ජූනි 23 සිට ජූලි 02 දක්වා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ
ජුනි 23, 2025

 

තුලා ලග්න හිමියන්ට බොහෝ බලාපොරොත්තු සාර්ථක වන යෝග ඇත.

ධනු ලග්න හිමියන්ට ආදායම් තත්ත්වයේ ඉහළයාමක් සිදු වේ.

මේෂ

තරග විභාග ජය ලබයි. නීති ප්‍රශ්නවලින් ජය හිමිවන කාලයකි. මංගල කටයුතු ස්ථිර වන අතර මවුපිය ආශීර්වාදය හිමි කරයි. දුර දිග නොබලා කරන කටයුතු නිසා නින්දා, අපහාස ලබයි. වියදම් අධික වේ. අනතුරු හා අසනීප ද මතු කරයි. ප්‍රවේසම් වන්න.

 

වෘෂභ

රැකියා දියුණුවක් ලබන, තනතුරු ස්ථිර වන කාලයකි. ඉඩකඩම්, දේපළ ප්‍රශ්න යහපත් කරන අතර ළඟම සිටි අය තරමක් අමනාප වන කාලයකි. බලාපොරොත්තු වූ ණය මුදලක් සාර්ථක වන යෝග ඇත. වචනයෙන් ප්‍රවේසම් විය යුතු කාලයකි. ලේ ආශ්‍රිත රෝග සහ හෘද රෝගවලින් ප්‍රවේසම් වන්න.

 

මිථුන

සතුට, ප්‍රීතිය රජ කරන කාලයකි. සැප සම්පත් ලබන කාලයකි. මිල මුදලින් දියුණුවක් ඇතිවේ. රැකියා උසස්වීම් සහ අන් අයගේ ප්‍රසාදය ද හිමි වේ. ව්‍යාපාරවල දියුණුව ඇති වේ. ධන ලාභ ද හිමි වේ. පෙර ඇති වූ අසනීප සුව තත්්ත්වයට පත්වන යෝග ඇත.

 

කටක

පෙර තිබූ බාධා ටිකෙන් ටික ඉවත් වී යහපතකට මඟ සැදේ. රැකියා දියුණුව සහ අධ්‍යාපනයේ යහපත් තත්ත්වයක් හිමිවන සතියකි. දරුවන්ගේ කටයුතුවල දියුණුව දකී. ගෙදර අයට සහ තමන් අසනීප තත්ත්ව නිතර මතු වේ. ශාරීරික අප්‍රාණික බව මතු කරයි.

 

සිංහ

ගෙදර දොර කටයුතු යහපත් වේ. දුර ගමන් බිමන් ඇති වේ. මහන්සි වී කරන වැඩවලින් දියුණුවක් ලබයි. ඔබගේ භාර්යාව හෝ ස්වාමියා නිසා ලාභ හිමි වේ. ආගම දහමට යොමුවන කාලයකි. වියදම තරමක් කල්පනාවෙන් කළ යුතුය. ලේ අසනීප හා උෂ්ණ රෝග මතු වේ. සමේ රෝගවලින් ද ප්‍රවේසම් වන්න.

 

කන්‍යා

මේ කාලයේ නඩු හබ පැටලීම් හා ඉඩකඩම් සම්බන්ධ කටයුතුවලට එතරම් සුබ නොවේ. නිෂ්ඵල වැඩවල යෙදී කාලය නාස්තිවන යෝග ඇත. අන් අය සමඟ දබර ඇතිකර ගන්නා කාලයකි. තරමක් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. කෝපවීම්, කේන්තිකාර ගති අධිකව යෙදේ. අනතුරු සහ සිත්තැවුල් මානසික පීඩා මතු වේ. ප්‍රවේසම් වන්න.

 

තුලා

බොහෝ බලාපොරොත්තු සාර්ථක වන යෝග ඇත. වාහන ලාභ ඇති වේ. මිල මුදලින් යහපත් වේ. උත්සාහයෙන් මහන්සි වී කරන වැඩවලින් දියුණුව ඇති කරයි. දරුවන්ගෙන් ලැබීම් ගෙන දෙයි. පෙර තිබු රෝග සමනය වී යයි.

 

වෘශ්චික

අධ්‍යාපනයට සුබ වේ. උසස් අධ්‍යාපනික යෝග මතු වේ. රැකියා බාධා මඟහැර යහපත් වන යෝග ඇත. නමුත් තරමක් කේන්තිකාර ගති, නුරුස්සන ගති මතු වේ. ඒවා පාලනය කරගෙන යා යුතු වේ. වැඩිහිටි අයකු නිසා සිත් තැවුලක් ඇති වේ.

 

ධනු

ආදායම් තත්ත්වයේ ඉහළයාමක් සිදු වේ. සමාජ සේවා කටයුතුවලට වැඩි වෙහෙසක් දරන අතර ඉන් තම තත්ත්වය ශක්තිමත් කර ගනී. දේපළ සම්බන්ධ ගැටලු නිරාකරණය වේ. හදිසි අසනීප හා තුවාල අනතුරු නොසිතු ලෙස සිදුවීමට ඉඩ ඇත. ප්‍රවේසම් වන්න. අධ්‍යාපනයට හා රැකියාවට සුබ වේ. ශාරීරික අප්‍රාණිකතා මතු වේ. පවුලේ අයගෙන් සිත් පීඩා මතු කරයි.

මකර

මානසික ආතතිය හා ඉවසීම අඩු වේ. සතුරු කරදර ද මතු කරයි. පිටස්තර අය හා ගනුදෙනුවේදී ප්‍රවේසම් විය යුතුයි. තම ධනය තරමක් අඩු වී, ණය වීම් ඇතිවිය හැකි කාලයකි. බොහෝ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. ලේ ආශ්‍රිත රෝග හා හෘද රෝගවලින් ප්‍රවේශම් වන්න.

 

කුම්භ

විවාහය හා ප්‍රේම සබඳතාවලින් ඉතා ප්‍රවේසම් විය යුතුය. අනියම් සබඳතා නිසා තම කීර්තියට අගුණ වන කාලයකි. උදර රෝග, ඇස් හා සමේ රෝග මතුවන කාලයකි. රැකියා ව්‍යාපාරවල ගැටලු ද මතු වේ. මුදල් කටයුතුවලින් ද ප්‍රවේසම් විය යුතුය. කේන්තිකාර ගති පාලනය කරගෙන ඉවසීමෙන් යා යුතුය.

 

මීන

මෙතෙක් තිබූ තදබල අසනීප ගති හා කරදරවලින් තරමක් යහපත් වන අතර රැකියාවේ සුළු දියුණුවක් ලබයි. අතට මුදලක් ළඟාවන අතර ව්‍යාපාරවලින් ලාභ හිමි කරයි. අන් අයගේ සහාය ද හිමි වේ. වාහන සිහිනය සාර්ථක වන යෝග ඇත. ස්වාධීන තීරණවලින් ඈත්වී අන් අයගේ ද උපදෙස් මත තීරණ ගැනීම තමාට වඩාත් යහපත් වන යෝග ඇත.