රස පදමට හැඩට කේක්

හරියටම කේක් හදන්න සරලම පාඩම් මාලාව
ඔක්තෝබර් 14, 2024

1 - පාඩම

හරියට ගත යුතු කිරුම් මිනුම්

කේක් එකක් හරියට හදාගත්තොත් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මුල්වරට කේක් එකක් සාදාගන්න උත්සාහ ගන්න අයට අැතිවන ගැටලු නම් බොහොමයි. ඇතැම් විට කේක් එක හිතන විදිහට හැදුණේ නැතිනම් ගැටලුව මොකක්ද කියලාවත් හිතාගන්න බැහැ නේද? ඔන්න ඉතින් ඔබට එවැනි අපහසුතාවක් නොවන පරිදි අපි අද සිට හරියටම කේක් එකක් හදාගන්න අන්දම කියා දෙන්නෙමු.

 

මුළුතැන්ගෙයි කිරුම් තරාදියක් නොමැති අයට කේක් බඩු නිවැරැදි කිරුම් මිනුම් අනුව මෙලෙස ගණනය කරගත හැකියි.

මෙෂරින් කප් (Measuring Cup) කට්ටලය තුළ සම්පූර්ණ කප් එක, කප් එකෙන් බාගය, කප් කාල, කප් එකෙන් අරික්කාල වශයෙන් කප් 4ක් තිබේ.

 

සීනි (සුදු)

කෝප්ප 1ක් = ග්‍රෑම් 220ක්

කෝප්ප 1/2ක් = ග්‍රෑම් 110ක්

කෝප්ප 1/3ක් = ග්‍රෑම් 55ක්

 

 

පිටි

කෝප්ප 1ක් = ග්‍රෑම් 125ක්

කෝප්ප 3/4ක් = ග්‍රෑම් 95ක්

කෝපප 2/3ක් = ග්‍රෑම් 85ක්

කෝප්ප 1/2ක් = ග්‍රෑම් 64ක්

කෝප්ප 1/3ක් = ග්‍රෑම් 43ක්

කෝප්ප 1/4ක් = ග්‍රෑම් 32ක්

කෝප්ප 1/8ක් = ග්‍රෑම් 16ක් (අරික්කාල)

 

 

අයිිසිං ෂුගර්

කෝප්ප 1ක් = ග්‍රෑම් 128ක්

කෝප්ප 3/4ක් = ග්‍රෑම් 96ක්

කෝප්ප 2/3ක් = ග්‍රෑම් 85ක්

කෝප්ප 1/2ක් = ග්‍රෑම් 64ක්

කෝප්ප 1/3ක් = ග්‍රෑම් 43ක්

කෝප්ප 1/4ක් = ග්‍රෑම් 32ක්

කෝප්ප 1/8ක් = (අරික්කාලක්) ග්‍රෑම් 16ක්

 

 

බටර්

කෝප්ප 1ක් = ග්‍රෑම් 227ක්

කෝප්ප 1/2ක් = ග්‍රෑම් 113ක්

කෝප්ප 1/3ක් = ග්‍රෑම් 76ක්

කෝප්ප 1/8ක් = ග්‍රෑම් 16ක් (අරික්කාලක්)

 

 

කොකෝවා පවුඩර්

කෝප්ප 1ක් = ග්‍රෑම් 128ක්

කෝප්ප 3/4ක් = ග්‍රෑම් 96ක්

කෝප්ප 2/3ක් = ග්‍රෑම් 85ක්

කෝප්ප 1/2ක් = ග්‍රෑම් 64ක්

කෝප්ප 1/3ක් = ග්‍රෑම් 43ක්

කෝප්ප 1/4ක් = ග්‍රෑම් 32ක්

කෝප්ප 1/8ක් = ග්‍රෑම් 16ක්

 

 

පැණි

කෝප්ප 1ක් = ග්‍රෑම් 340ක්

කෝප්ප 3/4ක් = ග්‍රෑම් 25ක්

කෝප්ප 2/3ක් = ග්‍රෑම් 227ක්

කෝප්ප 1/2ක් = ග්‍රෑම් 170ක්

කෝප්ප 1/3ක් = ග්‍රෑම් 113ක්

කෝපප 1/4ක් = ග්‍රෑම් 85ක්

මේස හැඳි 2 ක් = ග්‍රෑම් 43ක්

 

 

සීනි (රතු)

කෝප්ප 1ක් = ග්‍රෑම් 220ක්

කොප්ප 1/2ක් = ග්‍රෑම් 110ක්

කොප්ප 1/3ක් = ග්‍රෑම් 73ක්

කෝප්ප 1/4ක් = ග්‍රෑම් 55ක්

 

 

කිරි

කෝප්ප 1ක් = මිලි ලීටර් 240ක්

කෝප්ප 3/4ක් = මිලි ලීටර් 180ක්

කෝප්ප 1/2ක් = මිලි ලීටර් 120ක්

කෝප්ප 1/3ක් = මිලි ලීටර් 80ක්

කෝප්ප 1/4ක් = මිලි ලීටර් 60ක්

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා