හුදෙකලාවෙන් උපන් මෙසීගේ ආදරේ

දෙසැම්බර් 26, 2022

 

කුඩා කල පටන් මිතුරියක වූ Antonella තමාගේ පෙම්වතිය බව ප්‍රසිද්ධ මාධ්‍යයට messi විසින් ප්‍රකාශ කරනු ලැබුවේ 2009 වසරේදී සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වූ අවස්ථාවේදීය.

 

මේ වන විට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර කතාවන පාපන්දු කණ්ඩායම වන්නේ මීට දින කිහිපයකට පෙර ලෝක පාපන්දු කුසලානය දිනාගත් අංක එකේ කණ්ඩායම වන ආර්ජන්ටිනාව පිළිබඳවයි. එහෙත් මේ සියලු කතා මැද ආර්ජන්ටිනාවේ තනි තරුව වන්නේ Lionel messi ය. ඔහුගේ නම messi ගේ මාපියන් විසින් ඔහුට තබන ලද්දේ ද අපූරු ආකාරයකටය.

 

එනම් Lionel Richie ඔවුන්ගේ ප්‍රියතම ගායකයා වන හෙයින් ඔහු සිහිවීම වෙනුවෙනි. messi සම්බන්ධයෙන් ලෝකයේ සියලු මාධ්‍ය ඔහුගේ දක්ෂතාවයන් පිළිබඳ කතාබහ කරන විට ඔහුගේ සියල්ල වෙනුවෙන් ජීවිතයේ සියලු දුක සැප දරාගෙන උන් එක් තරුණියක් සිටියාය. ඇය messi ගේ කුඩා කල පටන් මිතුරියකි. ඇය මිතුරියකටත් වඩා පසුකාලීනව ඔහුගේ පෙම්වතිය වූවාය. ආර්ජන්ටිනාවේ නිරූපණ ශිල්පිනියක වූ Antonella Roccnzzo ය. මේ මොහොත වන විට ඇය අන් කවරකුවත් නොව දරුවන් තිදෙනකු සිටින Lionel messi ගේ ආදරණීය බිරියයි.

 

Antonella උපත ලැබුවේ ආර්ජන්ටිනාවේ Rosario හීදිය. තම සහෝදරියන් දෙදෙනා සමඟ හැදී වැඩුණු ඇයට කුඩා කාලයේදීම අපුරු මිතුරකු හමුවිය. ඒ තම ඥාති සොහොයුරෙකු මාර්ගයෙනි. ඇයට එම මිතුරා හමු වන විට වයස අවුරුදු පහක් වූවා පමණි. Antonella ගේ සහ messi ගේ මිතුරු සම්බන්ධතාවය වසර ගණනාවක් පැවති අතර, ඔවුන්ගේ හිත මිත්‍රකම යම් තරමකට ඈත් වූයේ වයස අවුරුදු 13 ක් පමණ වන විට messi තම පදිංචිය වෙනස් කරමින් බාසිලෝනා වෙත ගිය හෙයිනි. මේ ඈත්වීම ඔවුන් දෙදෙනාටම, දෙදෙනා නොකියු රහසක් හෙළි කරමින් සිටියාය. එනම් ඔවුන් දෙදෙනා එකිනෙකාට ප්‍රේම කළ බවයි. එම හුදෙකලාවම ඔවුන්ගේ ප්‍රේමය ශක්තිමත් කළ එක් සාධකයක් විය. ඔවුන්ගේ විවෘත ආදරය කාලයක් යනතුරු පිටස්තර ලෝකයාගෙන් වසන් කර තැබීමට messi සහ Antonella සමත් විය.

 

කුඩා කල පටන් මිතුරියක වූ Antonella තමාගේ පෙම්වතිය බව ප්‍රසිද්ධ මාධ්‍යයට messi විසින් ප්‍රකාශ කරනු ලැබුවේ 2009 වසරේදී සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වූ අවස්ථාවේදීය. ඒ වන විට ඇය ප්‍රසිද්ධව සිටියේ ආර්ජන්ටිනාවේ නිරූපිකාවක වශයෙනි. ව්‍යාපාරිකයකු වූ ඇයගේ පියා Antonella ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් Universidad del Rosario වෙන ඇතුළත් කරනු ලැබුවේ ඇයට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණනි. එහෙත් ඇය වඩාත් තම කැමැත්ත දැක්වූ ක්ෂේත්‍රය හා එක් විය. එනම් ඒ නිරූපණ ශිල්පයයි. විවිධ වෙළඳ නාම වෙනුවෙන් මෙන්ම ව්‍යාපාරික වශයෙන් ද පසුකාලීනව ඇය ජනප්‍රියත්වයට පත් වෙමින් උන්නාය.

