වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
උඩරට මනාලියකට හැඩැති කොණ්ඩා මෝස්තරයක්
සැප්තැම්බර් 4, 2019
යුවතියකගේ ජීවිතයේ සුන්දරත්වය වඩාත් වැඩියෙන් කැපී පෙනෙන්නේ ඇය මනාලියක් වනදාටය. මනාලිය යන්නෙහි අර්ථය වන්නේ ද මනා වූ ලිය යන්නයි.
ඒ නිසාම ඇය මනාලියක් වන දිනයේ හිස පලඳනාවේ සිට දෙපතුළට පලඳින පාවහන් දක්වා සියලු දෙයට වැඩි අවධානයක් යොමු කරයි.
කොණ්ඩා මෝස්තරය මනාලියගේ සුන්දරත්වය වැඩි දියුණු කරන තවත් එක් අංගයකි. එය මනාලියගේ ඇඳුමේ සම්ප්රදායට අනුකූලව ගැළපිය යුතුයි. ඒ නිසාම ඉදිරියේදී උඩරට මනාලියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබටයි මේ හැඩකාර විලාසිතාව. මෙය සාම්ප්රදායික උඩරට මනාලියක් සඳහා සුදුසු කොණ්ඩා මෝස්තරයකි. වඩාත් සුදුසු වන්නේ රවුම් හැඩැති මුහුණකටයි.
එතරම් සංකීර්ණ නොවන විලාසිතාවක් නිසා මෙයින් ඔබේ පෙනුමට සරල සුන්දරත්වයක් එකතු කරාවි. අපි දැන් කොණ්ඩ මෝස්තරය දමන අයුරු පියවරෙන් පියවර පහදා බලමු.
පළමුව රූපයේ ආකාරයට කොණ්ඩයේ ඉදිරිපස කොටස වෙන්කරගන්න. ඉදිරිපස කොණ්ඩය බැක් කෝම්බ් කරන්න. ඉතිරිකරගත් පිටුපස කොටසින් පෝනි ටේලයක් දමා බැක්කොම්බ් කළ කොටස පිටුපසට ගෙන ඉන් කෙස් කොටසක් ගෙන පෝනි ටේලය වටා ඔතා හෙයාර් ක්ලිප් මඟින් රඳවා ගන්න.
2019/09/04 තරුණි බලන්න