පීච් වර්ණ කේක් එකයි මල් පොකුරයි

පෙබරවාරි 5, 2020

අඟල් 04, 06, 08, 10 ප්‍රමාණයේ හතරැස් ඩමි හතරක් අවශ්‍ය වේ. ඩමි 4 ම එක උඩ එක තබා Leaf නොසල් (67) එකෙන් සම්පූර්ණ cake  එක ඉරි ආකාරයට යොදාගන්න. ඉන්පසු cake සියල්ලම බෝඩර් ද leaf නොසල් එක භාවිතයෙන් බටර් අයිසිංවලින්ම රැලි ආකාරයට දමන්න. ඉන්පසු නොම්බර 104 petal   නොසල් එකෙන් රෝස මල් අවශ්‍ය ප්‍රමාණය තැඹිලි පාටින් සාදාගන්න. රූපයේ පෙනෙන ආකාරයට කේක් එකේ තබන්න. පාච්මන්ට් අයිසිංවලින් කපාගත් මල් තබා සරසන්න. කේක් එක උඩට ඕනමන්ට් එකක් තබන්න.

 

කේක් නිර්මාණය සහ උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

තෙයාගි සධනිකා ගමගේ

ඡායා - ශාන් රඹුක්වැල්ල

2020/02/05 තරුණි බලන්න