කිරිකොස් ව්‍යාංජනය

පෙබරවාරි 13, 2020

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

පැසුණු කොස් මදුළු 20-25ක් පමණ

ලූනු

රම්පෙ, කරපිංචා

අමුමිරිස් කරලක් දෙකක්

සුදු ලූනු බික් 2ක්

කුරුඳු පොතු කැබැල්ලක්

උම්බලකඩ කුඩු ස්වල්පයක්

මිටිකිරි කෝප්ප 2 ක්

දියකිරි කෝප්පයක්

තුනපහ තේහැන්දක්

මිරිස්කුඩු තේ හැඳි භාගයක්

කහ ස්වල්පයක්

ලුණු රස අනුව

 

හදන්නේ මෙහෙමයි,

කොස් මදුළු සෝදා කැබැලිවලට කපා ගන්න. එහි ඇති කොස් ඇට ද සිවිඩි ඉවත්කොට ශුද්ධකර කැබැලි කපා එයට ම දමා ගන්න. දැන් මෙයට රම්පෙ, කරපිංචා, සිහින්ව කපා ගත් ලූනු, සුදු ලූනු, කපාගත් අමු මිරිස්, කුරුඳු පොතු කැබැල්ල, උම්බලකඩ, ආදී සියල්ල දමා තුනපහ, කහ, මිරිස්කුඩු ආදිය ද එක්කරන්න.

දැැන් මෙම මිශ්‍රණයට දියකිරි හෝ වතුර කෝපපයක් දමා හොඳින් පහේ මිශ්‍රකොට ළිප තබන්න. පියන වසා තම්බා ගත් කොස්වල වතුර හිඳුණ පසු මිටිකිරි එක්කර පිස ගන්න. බැදපු පහේ ටිකක් උඩින් ඉස මේසයට යවන්න.

මේ කිරිකොස් ව්‍යාංජනය අවශ්‍ය නම් ඔබට තෙම්පරාදු කරගත හැකියි.