ලග්න පලාපල

මැයි 19, 2021

 

මේෂ ලග්නය

රැකියා යහපත

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීමට අනුව රැකියා යහපත, ආර්ථික හා විවිධ ව්‍යාපාර ඵල උදා කරන්නකි. කෙසේ නමුදු ඔබට හිතට වද දෙන කිසියම් පෞද්ගලික හේතුවක් නිසා පීඩාකාරී වෙයි.

 

වෘෂභ ලග්නය

දේපළක හිමිකමක්

වෘෂභ ලග්නයට අනුව ඔබට දේපළක හිමිකමක් සමඟ සතිය ආරම්භ වෙයි. පැවතුණු නීති ගැටලු අවම වීමකි. දිනපතා කරගෙන ආ ව්‍යාපාරික කටයුත්තක් දින නියමයක් නැතිව කල් දැමීමට සිදුවේ. ඒ නිසා සිතට එන යම් යම් වගකීම් නිසා ව්‍යාකූල මානසිකත්වයක් උසුලන බව පෙනේ. තම විවාහ ස්ථානයේ ගැටලුවකට මුහුණ දීමට සිදුවේ. බාහිර පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන්න. ඒ අය ගෙනන බාධක වලට හසුවීමට පුළුවන.

 

මිථුන ලග්නය

ආර්ථික පාඩුවක්

මිථුන ලග්නයට අනුව චන්ද්‍රයා 02, 03, 04, 05 යන ස්ථානවල ගමන් කරන මෙම සතිය තුළ ඔබට ආර්ථික පාඩුවකින් සතිය ආරම්භ කිරීමට සිදුවේ. තම වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ රැසක් උදා කළ ද සතුරු බලවේගයක් ක්‍රියාත්මකවීම නිසා සිතට අසහනය මතු කෙරෙනු ඇත. පිටරටකට යාමට සිටි බලාපොරොත්තුව ඉවත දැමීමට සිදුවනු ඇත.

 

කටක ලග්නය

දරු මුණුපුරන්ගෙන් සතුට

කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට හදිසි ලැබීම් පෙන්වයි. නව ආයෝජනයකට සිත යෙදවේ. දරු මුණුපුරන් නිසා සිතේ සතුට අභිවෘද්ධිය ඇති වනු ඇත. සෙම ගතිය උත්සන්න රෝග අවදානමක් පවතින නිසා සමාජගත වීමේදී ප්‍රවේශම් වන්න. සීතල ආහාර අවම කරන්න.

 

සිංහ ලග්නය

රැකියා ස්ථානගත අභිවෘද්ධිය

සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබට සතුටුදායක වෙයි. රැකියා ස්ථානගත අභිවෘද්ධිය උසස් තනතුර හිමිවීම් පෙන්වනු ඇත.

තම ව්‍යාපාර සඵලවනු ඇත. විටෙක රාජකාරි පිළිබඳ දැඩි උනන්දුව නිසා පෞද්ගලික ජීවිතයේ නිදහස අවම විය හැකිය.

දණහිස ආශ්‍රිත උවදුරු පෙනේ.

 

කන්‍යා ලග්නය

විවිධ මාර්ග ඔස්සේ මුදල්

කන්‍යා ලග්නයට අනුව මෙම සතියේ ඔබේ පෙර පිං මහිමය මතු කරනු ඇත. නි‍ෙවසේ ආගමික පසුබිමක් දක්නට ලැබේ.

තම ජීවනෝපාය ලෙස විවිධ මාර්ග ඔස්සේ මුදල් සෙවීමට මඟ සැලසෙනු ඇත.

චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතියේ ගමන් කරන්නේ 11, 12, 01, 02 යන ස්ථානවලයි.

තුලා ලග්නය

ප්‍රධානීන්ගෙන් පැසසුම්

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා ගමන් කරන්නේ 10, 11, 12, 01 යන ස්ථානවල නිසා රැකියාවේ සුබවාදී ආරංචියක් සමඟ සතිය උදාවේ. ඒ අනුව ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කරුණු උදාවනු ඇත. ව්‍යාපාරික මට්ටමේ ජයග්‍රහණයක්ද ඔබට හිමිවේ.

 

වෘශ්චික ලග්නය

යුගදිවි සපලතා

වෘෂ්චික ලග්නයට අනුව ඔබ ජීවිතයේ අමතක නොවන කරුණු කීපයක් නිසා වැදගත් වෙයි. චන්ද්‍රයා 09, 10, 11, 12 යන ස්ථානවල ගමන් කිරීම බොහෝ සුබවාදී වන අතර අවිවාහක අයට මංගල යෝග ද තරුණ තරුණියන් අතර ආදර සබඳතා ද කලාකාමී කටයුතුවල යෙදෙන අයට උසස් ආර්ථික සඵලතාවන්ද දක්නා ලැබෙනු ඇත.

 

ධනු ලග්නය

විවාහ ස්ථානගත ගැටලු

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබ ඉතා කල්පනාකාරීව වැඩකළ යුතුවෙයි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව 08, 09, 10, 11 යන ස්ථානවල ගමන් කිරීම සතුටුදායක සතියක ආරම්භයක් නොවෙයි. විවාහ ස්ථානගත ගැටලු බාහිර පුද්ගලයන්ගේ අත පෙවීම් නිසා සිත්තැවුල් ඇතිවීමට පුළුවන.

 

මකර ලග්නය

වාසනාවන්ත දරු සම්පත්

මකර ලග්නයට අනුව මෙම සතිය සතුටුදායක වෙයි. දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු උපත් ද ඉගෙන ගන්නා වයසේ සිටින දරුවන් නිසා සිතේ සතුට ද ඒ අය මුහුණ දී සිටි තරග විභාග හා සම්මුඛ පරීක්ෂණවල ජයග්‍රහණ හිමි වනු ඇත. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතියේ ගමන් කරන්නේ 07, 08, 09, 10 හිය.

 

කුම්භ ලග්නය

වාසනාවන්ත විවාහ සැමරුම්

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ආරම්භය ඔබට කනගාටුදායක ආරංචියක් ලැබීම් හේතු විය හැකි වුවද සතිය මැද භාගයේ සිට ඉතා සුබවෙයි. විවාහ දිවියේ වාසනාවන්ත සැමරුම් ද ආර්ථික මට්ටමේ ජයග්‍රහණ ද හිමිවේ. දණහිස ආශ්‍රිත අපල පවතින නිසා කල්පනාකාරී වන්න.

 

මීන ලග්නය

වියදම් බහුලවේ

මීන ලග්නයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 05, 06, 07, 08 යන ස්ථානවල ගමන් කිරීම සුබ අසුබ දෙකෙහි ඵල බුක්තිවිඳීමට සිදුවේ. ආර්ථික දියුණුව වෙතත් වියදම වැඩිකම නිසා පීඩාකාරී මනසකට තුඩුදෙනු ඇත. තම පපුවේ ආසාදන පෙන්වන නිසා කල්පනාකාරී වන්න. සැර, උෂ්ණ, තෙල් ආහාරපාන අවම කරන්න.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි