රටින් රටට රසය බෙදන විවිධ රහේ කෑම බීම

නොවැම්බර් 21, 2022

රසට හැපෙන වියට්නාම් පෑන් කේක්

ලෝකයේ විවිධ ආහාර රටා අතර විවිධ රස සොයන රසවතුන් සොයන වෙනස්ම ක්‍රමයේ ආහාර සංස්කෘතීන් විටින් විට අපට මුණගැසේ. පසුගිය සතියේ ‘ප්‍රණීත’ හරහා දේශීය ආහාර වේලක රස පහස විඳි අපි අද සූදානම් වෙන්නේ විවිධ රටවල අත්හදා බැලූ නමුත් ශ්‍රී ලංකාවේ අඩු වියදමින් සකසා ගත හැකි ආහාර වර්ග කිහිපයක් පිළිබඳයි.

පෑන් කේක් කිව්වම ලොකු පොඩි කොයි කවුරුත් කැමැතියි. පැණි පොල් පිරවූ පෑන් කේක් රස බැලූ ඔබට වියට්නාම් පෑන් කේක් වලත් රස බලන්න දැන් අවස්ථාව ලැබෙනවා. මේ ආහාර වට්ටෝරුව ඔබත් සාදා බලන්න.

වියට්නාම රසට හැපෙන පෑන් කේක් හදන්නේ මෙහෙමයි.

සහල් පිටි කෝප්ප ග්‍රෑම් 200ක්

කහ තේ හැන්දක් පමණ

සීනි තේ හැඳි 1ක්

මුහුදු ලුණු තේ හැඳි 1/2ක්

පෝල් කිරි මිලි ලීටර් 400ක්

සෝඩා වතුර මිලි ලීටර් 250ක්

ලුනු කොළ 8ක් පමණ (සුදු කොටස ඉතා සිහින්ව ද, තද කොළ කොටස සිහින්ව ද කපා ගන්න)

කුකුළු මස් ග්‍රෑම් 250ක් (පපු කොටස)

එළවළු හෝ පොල්තෙල් තේ හැඳි 3ක්

බෝංචි කැබැලි ස්වල්පයක්

කුඩාවට කපා ගත් පිපිඤ්ඤා කැබැලි කිහිපයක්

සිහින්ව කපාගත් දිග රතු මිරිස් 2ක්

අච්චාරු ලෙස සකසා ගත් කැරට් ග්‍රෑම් 250ක්

කොත්තමල්ලි කොළ හෝ සලාද කොළ

බෙල් පෙපර් හෝ මාළු මිරිස් කරල් 1ක්

සිහින්ව තළාගත් සුදුලුනු, කරාබුනැටි

මාළු සෝස් මිලි ලීටර් 80ක්

කැස්ටර් සීනි ග්‍රෑම් 70ක්

දෙහි යුෂ තේ හැඳි 1ක් අවශ්‍ය නම්

ලෙමන් යුෂ තේ හැඳි 1ක්

අච්චාරු දමන ලද කැරට් (තරමක ප්‍රමාණයේ කැරට් 2ක්) , අමු ගස්ලබු හෝ අබ/ ඇඹරැල්ලා

ඩයිකොන් රාබු ග්‍රෑම් 350ක් (රාබු 1ක්)

ලුණු තේ හැඳි 3

සීනි ග්‍රෑම් 80ක්

විනාකිරි මිලි ලීටර් 125ක්

 

දැන් මේ විදියට හදාගන්න.

විශාල භාජනයක් තුළට සහල් පිටි, කහ, සීනි සහ ලුණු දමන්න. පොල් කිරි එකතු කරන්න. ඉන්පසු සෝඩා වතුර සහ ලූණු කලවම් කරන්න. මඳක් ඝනවීම සඳහා විනාඩි 30ක් ශීතකරණයේ තබන්න.

