වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මවු සෙනෙහස මොනවගේද කියලවත් මම දන්නේ නැහැ
රංගන ක්ෂේත්රයට දිනෙන් දින අලුත් මුහුණු එකතුවනවා. මේ දවස්වල ස්වාධීන රූපාවාහිනී නාළිකාවේ විකාශය වන ‘ජීවිතය ඇති තුරා’ කතාවෙන් තරමක් අලුත් වුණත් හුරුපුරුදු මුහුණක් දකින්න ලැබෙනවා.
ඔහු චානුක ප්රබුද්ධ. නමුත් ඔහු කා අතරත් ජනප්‍රිය වූයේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ සකුගේ කතාවේ’ මාලකගේ චරිතය හරහායි. ක්ෂේත්රයට තරමක් අලුත්, ඔහු ගැන දැනගන්න කවුරුත් කැමැත්තෙන් ඇති. මේ ඉඩ වෙන් වෙන්නේ ඔහු වෙනුවෙන්.
චානුක මුලින්ම රංගනයට පිවිසෙන්නේ කොහොමද?
රංගනයට එන්න කලින් යොමු වුණේ නිරූපණ ක්ෂේත්රයට. ඒ මීට අවුරුදු පහකට විතර ඉහතදී.
දවසක් ප්‍රවීණ රුපලාවණ්‍ය ශිල්පිනී නදීෂා ඉලංගකෝන්ගේ සැලෝන් එකේ මගේ ෆොටෝ ෂූට් එකක් කළා. ඒ ෂූට් එක පත්තරේ තියෙනව දැකලා ශාන්ත සොයිසා සර් මං ගැන අහලා තිබුණා. ඒ විදිහටයි ස්වාධීන රුපවාහිනී නාළිකාවේ විකාශය වූ ‘මිතූ’ ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණේ. ඒ මගේ පළමු ටෙලි නාට්‍යයි.
‘මිතූ’ ටෙලි නාට්‍යයේ අමතක නොවෙන සිදුවීමුත් ඇති...
ඔව්. පළමු රංගනයම අභියෝගයක් වුණා. ඒකේ තිබුණා ටවල් එකක් විතරක් ඇඳගෙන ජනාකීර්ණ ප්‍රදේශයක බස් හෝල්ට් එකක සිටින සහ බස් රථයක යන දර්ශනයක්. එතන හිටපු ගොඩක් අය දන්නේ නෑ මේක රංගනයක් කියලා. එයාලගෙන් බැනුම් අහන්නත් වුණා.
චානුක වඩා ජනප්‍රිය වුණේ ‘සකූගේ කතාව‘ ටෙලි නාට්‍යයේ නේද?
ඔව්. ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ සකුගේ කතාවේ මාලකගේ චරිතය නිසයි මට ජනප්‍රියත්වයක් ලැබුණේ. මා ස්තූතිවන්ත වෙනවා සකූගේ කතාව ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ප්‍රියන්ත කොලඹගේ මහතාට නවකයෙක් වන මා ගැන විශ්වාස කරලා එවන් ප්‍රධාන චරිතයක් ලබා දුන්නට. තවමත් මඟ තොටේදී හමුවන අය මට සකූගේ තාත්තා කියලයි කියන්නේ. ඒ තරමට ඒ චරිතය ප්‍රේක්ෂකයින් වැළඳගත්තා.
මේ දිනවල විකාශය වන ජීවිතය ඇති තුරා ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ස්වාධීන රූපවාහිනී නාළිකාවේයේ දිනවල විකාශය වන ජීවිතය ඇති තුරා ටෙලි නාට්‍යය ශාන්ත සොයිසා මහත්මයාගේ නිර්මාණයක්. මම එහි පෙම්වතාගේ චරිතයයි රඟපාන්නේ. මම මේ ටෙලිය භාර ගත්තේ ගොඩක් ආසාවෙන්. මුලදී හිතුවේ නෑ සකූගේ කතාවේ මාලකගේ චරිතයට තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. නමුත් ඒ හා සමානව ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
ඒ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් වෙන්න ළඟයි කියන්නේ ඇත්තද?
ඔව්. අපි මේ දවස්වල ජීවිතය ඇති තුරා ටෙලි නාට්‍යයේ අවසන් කොටස් රූගත කරමින් සිටිනවා. තව ටික දිනකින් එම ටෙලි නාට්‍ය අවසන් වේවි.
2019/10/09 තරුණි බලන්න