වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
මැයි 26 සිට ජූනි 01 දක්වා

කන්‍යා ලග්න හිමියන්ට පින් සිත් මතුවන කාලයකි.
කුම්භ ලග්න හිමියන් පිටස්තර වාසයට ප්‍රිය කරයි.
මීන
රැකියා බලාපොරොත්තු වූ අයට නව රැකියා ලැබේ. අතමිට සරුවන කාලයකි. උසස් අධ්‍යාපනයට සුබ වේ. විනෝදයෙන් සිටීමට හැකි සතියකි.
වෘෂභ
ගෙදර දොර සමගිය වැඩි වේ. රැකියා කරන ස්ථානය හෝ වෙළෙඳ ස්ථාන ප්‍රධානීන්ට සුබ වේ. සමාජයේ තම බලය පතුරයි. ආගම දහමට ලැදි වේ.
මිථුන
රැකියා ස්ථානයේ උසස්වීම් හා තම වැටුප් වැඩි වීම් ඇතිවන කාලයකි. අතමිට මුදලින් සරු වේ. විදේශ රැකියා හිමි වේ.
කටක
හවුල් ව්‍යාපාර අසාර්ථක වන යෝග පවතියි. වංචනික අයට හසුවීමට, නීති ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති කාලයකි. හදිසි අනතුරු ලෙඩ රෝග ඇතිවන කාලයකි.
සිංහ
ව්‍යාපාර තරමක් පසුබෑමට ලක් වෙයි. දියුණුව තරමක් අඩුවීම් ඇත. ගෙදර දොර ද අසමගිතා ඇතිවිය හැකියි. නමුත් කල්ගත වූ රෝගී තත්වයන් මතු වේ.
කන්‍යා
පින් සිත් මතුවන කාලයකි. පිනට දහමට යොමු වේ. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයකි. විවාහ සහකරුට හෝ සහකාරියට අපල ඇති වේ. ප්‍රේම සබඳතා කැඩී බිඳී යයි.
තුලා
කලාවට, විනෝදයට සිත යන කාලයකි. දුර ගමන් බිමන් ඇති වේ. අලුත් රැකියා ලැබීම්, නව ව්‍යාපාර ආරම්භ වීම් ඇතිවන කාලයකි.
වෘශ්චික
අලස නිදිමත ගති ඇතිවන කාලයකි. පාඩු, හානි, සිත් තැවුල්, මානසික පීඩා මතු වේ. ගෙදර දොර අවුල්සහගත තත්ත්ව ඇති වේ.
ධනු
විවාහ අපේක්ෂිත අයට මංගල යෝග උදා වෙන කාලයකි. ප්‍රේම සබඳතා උදා වේ. මවුපස හෝ තම විවාහක පාර්ශ්වයෙන් දායාද හිමි කරයි.
මකර
නිතරම නින්දා අපහාස ඇසීමට සිදුවේ. ඊර්ෂියාකාර අයගේ සතුරු කරදර සිදුවිය හැකියි. දේපළ සම්බන්ධ ප්‍රශ්න, ගැටලු නිරාකරණය වේ. විකිණීමට හෝ මිලදී ගැනීමකට සිත යොමුවන කාලයකි.
කුම්භ
නිතරම ගෙදර දොර එපාවන කටයුතු මතු වේ. පිටස්තර වාසයට ප්‍රිය කරයි. තමන්ගේ අය පිළිබඳ කලකිරීමෙන් කටයුතු කරයි. ධන ලාභ ඇති කරයි.
මීන
ඔළුවට වද, කරදර, පීඩා ඇති වේ. වැඩ අධික වේ. ශරීරයට වෙහෙස මහන්සිය ඇති වේ. ලෙඩ ගති ද මතුකරවන කාලයකි. ශාරීරික අප්‍රාණිකතා මතු වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