතු ක්‍රෝමියම් - නිකල් අනුපාතය සඳහන් කර නැහැ. ක්‍රෝමියම් එක්ස්වලින් (x) ද නිකල් වයිවලින් (y) ද සඳහන් කර තිබෙනවා.

 

ආහාර පිසින සෙරමික් බඳුන්

 

මේ බඳුන් නම් සියයට සියයක්ම වාගේ සෞඛ්‍ය ආරක්ෂිතයි. එහෙත් මේවා දුර්ලභයි වාගේම මිලෙන් ඉතා ඉහළයි.

 

යකඩ, පිත්තල, වීදුරු, ලෝකඩ බඳුන් සෞඛ්‍යයට අහිතකර නැති වුණත් බරින් වැඩිකමත් මල බැඳීමට ඇති ඉඩත් යකඩ බඳුන්වල ඇති අවාසියක්. මල බැඳුණු බඳුන්වල කෑම පිසීම සුදුසු නැහැ. පිත්තල බඳුන්වල කෑම පිසීමේදී ආහාරවල පෝෂ්‍ය ගුණයෙන් සියයට 93ක්ම සුරැකෙයි.

 

ඇලුමිනියම් බඳුන්වල කෑම පිසීමේදී පෝෂකවලින් ආරක්ෂා වන්නේ සියයට 13ක් පමණයි. වීදුරු බඳුන්වල ආහාර පිසීම ද හොඳ පියවරකි. මයික්‍රොවේව් උඳුන්වල පිසීමේදී වැඩි දෙනෙක් යොදා ගන්නේ වීදුරු බඳුන්. කන්සා ලෝහ නැත්නම් ලෝකඩ බඳුන් පෝෂකවලින් සියයට 97ක් සුරකියි. අවාසනාවකට මේවා වෙ‍ෙළඳපොළේ දක්නට ඇත්තේ අඩුවෙන්.

 

ආහාර පිසින බඳුන් වගේම පිසින ආකාරය ද අපේ සෞඛ්‍යයට බලපායි. ප්‍රෙෂර් කුකර් නැත්නම් පීඩන උඳුනේ පිසීමේදී වැදගත් පෝෂක බොහොමයක් (සියයට අනූවක් පමණ 90%) අහිමි වෙයි. බොහොමයක් පීඩන උඳුන් සාදා ඇත්තේ ඇලුමිනියම්වලින්. එයත් අවාසියක්.

 

මැටි බඳුන් ආහාර පිසීමට කදිමයි. පෝෂණ ගුණය සියයට සියයක්ම රැකෙන අන්දමින් මැටි බඳුන්වල කෑම පිසීමට හැකියි. මැටි බඳුන්වල පිසින කෑම රසයෙන් ද ඉහළයි.