 

කෙසේ වෙතත් මේ කාලසමය වන විට messi සහ Antonella ගේ ප්‍රේම සම්බන්ධතාවය කිසිවකුටත් රහසක් නොවූ සුන්දර ආදර කතාවක් ලෙසින් ගලාගෙන ගියේය. ආදරයේ සුන්දර කතාව එක් වහලක් යටදී විඳ ගැනීමට ඔවුන් දෙදෙනා තෝරා ගනු ලැබුවේ 2010 වසරයි. ඒ වසරේදී

Antonella, messi කාටත් හොරා විවාහ ගිවිස ගත්තේ ආර්ජන්ටිනාවේ සුරූපි නිරූපිකාවක හා එරට නැඟී එන දක්ෂතම පාපන්දු තරග ලෙසිනි. සුන්දර ප්‍රේම කතාවේ මුල්ම අමුත්තා ලෙසින් 2012 වසරේදි තියාගෝ උපත ලැබූ අතර, 2015 වසරේදී ඔවුන්ගේ දෙවැනි පුතු වූ මාටියෝ උපත ලැබුවේය. සියලු දෙනාම කතාබහට ලක්වූ ඔවුන්ගේ විවාහ උත්සවය ගනු ලැබුවේ 2017 වසරේ ජුනි 30 වනදාය. ආර්ජන්ටිනාවේ රොසාරියෝ හි සිටි සෙන්ටර් හෝටලයේදී පැවති මෙම උත්සවයට ආර්ජන්ටිනාවේ රජ පවුල මෙන්ම නමක් දිනූ පාපන්දු තරු කිහිපයක් ම එක් විය. වයස අවුරුද 5දී හමුවූ මිතුරිය තම බිරිය කරගත් ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයාගේ විවාහ උත්සවය ආර්ජන්ටිනාවේ Clarin පුවත්පත විසින් නම් කර තිබුණේ "සියවසේ විවාහ මංගල්‍යය" ලෙසිනි. කොළොමිබියානු පොප් තරුව වූ ශකිරා ද මේ සඳහා සහභාගි වූ අතර, ඒ සඳහා සහභාගි වූ ආරාධිතයන් සංඛ්‍යාව 260 දෙනෙකි.

 

නිරූපිකාවක, ව්‍යාපාරික කාන්තාවක ලෙස ආර්ජන්ටිනාව තුළ ජනප්‍රිය වූ Antonella Rocuzzo එරට වඩාත් ජනප්‍රිය වූයේ, ජනප්‍රියත්වයේ මෙන්ම දක්ෂතාවයේ ඉහළින්ම සිටි messi සමඟ තිබූ ප්‍රේම සම්බන්ධතාවය නිසාවෙනි. මෙම විවාහ උත්සවයෙන් පසු 2018 මාර්තු 10 වනදා තෙවැනි පුතා messi පවුල හා එක් විය. වර්තමානය වන විට තම පුතුන් තිදෙනා messi හා Antonella ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ජීවත් වන්නේ බාසිලෝනාහිය. වඩාත් විශේෂත්වය වන්නේ Antonella Rocuzzo වයස අවුරුදු 13 සිට බාසිලෝනා ක්‍රීඩා සමාජයේ රසිකයකු වීමයි. ඊට වඩාත් ආසන්න හේතුව වන්නේ Lionel Messi එම ක්‍රීඩා සමාජය හා එක්ව ක්‍රීඩා කිරීමයි. ඇය Messi වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ තරුණියක් වන අතර, ඇය තම මුල්ම කැපකිරීම සිදු කරනු ලැබුවේ තම අධ්‍යාපන කටයුතු අතරමඟ නවතා දැමීමෙනි. එනම් දන්තවේදිනියක වීමේ සිහිනය ඇය Messi වෙනුවෙන් අමතක කර දැමුවාය. කෙසේ වුවද තම ජීවන ගමනේ සහයකයා තම රට වෙනුවෙන් කළ අනගිතම දායකත්වය විඳ ගැනීමට ඇය කටාර්නි Lusail city වෙත පැමිණියේ තම රටෙහි ජයග්‍රහණය ද බලාපොරොත්තුවෙනි.

 

Messi තම රටේ ජනතාව ඉදිරියේ සපථ කළ ආකාරයෙන්ම ඔහු වසර 36කට පසු ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය ගෙන යාමට සමත් විය. එම කුසලානය සමඟින් ආර්ථිකය කඩා වැටුණු රටකට Messi පැමිණියේ ඩොලර් මිලියන ගණනක සල්ලි මල්ලක් ද සමඟිනි. එවන් වූ සැමියෙකු ද සිටින Antonella Rocuzzo ගේ සිතේ ඇතිවන ආඩම්බරය කෙදිනකවත් කවර හෝ සිතුවිල්ලකට මෙල්ල කළ නොහැකිය. නිරූපිකාවක වන ඇය දැන් ලෝක කුසලානය තම රටට ගෙන ආ කණ්ඩායමේ නායකයාගේ බිරියයි. එම සතුට ඔවුන් දෙදෙනාගේ පවුල් ජීවිතය තව තවත් සුන්දර කරනු නො අනුමානය.