 

සාස්පානකට වතුර දමා එය හොඳින් නටන විට කුකුළු මස් එකතු කර උණු කරන්න. හොඳින් වැසෙන පියනකින් මෙය වසාගන්න. විනාඩි 11කින් පමණ මෙය බාගන්න. කුකුළු මස් පිඟානකට දමා, විනාඩි 10කින් පමණ පසුව තීරුවලට කඩා ගන්න. ඉන්පසු ශීතකරණයේ තබා ගත් මිශ්‍රණය මෙයට එක් කරන්න.

 

පෑන් කේක් එක සඳහා

(Nuoc cham සඳහා) මිරිස් සහ සුදුලූනු වංගෙඩියකට දමා කොටා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. එය බඳුනකට මාරු කරන්න. අමුද්‍රව්‍ය සහ ජලය තේ හැඳි 2ක් එකතු කරන්න. ඉන් අනතුරුව සීනි හොඳින් දියවනතුරු කලවම් කරන්න. කැමැත්ත අනුව මාළු සෝස් හෝ දෙහි යුෂ සමඟ ආහාරයට මෙය ගත හැකිය. මෙම බැටර් එක පසෙකින් තබාගන්න.

 

පෑන් කේක් සෑදීම සඳහා සෙන්ටිමීටර් 26ක පෑන් එකක් ගෙන එයට තෙල් තේ හැඳි 1/2ක් එකතු කර, පෑන් එක රත් කරගන්න. පෑන් එකට වැඩිපුර තෙල් එකතු කරන්න එපා.

 

පෙර සාදාගත් බැටර් එකින් මේස හැඳි1ක් පමණ පෑන් එකට දමා හොඳින් තුනී වන සේ (ආප්පයක් ලෙස) සාදා ගන්න. දැන් පෑන් කේක් එකේ පැහැය වෙනස් වනවිට පෙර සකසා ගත් මිශ්‍රණයෙන් කොටසක් දමාගන්න. මිනිත්තු 3කට පමණ පසුව ඡායාරූපයේ ආකාරයට නවාගන්න. මෙය නොකැඩෙන සේ බා ගන්න. එය උණුසුම්ව තබා ගැනීම වඩාත් සුදුසු වේ. ඉතිරි මිශ්‍රණයෙන් ද මෙලෙස සාදාගන්න.

 

කුකුළු මස්, ලුනු ගස්, බෝංචි, පිපිඤ්ඤා, මිරිස්, අච්චාරු දමන ලද කැරට් යන ආදිය දමා අලංකාර කර පෑන් කේක් සහ nuoc cham සමඟ පිළිගන්වන්න.

**********************

පොඩ්ඩන්ටත් කන්නට හැකි කෙසෙල් පාන්

පාන්වල මිල ගණනුත් වැඩි නිසා නිවෙසේදීම සකසා ගත්තොත් ඔබේ මුදල් පසුම්බියටත් පහසුවක් වේවී. කෙසෙල් එකතුක සකසන මේ විශේෂිත පාන් වර්ගය ඉතාම රසවත් නිසා ව්‍යංජන, බටර්, ජෑම් වැනි අතිරේක ආහාර රහිතව වුවද රස බැලිය හැකියි.

කෙසෙල් පාන් සෑදීමට මේ දේවල් යොදා ගනිමු.

ශීත කළ මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි 4ක්

සීනි අඬු කෝප්ප 1 1/2ක්

ලුණු නැති බටර් ග්‍රෑම් 115ක්

පිරිසුදු වැනිලා තේ හැඳි 2ක්

බිත්තර 2ක්

පාන් පිටි ග්‍රෑම් 375ක්

බේකින් සෝඩා තේ හැඳි 1 1/2ක්

ලුණු තේ හැඳි 1/2ක්

අවශ්‍ය නම් ගම්මිරිස් ස්වල්පයක්

 

