වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ජ්‍යොතිෂ ගැටලු
දරුඵල අහිමියි.
මා විවාහ වී වසර අටක් ගෙවුණත් දරුවන් නොමැත. ප්‍රතිකාර කළත් ප්‍රතිඵල නොවේ. මෙයට හේතුව කුමක්ද?
හික්කඩුවේ - සමන්ති
ඔබ දෙපොළගේ හඳහනට අනුව බොහෝ දෝෂ පවතී. දරුඵල හීන කරන ග්‍රහයෝග සමඟම යෝනි පොරොන්දමට අනුව ස්ත්‍රී කේන්ද්‍රයේ මූසික යෝනිය ද පුරුෂ කේන්ද්‍රයේ බළල් යෝනිය ද යෙදී ඇත. පරස්පර විරෝධී වන මේ සතුරු යෝනි දෙදෙනාගේම යෝනි ස්ත්‍රී ගණයට වැටෙයි. එමෙන්ම පුරුෂයාගේ හඳහනේ ග්‍රහ පිහිටීම අනුව ශුක්‍ර ධාතු ප්‍රබල නොවන අතර, හීන වෙයි. ඔබගේද ඩිම්බානු පිටවනුයේ එක් ඩිම්බයකින් පමණකි. එකක් අක්‍රිය වී ඇති බව කිව හැකියි. එමෙන්ම ගර්භාෂය ද අධික උෂ්ණයක් පවතී. දෙදෙනාටම ප්‍රතිකාර කළ යුතු වෙයි. පළමුව ඇඟ නිවෙන විරේකයක් කර කසායන වර්ග සහ කසාය දෙදෙනාටම දිය යුතු වෙයි. එමෙන්ම දෙහි, පුහුල් කපා දෙදෙනාට යන්තරයක් දැමිය යුතු වෙයි.
ලිංගික තෘප්තිය අධිකයි
මා වයස අවුරුදු 56ක කාන්තාවකි. ලිංගික තෘප්තිය අධික වෙයි. ස්වාමියා අතැර ගොස් වසර 20කි. ඔහුගෙන් වෙන් වූයේ ද මේ හේතුව නිසයි. නමුත් අද වන තෙක් මා සොයන තෘප්තිය නොලැබී තිබේ. මෙය මානසික වදයකි. හේතුව පවසන්න.
හැටන් - පුෂ්පා ජයන්ති
ඔබ කෙතරම් වයසට ගියත් ඔබගේ හැඟීම් වයසට නොයයි. තවත් කරුණක් වන්නේ ඔබගේ තිබෙන අධිමාන්නය, අහංකාරකම හා කිසිවකුට පරදින්නට අකැමැති කටයුතු කිරීමේ ගතියයි. මෙම කාර්යයේදීද ඔබ සිතනුයේ අනෙකාට පැරදිය යුතු නැති බවයි. එම නිසා ඇතිවන හීනමානය මනස වියවුල් වී කිසි විටෙකත් ඔබ සුරාන්තයට පත් නොවෙයි. දිය හැකි අවවාදය වන්නේ මනස සාදාගෙන පුරුෂයකු සමඟ එක්වීමට නොහැකි නම් මේ සියල්ල අතැර ධර්මානුකූලව ජීවත්වන ලෙසයි.
වයසට නොගැළපෙන
අඟ පසඟ
මගේ වයසට සරිලන ලෙස අඟ පසඟ වැඩී නොමැත. මෙය මානසික වදයකි. මෙයට ප්‍රතිකර්ම මොනවාද?
කඳානේ - වත්සලා
ඔබගේ කේන්දරයට අනුව සිරුර වැහැරෙන්නේ කේතුගේ සහ සෙනසුරුගේ නරක පිහිටීම නිසයි. මේ සඳහා සෙනසුරාදා දිනෙක බෝධි පූජා පවත්වා විෂ්ණු දෙවියන්ට සහ දැඩිමුණ්ඩ දෙවියන්ට බාරහාර වී තමන්ගේ එම දෝෂ ඉවත් කරන ලෙස කන්නලව් කරන්න. දේශීය වෛද්‍යවරයකු හම්බ විය යුතු නමුත් මේ සඳහා සුළු ප්‍රතිකාර පන්තියක් නියම කරමි. පළමුව බෙහෙත් කඩයකින් මෘදු විරේකයක් ලබාගන්න. ඉන්පසු රටඉඳි, හොඳ එළඟි තෙල්, බටර්, මී පැණි එකට යොදා කලවම් කර දිනපතා උදේ සවස එක රටඉඳි ඇටය බැගින් කන අතර, එයින් තේ හැන්දක් පානය කරන්න. පුහුල් වැඩිපුර ආහාරයට ගන්න. සුක්ෂ්මානන්ද රසායනය භාවිත කරන්න.
වෙනත් සබඳතාවක් නිසා ගැටලු
මම සාමාන්‍ය පවුලක යුවතියක්මි. හොඳ උසස් මහතකු හා විවාහ වී මේ රටට පැමිණ වසර පහකින් පමණ ඔහු අතැර වෙන අයකු සමඟ සබඳතා ඇතිකර ගත්තෙමි. මේ වන විට මා ඉතා දුක්ඛිත තත්ත්වයට පත්ව තිබේ. මෙයට හේතුව කුමක්ද?
ඩුබායි - ජයන්ති
ඔබ උපන් හඳහනට අනුව කාලසර්ප යෝගය පූර්ණව යෙදී ඇත. සෙනසුරු 7හි සිටිමින් සිකුරු නීච කරමින් සිංහ ලග්නයෙන් උපන් ඔබ ඉතා උද්දච්ච අහංකාර ස්ත්‍රියකි. ජීවිතය වැරදී ඇත්තේද මේ නිසායි. කිසි කලකත් විවාහයක් හරි නොයන ඔබට හිමි මේ ජීවිතේම අවිවාහකව ගත කරන්න. ඉදිරියේදී විවාහ නොවීම වඩාත් සුදුසු බව ඔබගේ හඳහනට අනුව පෙන්නුම් කරයි.
උපදෙස්
ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ
අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ෙජ්යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.
ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10
එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.