ගණිත ගැටලු විසඳන්න

නව ඇප් එකක්
අගෝස්තු 14, 2019

දිනෙන් දින දියුණුවන තාක්ෂණය තුළ නිරන්තරව නව තාක්ෂණික මෙවලම් සහ ඇප් වර්ග ලෝකයට එකතු වෙනවා. තම දෛනික කටයුතු පහසුවෙන් කර ගැනිමට තාක්ෂණය තුළින් ඉටු වන්නේ මහඟු සේවයක්. ඒ නිසාමයි දැන් ස්මාට් ෆෝන් එක නැතුවම බැරි දෙයක් බවට පත්ව ඇත්තේ.

මේ කියන්න යන්නේ ස්මාට් ෆෝන් අතේ තියන අයට වැදගත් කතාවක්. බොහෝ දෙනා ස්මාට් ෆෝන් පාවවිවිච්චි කරන්නේ ෆේස්බුක් යන්නත්, ෆොටෝ ගහන්නත්, ගේම් ගහන්නත් පමණයි. මේ කියන්න යන්නේ එතැනින් නොනැවතී අද බොහෝ වැඩ ලේසි වෙන විදිියට ස්මාර්ට් ෆෝන් එක භාවිත කරන්න පුළුවන් වෙන විධික්‍රම කිහිපයක් ගැනයි.

දෛනිකව ඉතා විශාල වශයෙන් Android Play Store වෙත ඇප්ස් එකතු වෙනවා. මේවායින් බොහොමයක් ඔබ අපහසුවෙන් කරන කාර්යයන් පහසුවෙන් කර ගැනීමට උපකාරි වෙනවා. ඒවායින් වඩාත් ගුණාත්මක මට්ටමකින් යුතු සහ ප්‍රයෝජනවත් ඇප්ස් කිහිපයක් අදත් අප ඔබට හඳුන්වා දෙන්නේ ඒවායින් නොමිලේම ඉටුවන සේවාවන් නිසයි.

චලනය වන ඡායාරූප හදන්න

Enlight Pixaloop

සාමාන්‍ය, ස්ථිර ඡායාරූපවලට වඩා දැන් Trend  එක ඡායාරූපයේ එක් කොටසක් අඛණ්ඩව චලනය වන ආකාරයට සැකසීමයි. මේවා හඳුන්වන්නේ Cinemagraphs  කියායි. ඉතා පහසුවෙන් අහස, ජලය වැනි කොටස් තෝරා Animate  කරවීමට මෙම ඒනන එක මඟින් අවස්ථාව දෙන අතර හිම, වලාකුළු චලන, සමනල්ලු වැනි Overlays මඟින් ඊට තවත් පෙනුමක් එක් කරගත හැකි වෙනවා.

App එක විවෘත කළ විට  Tutorial එකක් මඟින් ඡායාරූප චලනය කරන ආකාරය කියා දෙනවා. අනතුරුව චලනය විය යුතු කොටස් (path)  සහ ඒ අතර ඇති නොසෙල්විය යුතු කොටස් (Anchor)  පවා අපට ලකුණු කිරීම පමණයි කළ යුත්තේ. ඉතිරි සියලු දේ App එක සිදුකර දෙනවා සකසාගත් නිර්මාණ Export  කරද්දී මෙහි සීමාවන් තිබුණත් වෙනත් Apps  වල මෙන් අඩු quality එකක් සහිත Gif  මින් නොලැබීම විශේෂයක්. මෙය බාගත කර ගැනීමට වැය වන්නේ මෙගා බයිට් 88 ක් පමණයි.

2019/08/14 තරුණි බලන්න

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක

උපදේශක