දෙවැනි ගමන සරසන්නට සොඳුරු කේක් නිමැවුමක්

ඔක්තෝබර් 23, 2023

මංගල උත්සවයකදී සොඳුරු මනාලියට වාගේම ලස්සනට හැඩවැඩ කරගත් කේක් නිර්මාණයටත් හිමිවන්නේ වැඩි අවධානයක්. ඒ නිසාම මනාලිය, මල් කළඹ වාගේම කේක් එකත් අලංකාරව නිර්මාණය කරගන්න තමයි අපි හැමෝම කැමැති.

හැබැයි කේක් නිර්මාණය කිරීමත් මේ දිනවල තරමක් මිලාධික කටයුත්තක් නිසා ඒ ගැනත් ටිකක් හිතන්න වෙනවා. ඒ හින්දා හොඳම දේ ඔබේ අතින්ම කේක් එක සකසා ගැනීමයි. මනාලියට නම් මෙය තරමක් අපහසු කටයුත්තක් වුවත් යෙහෙළින්ගේ, නිවැසියන්ගේ උදවු ලැබුණොත් අඩු වියදමකින් ලස්සන නිර්මාණයක් කළ හැකියි.

මේ එලෙස ලෙහෙසියෙන් පහසුවෙන් සකසා ගත හැකි දෙවැනි ගමනට සුදුසු අපූරු කේක් නිර්මාණයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* අඟල් 7 ප්‍රමාණයේ කේක් තැටියේ බේක් කරගත් කේක් 2ක් (ග්‍රෑම් 500 කේක් දෙකක්)

* බටර් අයිසිං

* එඩිබල් ගෝල්ඩ් ලීෆ්

* සුදු පැහැති අඟල් 10 ප්‍රමාණයේ කේක් බෝඩ් 01ක්

* සුදු ෆොන්ඩන්ට් අයිසිං

* ස්වාභාවික රතු රෝස මල් සහ සුදු පැහැ කුඩා මල් සහිත ඉති කිහිපයක්

* කළු පැහැති ට්‍රොපර් එකක්

* *රතු පාට ආහාර වර්ණක සහ අඟල් 01 පැතලි බ්‍රෂ් එකක්

* එඩිබල් ග්ලූ

 

සකස් කරගන්නා ආකාරය -

 

* බේක් කරගත් කේක් එක හොඳින් නිවෙන්නට හරින්න. ඉන්පසුව අයිසිං කිරීමට සුදුසු පරිදි අනවශ්‍ය කොටස් ඉවත්කර සූදානම් කරගන්න.

* අනතුරුව ටර්නින් ටේබල් එක මත කේක් බෝඩ් එක තබා ඒ මත කේක් එක තබාගන්න. කේක් එකේ මැද අයිසිංවලින් සැන්ඩ්විච් කර, කේක් එක බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

* ඉන්පසුව නැවතත් සුදු පැහැති ෆොන්ඩන්ට්වලින් ආවරණය කරගන්න.

* දැන් කේක් එකේ පහත කොටස පැතලි බ්‍රෂ් එකකින් රතු වර්ණයෙන් ආලේප කරගන්න.

* අනතුරුව පින්තූරයේ දැක්වෙන පරිදි රන් පැහැති පත්‍ර ටික (Gold Leaf) එඩිබල් ග්ලූවලින් අලවා ගන්න.

* කේක් එකේ ඉහළ කොටසේ හා පහත කොටසේ එක් පැත්තක රතු හා සුදු කුඩා මල් ගැළපෙන අයුරින් රඳවා හැඩ වැඩ කරන්න.

* අවසානයේ කේක් එකේ ඉහළ කොටසේ කේක් ට්‍රොපර් එක රඳවා ගන්න.

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

නිසංසලා වීරක්කොඩි