වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
රන් රඹුටන් වාරේ මේකයි රස කාලේ

මල්වානෙ - රඹුටන්.....
මේකෙ ඇත්ත නැත්ත බලාගන්න පුළුවන් මේ දවස්වල මල්වාන පැත්තට ගියා නම්. හරියට දවල්ට රතු බල්බ් දාලා වගේ ලස්සනයි. ඉතින් ඔයාලගෙ ගෙවල්වලත් හැදිලා තිෙයන රඹුටන් නිකම්ම කන්නෙ නැතුව මේ වගේ හදලා බලන්න කොච්චර රසද කියලා.
ගු ණ
* රඹුටන් මැංගනීස්වලින් පොහොසත් වන අතර සින්ක්, සෝඩියම්, පොටෑසියම්, පොස්පරස්, කැල්සියම්, යකඩ සහ මැග්නීසියම් ද අඩංගු වේ.
* බී විටමින් ගණනාවක් සහ විටමින් සී ඉහළ මට්ටමක පවතී.
* සමස්ත සෞඛ්‍යයට උපකාරී වන කුරුඳු අම්ලය සහ වෙනත් ප්‍රතිඔක්සිකාරක ඇතුළු අද්විතීය කාබනික සංයෝග කිහිපයක් ඇත.
* මෙම පලතුරුවල ප්‍රෝටීන්, ආහාරමය තන්තු සහ කාබෝහයිඩ්‍රේට් කුඩා ප්‍රමාණයක් ද ඇත.
* බර අඩු කර ගැනීමට, සමේ පෙනුම වැඩිදියුණු කිරීමට, ආහාර ජීර්ණය ප්‍රශස්ත කිරීමට හා අස්ථි ශක්තිමත් කිරීම රඹුුටන්හි ඇති වඩාත් ආකර්ෂණීය සෞඛ්‍ය ප්‍රතිලාභ වේ.
* රක්තපාතය, හිසරදය, බඩේ කැක්කුම සහ ආතරයිටිස් ඇතුළු බොහෝ රෝග තත්ත්වයන් පාලනය කිරීමටද රඹුටන් භාවිත කළ හැකිය.
අගු ණ
* අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ විස වීම වැනි රඹුටන් පරිභෝජනය කිරීමේදී ඔබ ප්‍රවේශම් විය යුතු කරුණු කිහිපයක් තිබේ.
* මෙම රෝග හැදෙන්නේ සාමාන්‍යයෙන්, පලතුර බොහෝ දුරට ඉදුණු පසු ආහාරයට ගත් විට හෝ අධික ලෙස පරිභෝජනය කළ විටය.
* ඔබ රඹුටන් ඕනෑවට වඩා ඉදවීමට ඉඩදෙන විට, ඒවායේ අඩංගු සීනි ඇල්කොහොල් ගුණ ලබා ගැනීමට පටන් ගනී. එය කොලෙස්ටරෝල් මට්ටම පමණක් නොව රුධිර පීඩනය හා දියවැඩියාවද පාලනය කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට අනතුරුදායක විය හැකිය.
රඹුටන් අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය:-
රඹුටන් ගෙඩි 10-15ක්
මිරිස්කුඩු මේස හැඳි 2ක්
චොප් කරගත් ඉඟුරු, සුදුලූනු තේහැඳි 1ක්
අබ තේහැඳි 1/2ක්
සූදුරු තේහැඳි 1/2ක්
විනාකිරි මේස හැඳි 1ක්
සීනි මේස හැඳි 1ක්
ලුණු ස්වල්පයක්
තෙල් අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
01. පෑන් එකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ ළිපේ තියන්න.
02. අබ හා සූදුරු දාලා ටිකකින් ඉඟුරු සුදු ලූනු පේස්ට්එක දාගන්න.
03. මේ ටික හොඳට බැදුනම ළිපෙන් බාලා මිරිස්කුඩු ටික දාගන්න. කලවම් කරලා රස අනුව ලුණු හා සීනි දාගන්න.
04. දැන් ආයේ ළිප ඔන් කරලා රඹුටන් ටික දාලා හොඳට කලවම් කරගන්න.
05. විනාඩි 2ක් වගේ කලවම් කරලා ළිපෙන් බාලා විනාකිරි දාලා හොඳට කලවම් කරගන්න.
රඹුටන් දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය:-
රඹුටන් ගෙඩි 10-15ක්
සීනි කෝප්ප 1/2ක්
කුරුඳුපොතු කෑල්ලක්
තළාගත් එනසාල් ඇටයක්
සාදන ක්‍රමය
01. රඹුටන් ගෙඩිවලට පොඩි පොඩි කැපුම් දාගන්න.
02. පෑන් එකකට සීනි දාලා සීනි ටික කරවේගෙන එනකොට වතුර මේසහැඳි 2ක් දාලා කැරමල් එක හදාගන්න.
03. මේකට තළාගත් එනසාල් හා කුරුඳුපොතු ටිකත් දාලා කලවම් කරගන්න.
04. දැන් මේකට රඹුටන් ගෙඩි ටිකත් දාලා වතුර ගතිය ටිකක් අඩුවෙනකල් හැඳිගාලා ළිපෙන් බාගන්න.
05. ජීවාණුහරණය කළ බෝතලේක අසුරාගන්න.
රඹුටන් ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:-
රඹුටන් ගෙඩි 20ක් පමණ
සීනි කෝප්ප 1/2ක්
වතුර කෝප්ප 1/2ක්
කුරුඳුපොතු කෑල්ලක්
දෙහි යුෂ ස්වල්පයක්
සාදන ක්‍රමය
01. රඹුටන්වල ඇට අයින් කරලා මදය බ්ලෙන්ඩර් එකට දාගන්න.
02. දැන් මේකට වතුරවලින් ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා පල්ප් එකක් හදාගන්න.
03. මෙය භාජනයකට දාලා ඉතුරු වතුර ටිකත් දාලා සීනි හා කුරුඳුපොතු කෑල්ල දාලා මඳ ගින්නේ පිසගන්න.
04. මිශ්‍රණය ටික ටික උකු වෙනකල් හැඳිගාමින් පිසගන්න.
ජෑම් පදමට ආවම කුරුඳුපොතු කෑල්ල අයින් කරලා ළිපෙන් බාලා දෙහි යුෂ දාගන්න.
ජීවාණුහරණය කළ බෝතලේකට අසුරාගන්න.
රඹුටන් පුඩිං
අවශ්‍ය ද්‍රව්‍ය:-
ඇට ඉවත් කළ රඹුටන් ගෙඩි 15ක්
සීනි කෝප්ප 1/4ක්
වතුර කෝප්ප 2ක්
අගර් අගර් මේස හැඳි 1ක්
සාදන ආකාරය
01. භාජනයකට රඹුටන්, සීනි, අගර් අගර් හා වතුර දමා ළිපේ තියන්න.
02. වතුර නටනකොට ළිපෙන් බාලා රඹුටන් ටික වතුරෙන් වෙන්කරලා පුඩිං බෝල් එකට අතුරාගන්න.
03. මේක විනාඩි 10ක් ෆ්‍රීස් කරන්න.
04. දියරය හොඳට හැඳිගාලා ෆ්‍රිජ් එකෙන් ගත්තු පුඩිං එකට දමා ෆ්‍රිජ් එකේ නෝමල් කොටසෙ දාන්න.
05. පැයකින් වගේ එළියට අරගන්න.
උපදෙස්
ප්‍රවීණ කේක් නිර්මාණ උපදේශිකා
සර්වදර්ශනී අප්සරා