මෙලෙස කෙසෙල් පාන් හදා ගනිමු. මුලින්ම අවන් එක සෙල්සියස් අංශක 180කට රත් කරන්න. ශීත කළ කෙසෙල් එක මයික්‍රෝවේව් එකක හෝ බ්ලෙන්ඩරයක ආධාරයෙන් පේස්ට් එක දිය කරගන්න. අඟල් 9 x අඟල් 5 ප්‍රමාණයේ පාන් තැටි දෙකක් ගෙන එයට බටර් ස්වල්පයක් ගා ගන්න. ඉන්පසු දියකරගත් කෙසෙල් ගෙඩි ගෑරුප්පුවක් හෝ අර්තාපල් මැෂර් එකක් ආධාරයෙන් පොඩි කරගන්න. පොඩි කරගත් මිශ්‍රණයට සීනි, උණු කළ බටර්, බිත්තර සහ වැනිලා දමා ලී හැන්දක් භාවිත කරමින් මිශ්‍ර කරන්න. ඉන්පසු පිටි, බේකින් සෝඩා සහ ලුණු ද එයට එකතු කරන්න. චොක්ලට් චිප්ස්, වියළි පලතුරු, කැඩුණු පීකන්ස් එකතු කළ හැකි යි.

 

සාදාගත් මිශ්‍රණය පාන් තැටියට එකම මට්ටමකට දමා ගන්න. අනතුරුව විනාඩි 60ක් පුලුස්සා ගන්න. එය නියම ප්‍රමාණයට පිලිිස්සී ඇද්දැයි බැලීමට ටූත් පික් එකක් භාවිතා කරන්න. හොඳින් පිලිස්සුණු කේක් එක සම්පූර්ණයෙන්ම සිසිල් වූ පසු කෙසෙල් පාන් පෑන් තුළ තදින් වසා දින 3ක් පමණ ශීතකරණයේ තබා ගන්න.

****************

තායි රහට ෆිෂ් කේක්

පැණි රසැති කේක් රස බලා ඇති ඔබට තායි ෆිෂ් කේක් නුහුරු නුපුරුදු වුවත් රසින් ඉහළයි. තරමක සැර ගතියකින් යුතු මේ කේක් වර්ගය උදෑසන ආහාරයට වගේම සවස තේ වෙලාවටත් කදිමයි.

 

තායි ෆිෂ් කේක් හදන්න මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා.

සුදුමාළු පිරවුම් ග්‍රෑම් 500, සම සහ කටු ඉවත් කර කැබලිවලට කපා (ගල් මාළු/ වැව් මාළු)

මිරිස් කුඩු තේ හැඳි 3ක්

සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ තේ හැඳි 1ක්

මාළු සෝස් /සෝයා සෝස් තේ හැඳි 1ක්

දෙහි යුෂ තේ හැඳි 1ක්

බිත්තර 1ක්

සහල් පිටි හෝ ඉරිඟු පිටි ග්‍රෑම් 1/4ක්

සිහින්ව කුඩු කරගත් මුං ඇට තේ හැඳි 6ක්

එළවළු තෙල් තේ හැඳි 4 - 6ක් (අවශ්‍ය ප්‍රමාණයට)

පැණි මිරිස් සෝස් තේ හැඳි 1ක්

කොත්තමල්ලි කොළ සැරසීමට

දෙහි කැබැල්ලක්

 

අපි දැන් ෆිෂ් කේක් හදා ගනිමු.

මාළු, මිරිස් කුඩු , කොත්තමල්ලි, මාළු සෝස්, දෙහි සහ බිත්තර යන සියල්ල බඳුනකට දමාගන්න. මාළු තලපයක් ලෙස පෙනෙන ආකාරයට බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු සහල් පිටි සහ මුං ඇට පිටි ද එයට එකතු කරන්න. එම මිශ්‍රණයෙන් කෝප්ප 1/4ක් පමණ (අයිස් ක්‍රීම් හැන්දකින් එකක්) ගෙන එය තුනී කරගන්න. පෑන් එකේ මැද හරියට තෙල් දමා, එය රත් වූ පසු තුනී කරගත් මිශ්‍රණයෙන් කීපයක් තෙලට දමා එය රන්වන් පාට වනතුරු දෙපැත්තම බැදගන්න. පේප සර්වියට් එකක් දමා එයට මෙය බා ගන්න. අප සාදා ගත් මිශ්‍රණය මෙලෙසින් පිසගන්න. මෙය පිළිගැන්වීමේදී කොත්තමල්ලි කොළ සහ දෙහි කැබැල්ලකින් සරසා ස්වීස් චිලි සෝස් සමඟ පිළිගන්වන්න.

