ජූනි 02 සිට ජූනි 08 දක්වා

ජුනි 2, 2025

 

සිංහ ලග්න හිමියන්ට හදිසි ධන හානි ඇති වෙයි

මකර ලග්න හිමියන්ගේ ස්වාමියාට තරමක් අපල ගෙන දේ

මේෂ

 

අලුත් වැඩ පටන් ගන්නා කාලයකි. අන් අයට තරමක් යටත් නොවන ගති මතු කරයි. අධ්‍යාපනයේ වෙනස්කම් ඇති කරයි. ඉවසීමෙන් යා යුතු වේ. රැකියා වෙනස්කම් කිරීමට සිතයි. මානසික පීඩා මතු කරයි.

 

 

වෘෂභ

 

කතාවෙන් තරමක් ප්‍රවේසම් විය යුතුය. රැකියා අංශයේ ගැටලු යෙදිය හැකියි. එපාවීම් මතු වේ. විදෙස්ගත වීම් කටයුතු සාර්ථක වේ. වියදම තරමක් ඉහළ යයි. අධ්‍යාපන කටයුතුවලදී ප්‍රවේසමින් විය යුතුයි. විවාහක අයට පවුල් ප්‍රශ්න මතුවේ. ඔළුවේ කැක්කුම් පීඩා ඇති කරයි.

 

මිථුන

 

ගෙදර දොර ප්‍රශ්න මතුවේ. ආර්ථික අපහසුතා මතු කරයි. රැකියාවේ ප්‍රශ්න ගැටලු ඉස්මතු වේ. උසස් අධ්‍යාපනයට වරම් ඇති කාලයකි. උඩ නැඟීම් වැටීම්වලින් ප්‍රවේසම් වන්න. ණය ගනුදෙනු මුදල් පරිහරණයෙන් බුද්ධිමත් විය යුතුයි.

 

කටක

 

හදිසි අනතුරු, රිය අනතුරු බහුල වන සතියකි. රාත්‍රී ගමන් බිමන්වලින් ප්‍රවේසම් වන්න. ගෙදර දොර ප්‍රශ්න ගැටලු මතු වේ. ප්‍රේම සබඳතා බිඳවැටී, ලේ ආශ්‍රිත රෝග ලක්ෂණ මතු කරයි.

සිංහ

 

හදිසි ධන හානි ඇති වෙයි. මුදල් සම්බන්ධව ප්‍රශ්න ගැටලු වැඩි වෙයි. හදිසි අනතුරු ගැන විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. හන්දිපත් අමාරු, පාද රෝග වැඩි වන කාලයකි. ගෙදර දොර ප්‍රීතිය අඩු කරන කාලයකි.

 

කන්‍යා

 

අඹුසැමි ගැටලු හා ප්‍රේම සබඳතා අතර ගැටලු පැන නඟී. තැන්පත් ධනය විනාශ වන කාලයකි. නිකරුණේ ධනය වැය වේ. අධ්‍යාපනයේ අලස ගති ඇතිවේ. රැකියා හා ව්‍යාපාරවලදී ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ශාරීරික අප්‍රාණිකතා ඇති කරයි.

 

තුලා

 

හදිසි ගමන් බිමන් යෙදේ. විදෙස් ගමන් බිමන් සඵල වේ. රැකියා සඳහා දුර බැහැර යයි. ආගම දහමට ළැදි වේ. මේ සතියේ වන්දනා ගමන් ද යෙදිය හැකියි. උදරය, යටි බඩ සම්බන්ධ ලෙඩ රෝග මතුවේ.

 

 

වෘශ්චික

 

පෙර අකුසල් මතුවන කාලයකි. නින්දා අපහාස ඇතිවේ. උපකාර කිරීමට ගොස් දෝෂාරෝපණයට ලක්වේ. ආර්ථික ප්‍රශ්න ඇති කරයි. විදෙස් ගමන් බිමන් සඵල වේ. හෘද රෝග, නිදන්ගත රෝග මතු වේ.

ධනු

 

ධන හානි හා අනතුරු ගෙන දෙයි. ගමන් බිමන්වලින්ද ප්‍රවේසම් විය යුතු වේ. ඇවිදිලි මතු කරයි. ශාරීරික අප්‍රාණිකතා මතුවේ. පවුලේ අසමගිතා මතු කරයි. අඹුසැමි ප්‍රශ්න මතුවේ. දෙපැත්තට යන යෝග ඇත. හන්දිපත් රෝග, අස්ථි සම්බන්ධ රෝග සාදයි.

 

මකර

 

ගෙදර දොර තත්ත්වය අසුබ වේ. ස්වාමියාට තරමක් අපල ගෙන දේ. දරුවන්ටද කරදර මතුවේ. මුදල් ගනුදෙනු හා ප්‍රශ්න මතුවේ. නීති ප්‍රශ්නවලට ද හේතු වේ. අධ්‍යාපනයට සුබ වේ. හෘද රෝග මානසික පීඩාවලින් ප්‍රවේසම් වන්න.

 

 

කුම්භ

 

සිත් තැවුල් පීඩා මතු කරයි. තම ඥාති පාර්ශ්වයන්ගෙන් කරදර මතු වේ. ආර්ථික ප්‍රශ්න එයි. උත්සාහය උනන්දුව ඇති වුවහොත් කටයුතු සාර්ථකව ඉටු කරගනී. අධ්‍යාපනයේ සුළු බාධා මතුවේ. උදරයේ හා ලේ ආශ්‍රිත රෝගී තත්ත්ව, වකුගඩු ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් වන්න.

 

මීන

 

නිවාස අලුත්වැඩියා කටයුතු හෝ නව ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නා කාලයක් වෙයි. ඉගෙනිමේ කටයුතුවලට වැඩි උනන්දුවක් දක්වයි. ප්‍රේම සම්බන්ධතාවල ගැටලු ඇතිවෙයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරන කාලයකි.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