හිත පිරෙන්න හිස සරසන අම්මා මවන විලාසිතා

මාර්තු 20, 2023

රෝස මලක් වගේ ඉන්න දෝණිට රෝස පැහැයෙන් ලස්සන හෙයා ක්ලිප් යුගලයකි. ඊටම ගැළපෙන ලෙස නිමවා ඇති හෙයා බෑන්ඩ් එක දෝණිව තවත් ලස්සන කරයි. මුද්‍රිත රිබන් යොදා ගෙන කරන මේ අත්කම් නිර්මාණය කරන්න ඉතා පහසු නිසා වැඩි වෙහෙසකින් තොරව නිර්මාණය කරගත හැකියි. ඉතිං දියණියව හැඩ කරන්න ආසාවෙන් ඉන්න ඔබත් මෙය නිර්මාණය කර බලන්න.

දියණියගේ ඇඳුමේ වර්ණයට ගැලපෙන ලෙසත් මේ හෙයා ක්ලිප් සහ හෙයා බෑන්ඩ් එක සකසා ගන්න පුළුවන්.

සමනල පියාපතක හැඩය ගත්

හෙයා ක්ලිප්

 

මුද්‍රිත හෝ තනි පැහැයෙන් සෙන්ටිමීටර් 2.5 හෝ ඊට වැඩි පළලකින් යුතු රිබන් කොටස් 2ක්

සෙන්ටිමීටර් 1ක් පළල රිබන් කොටස් 1ක්

කොණ්ඩා කටුවක්

ගම්

නූල්

 

පළමුව සෙන්ටිමීටර් 2.5ක් පළල රිබන් කොටස් අවශ්‍ය පමණ දිගට ගෙන දෙකෙළවර මැදට එන සේ තබා මසා ගන්න.

එසේ සකසාගත් රිබන් කොටස් 2 ‍රූපයේ දැක්වෙන පරිදි එක මත එක තබා හෝ එකට ළංකර තබා නූලකින් රඳවා ගන්න.

ඉන්පසු සෙන්ටිමීටර් 1ක් පළල රිබන් කොටස ගෙන නූල් රැඳවුම වැසෙන සේ තබා හොඳින් ඇලවෙන ගම් වර්ගයකින් අලවා ගන්න. එසේ සකසාගත් බෝ එක කොණ්ඩ කටුවට තබා අලවා ගැනීමෙන් අලංකාර කොණ්ඩ කටුවක් නිර්මාණය කරගත හැකියි. කැමැති ඕනෑම වර්ණයක් භාවිත කරමින් දියණියගේ ඇඳුමේ පැහැයට ගැළපෙන පරිදි මෙය නිර්මාණය කළොත් දියණිය පුංචි සමනලියක් මෙන් හැඩට පෙනේවි.

 

දෝණිව හැඩ කරන්න හෙයා බෑන්ඩ් එකක්

 

 

 

ප්ලාස්ටික් බෑන්ඩ් එකක්

කැමැති වර්ණයකින් රිබන් වර්ගයක්

ගම්

 

 

 

 

 

පළමුව බෑන්ඩ් එක කෙළවරෙහි හොඳින් ඇලවෙන ගම් වර්ගයක් ආලේප කරන්න. දැන් රිබන් එකේ කෙලවර බෑන්ඩ් එක මත තබා එතීමට පටන් ගන්න. එසේ එතීමේදී මඳක් ඇලකර ඔතා ගැනීමෙන් වඩාත් හොඳ නිමාවක් ලබා ගැනීමට හැකි වේ. එතීමේදී බුරුල් නොවන ආකාරයට එතීම කළ යුතුයි.

 

 

උපදෙස්

අමිලා ජයමිණි පෙරේරා

මල් සැකසුම් හා අත්කම් නිර්මාණ ශිල්පිනී

Pretty pink creations