 

*******************

කන්න කන්න ආස හිතෙන chicken wing

විව්ධ රසට කුකුළු මස් රස බලන්න කැමැති ඔබට පිරවූ චිකන් වින්ග්ස් වෙනස්ම රසයක් එක් කරාවි.  චිකන් වින්ග්ස් හොඳි වර්ග වල වුව ද දවටා රස බැලිය හැකිය. අඹ චට්නි හොඳි ඒ සඳහා හොඳින් ගැලපේ.

 

අවශ්‍ය මෙන්න මේවායි.

 

(ග්‍රෑම් 400ක් පමණ )

අඹරන ලද කුකුළු මස් ග්‍රෑම් 150ක්

සීසන් කර ගැනීම සඳහා (Marinade)

සෝයා සෝස් තේ හැඳි 1ක්

ලුණු තේ හැඳි 1/4ක්

සීනි තේ හැඳි 1/2ක්

ලූණු තේ හැඳි 1/2ක්

තල තෙල් තේ හැඳි 1/2ක්

ගම්මිරිස් ඇටයක්

 

 

චිකන් වින්ග්ස් සීසන් කර ගැනිම සඳහා (Marinade)

ඉඟුරු යුෂ තේ හැඳි 2ක්

සෝයා සෝස් තේ හැඳි1/2ක්

ගම්මිරිස් ඇටයක්

 

මී පැණි තේ හැඳි 1ක්, ජලය තේ හැඳි 2ක් සමඟ මිශ්‍ර කර

 

මෙන්න මෙහෙම හදා ගනිමු

චිකන් පියාපත් හොඳින් පිරිසුදු කර අනවශ්‍ය කොටස් ඉවත් කරන්න. අඹරන ලද Marinade සමඟ චිකන් හොඳින් මිශ්‍ර කර ගන්න. මෙම මිශ්‍රණයට (ජැමෙයිකානු ජර්ක් සීසනික් මිශ්‍රණය) මී පැණි තේ හැඳි 2/3ක් ද එකතු කරන්න. අවම වශයෙන් විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබන්න. එය තෙල් ස්වල්පයක් එකතු කර දුඹුරු පැහැ වනතුරු පිසගන්න. දැන් ඉතිරි මී පැණි මිශ්‍රණය චිකන් පියාපත් පුරා ආලේප කරන්න.

 

අඹ චට්නි හොඳි

Mango Chutney gravy

මෙන්න මේවා අවශ්‍යයි.

සීනි කෝප්ප 2ක්

සුදු විනාකිරි කෝප්ප 1ක්

අඹ ගෙඩි 6ක්

පොතු ඉවත් කර අඟල් 3/4 කෑලිවලට කපාගත් ලූනු ගෙඩියක්

මුද්දරප්පලම් කෝප්ප 1/2ක්

සිහින්ව ලියාගත් ඉඟුරු කෝප්ප 1/4ක්

අඹරන ලද සුදුලූනු, කරාබුනැටි 1ක්

අබ තේ හැඳ 1ක්

මිරිස් හෝ ගම්මිරිස් තේ හැඳි 1/4ක්

 

මෙන්න මෙහෙම සාදාගන්න.

සීනි විනාකිරි සිරප් සාදන්න.

ලීටර් 6ක භාජනයනට සීනි සහ විනාකිරි එකතු කරන්න. සීනි හොඳින් උණු වන තෙක් හොඳින් උණු කරගන්න. ඉතිරි ද්‍රව්‍යය ටික ද කලවම් කර බඳුන නොවසා තරමක් උකු වන තෙක් මිනිත්තු 45 සිට පැය 1 දක්වා පිසගන්න. ඉඳහිට කලවම් කරන්න. අවසානයේ සියල්ල සිසිල් වූ පසු බ්ලෙන්ඩ් කරන්න.

