හැඩවෙන ලෝකයේ

සැප්තැම්බර් 4, 2019

වැඩ පහසු කරන ඒනන කිහිපයක්

 

නව තාක්ෂණය සමඟ සියලුම දේ Smart  වෙලා. Smart  වූ මේ සමාජයේ ජංගම දුරකථනය කියන්නේ මේ වන විට ආගන්තුක දෙයක් නොවෙයි. මේ සටහන කියවන මේ මොහොතේ පවා ඔබගේ අතෙත් ජංගම දුරකථනයක් තිබෙන තරමට එය සැමටම පොදු සාමාන්‍ය මෙවලමක් බවට පත් වෙලා.

 

නමුත් ඔබගේ ස්මාර්ට් ෆෝනය නිසි අවබෝධයකින් භාවිත කළොත් ඔබගේ දෛනික වැඩ කටයුතු පහසු කරනවා පමණක් නොව එයින් අමතර දැනුමක් ද ලබා ගත හැකියි. ඒ නිසයි ඔබගේ ස්මාර්ට් ලෝකය පහසු කරන ඇප්ස් කිහිපයක් මෙවරත් ඔබගේ දැනුම පොතට එකතු කරන්නේ.

ද ඕනෑම හැටියට මැනගන්න

Measure 

ඉංග්‍රීසියෙන් මැනීම හෙවත් Measure  යන වචනය මතක් කරන මේ App   එක ටිකක් පරණයි. මුදල්ගෙවා ලබාගත යුතු එකක්ව පැවති මෙය නොමිලේ ලබාගත හැකි ඇප් එකක් බවට පත්වූයේ මෑතකදීයි. යන යන තැන අඩිරූල් ඇතුළු කවකටු පෙට්ටියම අරගෙන යනවා වෙනුවට නිතරම ළඟ තිබෙන ෆෝන් එකෙන් පහසුවෙන් ඔබ අලුතෙන් හදන ගෙදර බිත්ති මැනගන්න වුවත් මේ App   එක උපකාර වෙනවා.

ටේප් එකක්, අඩිරූලක්, කෝණමානයක් සහ මුලු මැනීමට ගන්නා තලකෝණමානය මෙහි තනි ඇප් එකකින් පාවිච්චි කරන්න පුළුවන්.

10 cm සිට 300 m දක්වා දිග මැනීමට, රවුම් හැඩැති ගැටිති මඟහැර (කාමර ආදියෙහි) මැනීම් සිදුකිරීම, ලේබල් එක් කිරීම හා මිනුම් නැවත බැලීමට ඉචමඥ කළ හැකි වීම මෙහි විශේෂත්වයන් වෙනවා. මිටර් හෝ අඩි ලෙස ඔබට හුරු මිනුම් ක්‍රමයකින් අගයන් ලබා ගත හැකි නිසා තමන්ගේ පහසුව අනුව භාවිතයට ගන්න පුළුවන්.

Play Store වෙත පිවිස Measure ලෙස මෙය බාගත කර ගැනීමට පුළුවන්. එසේම මෙවැනි මිනුම් ලබාගන්නා App ගණනාවක්ම තිබෙන අතර ඉන් ඔබට ප්‍රයෝජනවත්වන App එක Downloadකළ හැකියි.

ද පහසුවෙන් වීඩියෝ සකසන්න

 

Youcam Video 
 

ඡායාරූප ගැනීම සඳහා ප්‍රසිද්ධ ඇප් එකක් වන Youcam Perfect  නිෂ්පාදකයන් විසින් ගෙන එන මෙය වීඩියෝ සැකසීමේ අරමුණ සහිතව නිෂ්පාදනය වූවකි. වීඩියෝ කිහිපයක් එක් කිරීම, ඡායාරූප මෙන් වීඩියෝවල කොටස් Crop  කිරීම, Trim කිරීම, ඡායාරූප රැසක් යොදා Time Lapse වීඩියෝ සැකසිය හැකිවීම, වේගය වෙනස් කරමින් Slow motion හෝ වේගවත් වීඩියෝ සැකසීම මෙහි මූලික ලක්ෂණ අතරට එක් වෙනවා. සැකසුම් Templates ලෙස තියාගත හැකි නිසා ඒවා නැවත වීඩියෝවලට යොදමින් සැකසිය හැකිවීම කාලය ඉතුරු කිරීමක්. වීඩියෝ සඳහා මෙහි Filters  යොදන්නට පුළුවන්. වර්ණ වෙනස් කරමින් වඩාත් වැඩි වින්දනයක් එක් කළ හැකි අතර, කැමරාව එතරම් හොඳ නැති දුරකතනයකින් පවා ඉහළ ගුණාත්මක බවකින් යුතු වීඩියෝ සකසන්නට මින් අවස්ථාව ලැබෙනවා.

 

 

 

2019/09/04 තරුණි බලන්න