වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
අත් රහිත ඒ ලයින් ගවුමක හැඩ

ගවුම් විලාසිතාවලින් හැඩවෙන්න කැමැති යොවුන් ඔබ වෙනුවෙන් පිදෙන තරුණි ඇඳුමක් මසමු විශේෂාංගයයි මේ. අත් රහිත ඒ ලයින් ගවුම් විලාසිතාවක් වන මෙය හැඩකාර තරුණියකට නම් කදිමට ගැළපේවි.
මේ සඳහා තරමක් ඝනකම රෙදි තනි පැහැති රෙදි වර්ගයක් භාවිත කරන්න.
ඉදිරිපස පළුව
පළමුව මූලික ඉදිරිපස පළුව පිටපත් කරගන්න. එහි කර AB ලෙසත් උරහිස BC ලෙසත් අත් කට CD ලෙසත් ලකුණු කරගන්න. නැවත ඉණ EF ලෙස ගෙන E සිට පහළට උකුළ උස ගෙන G යොදන්න. G සිට තිරස් අතට උකුළ පළලට අඟල් ½ ක් එකතුකර ½ Y යොදන්න. E සිට අවශ්‍ය සාය උස ගෙන I යොදන්න. I සිට තිරස් අතට GH මිම්ම ලකුණු කර J යොදන්න. දැන් JHFD යාකර ගනිමින් පැත්තේ මැස්ම ඇඳගන්න.
උපදෙස්
ප්‍රවීණ මැහුම් උපදේශිකා
ෂර්මිලා රණවීර
2020/06/24 තරුණි පුවත්පත බලන්න.