*******************

 

ජැමෙයිකානු ජර්ක් සීසනින් පවුඩර්

රටින් රට ආහාර සොයා යන අප දැන් පිවිසෙන්නේ ජැමෙයිකාවේ කුළුබඩු මිශ්‍රණය පිළිබඳ සොයා බැලීමටයි. කුකුළු මස් රස ගැන්වීම සඳගා යොදා ගන්නා මේ රසකාරකය ඉස්සන්, දැල්ලන් වැනි මුහුදු ආහාර රසගැන්වීම සඳහාත් යොදා ගත හැකියි. ජැමෙයිකාවේ මේ පවුඩර් මිශ්‍රණය ඔබත් සකසා බලන්න.

 

මෙන්න ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැයිස්තුව

රතු ලූනු ග්‍රෑම් 10ක්

සුදු ලූනු ග්‍රෑම් 5ක්

ඉඟරු තේ හැඳි 1ක්

දෙහි යුෂ මිලි ලීටර් 10ක්

නැවුම් තක්කාලි ග්‍රෑම් 5ක්

නැවුම් කොත්තමල්ලි ග්‍රෑම් 2ක්

නැවුම් මින්ට් කොළ ග්‍රෑම් 2ක්

පොල්තෙල් මිලිලීටර් 5ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

ලුණු තේ හැඳි 2ක්

ගම්මිරිස් තේ හැඳි 2ක්

වියළි කරපිංචා කිනිති කිහිපයක්

ලංකා හකුරු තේ හැඳි 2ක්

තුනපහ තේ හැඳි 1ක්

වියළන ලද අබ තේ හැඳි 1ක්

කෑලි මිරිස් තේ හැඳි 1/2ක්

කුරුඳු තේ හැඳි 1/2ක්

සාදික්කා තේ හැඳි 1/2ක්

කරාබුනැටි

තේ හැඳි 1/2ක බීම

සූදුරු තේ හැඳි 1/4ක්

කොත්තමල්ලි තේ හැඳි 1/4ක්

කරදමුංගු තේ හැඳි 1/4ක්

 

මිශ්‍රණය සාදන්නේ මෙහෙමයි.

රතු ලූනු, ඉඟුරු, සුදු ලූනු හැර අනෙකුත් සියල්ල බඳුනකට එකතු කරන්න. ඒ සියල්ල එකින් එක බඳුනකට දමා ගන්න. එසේ නොමැති නම් ඔබ ගෙදර පෙර සාදා තබා ගෙන ඇති කුළුබඩු මිශ්‍රණය ලබා ගෙන එය වාතය රහිත භාජනයක ගබඩා කරන්න. කැමැති නම් මේ සඳහා කොච්චි මිශ්‍රණයක් වුව එකතු කරගත හැකිය. කෑම සෑදීමට එය භාවිත කර, හොඳින් කුඩු කරගන්න. නැත්නම් ඔබට මෙය පුද්ගලික මිශ්‍රණයක් ලෙස ද යොදා ගත හැකිය. ඒ සඳහා සුදුලූනු චොප් කරගන්න, මිරිස් , ලූනු හොඳන් සිහින් වන ලෙස කපාගන්න, හකුරු හෝ දුඹුරු සීනි මෙයට යොදා ගන්න. ඔබ කැමැති ලෙස සිලෝන් පර්ක්, සිලෝන් කොච්චි මිශ්‍රණය හෝ පුද්ගලික මිශ්‍රණය යන මේවායින් එකක් භාවිත කරන්න.

 

කැමැති මිශ්‍රණයක් යොදා ගෙන සුදුලූනු, රතු ලූනු, ඉඟුරු, තක්කාලි, නැවුම් කොත්තමල්ලි, මින්ට් යන දේවල් කපාගන්න. දෙහි ස්වල්පයක් හා එළවළු තෙල් හෝ පොල්තෙල් ද යොදා ගන්න.

 

උපදෙස්

සිනමන් හෝටල් සමූහයේ

විධායක සූපවේදී

මාර්ක් කුමාර්