වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සයිබර් ලිංගික හිංසනයන්ට අපේ රටේ නීති නොතිබීම ලොකුම අඩුවක්
අමාදම් සුවයෙන් සුපෝෂිත වූ මේ මව්බිම මහත් පින්වන්ත යැයි අපි ලොවට හඬ ගා කියමු... අත දරුවකුට ලිංගික අපචාර සිදු කිරීම, අවුරුදු 80-90 වයසැති කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම, පාසල් යන වයසේ දරුවන්ට අපචාර සිදු කිරීම වැනි ක්‍රියා රාශියක් පිළිබඳ අපට අසන්නට ලැබුණි.
මේ සිදුවීම් මාලාවේ උණුසුම වියැකී යන්නටත් පෙර අපට එවැනිම සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය.
ඒ පිළිබඳව වඩාත් හොඳීන් දැන ගැනීමට අප හමුවූයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදාන පතිරණ මහතාය. අධිකරණ වෛද්‍යවරයකු ලෙසත් විශ්ව විද්‍යාල මහාචාර්ය වරයකු ලෙසත් වසර 25 කට වඩා අත්දැකීම් ලැබූ ඔහු සමඟ කළ පිළිසඳර සටහන බෙහෙවින්ම අර්ථාන්විතය.
එම සිදුවීම් පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
මේ සිදුවීම විශ්ලේෂණාත්මක විමසා බලන විට අපට දකින්නට ලැබුණේ ළමයෙකු ලිංගික අපයෝජනය කිරීම පමණක්ම නොවෙයි. එය වීඩියෝගත කර තිබෙනවා.
එයටත් එයාටත් ගිහින් එම වීඩීයෝ පට අන්තර්ජාලය හරහා වෙළදාම් කිරීමත් සිදුවෙලා තියෙනවා. මෙහිදී එකම සිද්ධිය තුන් ආකාරයකට යොදා ගැනීම අපට දකින්නට ලැබුණු දෙයක්. මෙවැනි සිද්ධියක් අපගේ ආයතනයට දැනගැනීමට ලැබුණු ගමන් මුලින්ම අප අදාළ ප්‍රෙද්ශයේ පොලිස් ස්ථානයට දැනුම් දෙනවා.
එසේම අපගේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබෙනවා. මෙම පොලිසිය මඟින් අදාළ පුද්ගලයා අත්තඩංගුවට ගන්නවා.
ඉන් පසුව ආයතනය මඟින් මෙම පුද්ගලයාට නඩු පවරනවා. අපට නඩු පවරන්න පුළුවන් නීතිමය අවස්ථා ගණනාවක් තිබෙනවා. මෙහිදී එක් සිද්ධියක් ලෙස සලකන්න පුලුවන් වැඩිහිටියන් විසින් පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීම.
2020/08/05 තරුණි පුවත්පත බලන්න.