වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ෆැමිලි ෆන් එකට හදමු පොප්කෝන්
ලොකු පොඩි වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් පොප්කෝන් රස විඳන්න කැමැතියි. ඉතින් මේ රසවත් පොප්කෝන් නිවෙසේදීම හදාගන්න ඔබත් කැමැති ඇති. එහෙම නම් අපි විවිධ රසයට පොප්කෝන් හදල බලමු.
පැණි පොප්කෝන්
බඩ ඉරිඟු ඇට කෝප්පයක්
පොල්තෙල් මේස හැඳි දෙකක්
ලුණු තේ හැඳි 1/2ක්
සීනි කෝප්පයක්
වතුර මේස හැඳි 08ක් පමණ
ආහාර වර්ණක (කැමැති වර්ණයක්)
වැනිලා බිංදු 2 -3ක්
* භාජනයක් ගෙන එයට තෙල් සහ ලුණු දමා මඳ ගින්දරේ ළිපෙන් තබන්න.
* තෙල්, ලුණු මිශ්රණය රත්වන විට බඩ ඉරිඟු ඇට දමා හොඳින් මිශ්ර කරන්න.
* දැන් බඩ ඉරිඟු ඇට මඳක් මැල වී එකින් එක පිපිරීමට පටන් ගනී. එවිට භාජනය හොඳින් වැසෙන පියනකින් වසාගන්න.
* ඉරිඟු ඇට පිපිරෙන හඬ නැවතුණු විට ළිපේ ගින්දර නිවා දමන්න.
* පියන ඇර පිපිරුණු පොප්කෝන් බඳුනකට දමාගන්න.
* නැවත භාජනයක් ළිපේ තබා එයට සීනි දමාගන්න.
* සීනි රත් වීගෙන එන විට වතුර ටික එකතු කරන්න. අනතුරුව වැනිලා, වර්ණකය ද එකතුකර මඳ ගින්දරේ විනාඩි 4- 6ක් පමණ රත්වන්නට හරින්න.
* මේ සීනි මිශ්රණය උකු වී නූලක් සේ ඇදෙන විට ළිපෙන් බාගන්න.
* සිනි මිශ්රණය මඳක් නිවුණු පසු කලින් සකසා ගත් පොප්කෝන් එයට දමා හොඳින් සිනී මිශ්රණයේ දැවටෙන සේ කලවම්කර පිළිගන්වන්න.
* සුළං නොවදින සේ අසුරා තබා කෑමට ගන්න.
ලුණු රසට පොප්කෝන්
බඩ ඉරිඟු ඇට කෝප්පයක්
පොල්තෙල් මේස හැඳි 02ක්
ලුණු තේ හැඳි 1/2ක්
* භාජනයක් ගෙන එයට තෙල් සහ ලුණු දමා මඳ ගින්දරේ ළිපෙන් තබන්න.
* තෙල්, ලුණු මිශ්රණය රත්වන විට බඩ ඉරිඟු ඇට දමා හොඳින් මිශ්ර කරන්න.
* දැන් බඩ ඉරිඟු ඇට මඳක් මැල වී එකින් එක පිපිරීමට පටන් ගනී. එවිට භාජනය හොඳින් වැසෙන පියනකින් වසාගන්න.
* ඉරිඟු ඇට පිපිරෙන හඬ නැවතුණු විට ළිපේ ගින්දර නිවා දමන්න.
* පියන ඇර පිපිරුණු පොප්කෝන් බඳුනකට දමාගන්න.
* සුළං නොවදින සේ අසුරා තබා කෑමට ගන්න.
කැරමල් පොප්කෝන්
* බඩ ඉරිඟු ඇට කෝප්පයක්
* පොල්තෙල් මේස හැඳි 02ක්
* ලුණු තේ හැඳි 1/2ක්
* සිනී ග්රෑම් 100ක්
* බටර් මේස හැඳි දෙකක්
* කිරි මිලි ලීටර් 100ක්
* භාජනයක් ගෙන එයට තෙල් සහ ලුණු දමා මඳ ගින්දරේ ළිපෙන් තබන්න.
* තෙල්, ලුණු මිශ්රණය රත්වන විට බඩ ඉරිඟු ඇට දමා හොඳින් මිශ්ර කරන්න.
* දැන් බඩ ඉරිඟු ඇට මඳක් මැල වී එකින් එක පිපිරීමට පටන් ගනී. එවිට භාජනය හොඳින් වැසෙන පියනකින් වසාගන්න.
* ඉරිඟු ඇට පිපිරෙන හඬ නැවතුණු විට ළිපේ ගින්දර නිවා දමන්න.
* පියන ඇර පිපිරුණු පොප්කෝන් බඳුනකට දමාගන්න.
* නැවත භාජනයක් ළිපේ තබා එයට සිනී දමාගන්න.
* මඳ ගින්දරේ විනාඩි 2 -3 ගතවන විට සිනී දුඹුරු පැහැති වේ. එවිට බටර් දමා මිශ්ර කරගන්න. මිශ්රණය ඝණ වී ගෙන එන විට එයට කිරි ද දමා හොඳින් මිශ්ර කරන්න.
*මේ කැරමල් මිශ්රණය උකුවන විට ළිපෙන් පිටතට ගන්න.
* මඳක් නිවුණු පසු කැරමල් මිශ්රණයට කලින් සාදාගත් පොප්කෝන් දමා හොඳින් කලවම්කර කෑමට ගන්න.