කටට රසට සුප් බොමු

මැයි 29, 2023

 

සුප් බොන්න අපි කවුරුත් කැමතියි. ඒ වගේම සුප් එකක් කියන්නේ පරිපූර්ණ ආහාරයක්. අද අපි රසවත් සුප් වර්ග කිහිපයක් හදා ගන්න ආකාරය ගැන කතා කරමු. හැමදාම එළවළු සුප් එකම බීලා එපා වෙලාද? මේ ටික ටේස්ට් කරලා බලන්න දවසට එක ගාණෙ බිව්වත් පාඩු නෑ ඇඟ​ටත් ගුණයි. හපලා කන්න අමාරු වයසක උදවියටත් ඇඟට පෝෂණය ගන්න පුළුවන් එක විදියක් තමයි මේ සුප්.

චිකන් ක්‍රීම් සුප්

කටු සහිත කුකුළු මස්

අල ගෙඩි 03ක්

ලූනූ ගෙඩි 1ක්

ලූනූ කොළ මිටක්

ෆ්‍රෙෂ් ක්‍රීම්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

 

 

මුලින්ම කුකුළු මස්, අල, ලූනූ සහ ලුණු දමා හොඳින් තම්බා ගන්න.

එය ළිපෙන් ඉවත්කිරීමට විනාඩි 5කට පෙර ලූනූ කොළ දමන්න.

දැන් මස්, හැන්දකින් ඉවතට ගෙන සියල්ලම බ්ලෙන්ඩ් කරගන්න.

පිළිගැන්වීමට පෙර ගම්මිරිස් කුඩු දමා ෆ්‍රෙෂ් ක්‍රීම් දමා උණුසුම් ලෙස පිළිගන්වන්න.

-----------------------------

ඕට්ස් සුප්

ඕට්ස් මේස හැඳි 5ක් පමණ

ගම්මිරිස් කුඩු තේ හැන්දක්

ලූනූ ගෙඩියක්

සුදු ලූනූ බික් 2ක්

තක්කාලි සෝස්

තෙල් ස්වල්පයක්

කැමති මස් වර්ගයකින් ග්‍රෑම් 75ක් පමණ

 

 

 

පළමුව ලූනූ ගෙඩිය කුඩාවට කපා ගන්න. ඉන්පසු භාජනයක් ගෙන එයට තෙල් දමා රත් කර එයට කපා ගත් ලූනූ දමා බැද ගන්න. පොඩියට කපාගත් මස් ද එකතුකර මඳ වේලාවක් තෙම්පරාදුකර එයට වතුර එකතු කරන්න.

වතුර නටද්දී ඕට්ස්, ගම්මිරිස්, පොඩියට කපාගත් සුදු ලූනූ,  තක්කාලි සෝස් එකතු කර මිශ්‍ර කරගන්න. අවසානයට රස අනූව ලුණු එකතුකර රස බලන්න.

---------------------------

ශීතකළ තක්කාලි සුප්

තක්කාලි ගෙඩි 3ක්

කොළ පාට බෙල් පෙපර් කෑල්ලක්

ලූනූ ගෙඩියක් 

ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ සාමාන්‍ය කිරි කෝප්ප 1/2ක්

ගම්මිරිස් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

සීනි තේ හැන්දක්

 

 

 

පළමුව තක්කාලි උණු ජලයට දමා විනාඩි 5 ක් වසා තබන්න. එවිට පහසුවෙන් පොතු ඉවත් වෙනවා. ඉන්පසු පොතු ඉවත්කළ තක්කාලි, බෙල් පෙපර්, ලූනූ, ගම්ඹිරිස්, සීනි සහ ලුණු එකට දමා මේ සියල්ලම බ්ලෙන්ඩි කරන්න.

ඉන් පසු මෙය ශීතකරණයේ තබන්න.

පිළිගන්වන විට ෆ්‍රෙෂ් ක්‍රීම් උඩින් දමන්න.

 

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න