ජූනි 16 සිට ජූනි 22 දක්වා

ජුනි 16, 2025

 

වෘශ්චික ලග්න හිමියන්ගේ මිල මුදල් අතමිට සරුවේ

මකර ලග්න හිමියන් උත්සාහයෙන් දියුණුව ලබයි

 

මේෂ

ගෙදර දොර තත්ත්වය තරමක් යහපත් වේ. මිල මුදල් ප්‍රශ්න ටිකෙන් ටික විසඳී යයි. අසල්වැසියන්ගේ ඥාතීන්ගේ උපකාර හිමි වෙයි. හිසරදය හා ශාරීරික අප්‍රාණිකතා ඇති කරයි. අධ්‍යාපනයට සුබයි.

 

වෘෂභ

මෙතෙක් තිබූ මිල මුදල් ගැටලු තරමක් යහපත් අතට හැරේ. ඉඩකඩම් හා භූමි සම්බන්ධ දේවල්වල තිබූ බාධා ඉවත් වෙයි. අධ්‍යාපනයට යහපත් වේ. සෞන්දර්ය අංශවල සිටින අයට ඉහළ තත්ත්වයක් හා ලැබීම් මතුවේ.

 

මිථුන

ගෙදර දොර තත්ත්වය තරමක් යහපත්ය. අන් අයගේ උපකාර බලාපොරොත්තු වුවත් ඒවා නොලැබේ. ව්‍යාපාරවලින් උත්සාහයේ තරමට දියුණුවක් නොලැබේ. විදෙස් ගමන් හා වන්දනා ගමන් ඇති කරයි. රැකියාවෙන් ඉහළට යාමක් සිදු වේ. ප්‍රශංසා ලැබෙයි.

 

කටක

ආර්ථික ප්‍රශ්න මඟහැරී ආර්ථික ශක්තිමත් වන කාලයකි. ජීවිතයේ නව ප්‍රබෝධයක් හිමි වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. වාහන හා ගේ දොර සම්බන්ධ බලාපොරොත්තු සාර්ථක වේ. විදෙස්ගත අයගේ ලැබීම ඇති කරයි. අධ්‍යාපනයට සුබයි. පෙර පින් මතුවේ.

 

සිංහ

 

නුරුස්සන කේන්තිකාර ගති පෙරට වඩා තරමක් සමනය වේ. සමඟිය ඇතිව කටයුතු කරන කාලයකි. පවුලේ අය සමඟ හිතවත්කම් වැඩි වේ. තරමක් වියදම් වැඩි වන කාලයකි. මංගල කටයුතුවලට යහපත් වෙයි. ව්‍යාපාර කරන අයට සේවක සහයෝගය ලැබෙයි. ක්ෂණික රෝග හා අත් පා රෝග මතුවේ.

 

කන්‍යා

 

ලැබීමට දියුණුවට සුබ වෙයි. අන් අයට අතනොපා ජීවත්වන සතියකි. සමඟිය, සතුට ඇත. නමුත් අසල්වැසි අයගෙන් ප්‍රවේසම් විය යුතුයි. පිනට දහමට බර වෙයි. විදෙස්ගත වීමක් ඇති කරයි.

 

තුලා

 

යහපත් සතියකි. ආර්ථික ගැටලු ඇතත් ටිකෙන් ටික ඒවා යහපත් වේ. හැකියාවෙන් දියුණුව ලබයි. මංගල කටයුතු ස්ථිර වේ. රැකියා ව්‍යාපාරවලට සුබ වේ. වටිනා දේ මිලදී ගන්නා කාලයකි. සෙම් රෝග, වෛරස් රෝගවලට ඉඩ ඇත.

 

වෘශ්චික

 

මිල මුදල් අත මිට සරුවේ. නෑදෑ අයගේ උපකාරය හිමි කරයි. එහෙත් සිත් බිඳීම් ඇතිවෙයි. කලකිරීම් මතුවන කාලයකි. ආහාර නිසා රෝගී තත්ත්ව ඉස්මතු වේවි. රැකියාවේ සතුරු කරදර ඉවත් වී යයි.

 

ධනු

 

තම බලය, ශක්තිය වර්ධනය වන සතියකි. සැමගේ සහය හා උපකාර හිමිවේ. තම හැකියාව අන් අයට දිස්වේ. විකිණීම්වලින් ලැබීම් ඇති වේ. සබඳතා සාර්ථක වේ. ගෙදර දොර දරුවන්ගේ දියුණුව මතුවෙයි. පිනට දහමට ළැදි වේ. තරමක් ලෙඩ රෝග මතු වේ. ඒ සඳහා වියදම් ඇති කරයි.

 

මකර

 

තම වැඩ කටයුතු කෙසේ හෝ සාර්ථක කර ගනී. උත්සාහයෙන් දියුණුව ලබයි. අධ්‍යාපනයේ බොහෝ ලැබීම් ඇති අතර උසස් ඉගෙනීම් සාර්ථක වෙයි. සෙම ගති නිසා රෝගී තත්ත්ව මතු වේ. තමාට වටිනාකමක් ලැබෙන සතියකි. නුරුස්සන ගති පැවැතුම් ඇති වේ.

 

කුම්භ

 

අන් අයට අත නොපා ජීවත්වන සතියකි. ආර්ථික ප්‍රශ්න තරමක් විසඳේ. මේ සතිය තුළ අන් අයගේ උපකාර ලැබේ. රැකියා අංශයට ඉතා සුබ වේ. අනතුරු හා තුවාලවලින්ද වයිරස් රෝගවලින්ද ප්‍රවේසම් වන්න.

 

 

මීන

 

තරමක් දැඩි තීන්දු මත ජීවත්වේ. පුද්ගලික බලය වැඩිවේ. යම් යම් බාධා ඇතත් ඒවා විසඳා ගැනීමට හැකි වේ. සතුරු කරදර හා ඊර්ෂ්‍යාකාර කරදර මතුවේ. අධ්‍යාපනයට සුබ වේ. උෂ්ණ රෝග හා සෙම් රෝග ද හට ගනී. මානසික පීඩා ඇති කරයි. රැකියාවට සුබවේ. පෙර බලාපොරොත්තුවක් ඉෂ්ට වන යෝග ඇත.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