නිර්මාණ හැඩකරන පත්තෑයා පටිය

ජූලි 15, 2020

රේන්ද කලාව ලාංකේය අපට ආගන්තුක නැත. ඒ නිසාම මුළු ලෝකයේම කාන්තාවන් අතර ජනපි‍්‍රය රේන්ද කලාව ඔබට හඳුන්වා දෙන්නේ දෑතේ හැකියාව ඔපමට්ටම් කරගන්නා අතර ඔබේ අත මිට සරුකර ගන්නට මඟක් කියන්නයි.

අප ඔබට පහදා දුන් ගෙතුම් කලාවේ පියවරයන්ම අනුගමනය කරමින් මේ රේන්ද කලාව හදාරන්නට පුළුවනි.

ගෙතුම් කලාවේ එක් අංගයක් වන්නේ මෙම රේන්ද කලාවයි.

ඔබ අඳීන ඇඳුම්වල අත් වාටි, යට වාටි, කර වාටි වගේම ඇඳුම මතට පවා විවිධ රේන්ද පටි එකතුකර ලස්සන කරගන්න පුළුවන්.

රේන්ද ගෙතීමේ දී රේන්දයේ ඝනකම අනුව ඕනෑම රෙදි මහන නූල් වර්ගයක් භාවිත කළ හැකියි. එහෙත් සිල්ක් නූල් භාවිත කරන්නේ නැහැ.

එමෙන්ම නූලේ ඝනකම අනුව කටුව තෝරාගත යුතුයි. අංක 0.00 සිට අංක 1.9 දක්වා කටු මේ සඳහා තිබේ.

රේන්ද කලාවට පිවිසීමට මුලින්ම දැනගත යුතු "පත්තෑයා පටිය" ගොතන ආකාරය අද පළමු පාඩම ලෙසින් පහදා දෙනවා. අංක 1 හා 2 රූප බලන්න.

 

උපදෙස්

වූල් ගෙතුම් හා නූල් රේන්ද ගෙතුම් නිර්මාණ ශිල්පිනී

කේ. එම්. දර්ශනී

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.