මුළු සිරුරම හැඩ කරනා පුවක් කොළේ-අරුම බලේ

ඔක්තෝබර් 7, 2024

 

කාන්තාවන්ට රූපලාවණ්‍ය සම්බන්ධයෙන් නිතරම ගැටලු මතුවන මාතෘකාවක් තමයි ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්නේ කොහොමද කියන එක. මේ සඳහා භාවිත කරන ක්‍රම ගණනාවක් තියෙනවා. මේ එක් එක් ක්‍රමවල හානි මෙන්ම අවාසිත් තියෙනවා. ඒ වගේම අපේ සමේ විදිහ, අතේ ඇති මුදල, අපට ඒ සඳහා වැය කරන්න පුළුවන් කාලය අනුව අපි කොහොමද අපිට ගැළපෙන ක්‍රමය තෝරා ගන්නේ මෙන්ම මේ වගේ කරුණු ගැන අපි බලමු.

 

සමහරුන්ගේ ඉතාමත් අවලස්සන විදිහට ශරීරයේ රෝම ඇතිවෙලා තියෙනවා. ශරීරයේ අධිකව රෝම ඇති වීම රෝග තත්ත්වයන් නිසාවෙන් ද ඒ නිසා අධික ලෙස රෝම වර්ධනය වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු වෙනවා.

 

ෂේවින් - (Shaving)

එදා සිට අද දක්වාම බහුලව භාවිත වන ක්‍රමයක් තමයි ෂේවින් Shaving කියන්නේ. එනම් රේසරයක් උපයෝගී කරගෙන අනවශ්‍ය රෝම ඉවත් කිරීම. මෙතැනදි රෝම ඉවත් වෙන්නේ සම මතුපිටින්. ඒ නිසා නැවත රෝම වර්ධනය වෙනකොට ඒක හොඳින් පේන්න ගන්නවා. මේකෙත් තියෙන වාසි තමයි ඉතා පහසුවෙන් තමන්ම කරගන්න පුළුවන් වගේම ඉතා අඩු මුදලක් තමයි වැය වෙන්නේ. යම් කෙනෙක් ෂේවින් කරනවා නම් සමේ තෙතමනය හොඳින් තිබෙන විට පමණක් මෙය කළ යුතු වෙනවා. නැත්නම් සමෙහි විශාල ගැටලු මතුවන්නට පුළුවන්.

 

වැක්සින් - (Waxing)

මේ ක්‍රම අතරින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට කියන ක්‍රමයක්. මෙහිදී natural wax හා සැකසූ wax යන දෙවර්ගයම අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රමය මඟින් විශාල ප්‍රදේශයක තියෙන රෝම ඉවත් කිරීමට යොදා ගන්න පුළුවන්. මාසයකට හෝ දෙකකට එක වතාවක් කිරීම ප්‍රමාණවත් වෙනවා. රෝම සමෙහි මුලින්ම ඉවත් නිසා නැවත වැවෙන්න ටික කාලයක් වෙනවා. ඒ වගේම මේ මඟින් මැරුණු සම ඉවත් විටකත් සිදුවෙනවා.වැක්සින් කිරීමේ නිසා අසුන්දර කාරණාව තමයි මේ ටිකක් වේදනා සහිත දෙයක් වෙනවා.

 

 

ත්‍රෙඩින් - (Threading)

 

අපිට ඉතා අවම වශයෙන් අනවශ්‍ය රෝම ඇති ස්ථානවල රෝම ඉවත් කිරීමට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. උඩු තොලේ මුහුණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමට මේ ක්‍රමය ඉතාමත් සුදුසු ක්‍රමයක්.

 

හෙයාර් රිමු ක්‍රීම් (Hair removal Cream)

මේ ක්‍රමය ගොඩක් දෙනෙක් අතර ඉතා ජනප්‍රිය ක්‍රමයක්. එනම් ක්‍රීම් වර්ග භාවිතය. මෙමඟින් කෙස් ගස කැඩීමකට ලක් වෙනවා. එසේම මේ ක්‍රීම් වර්ග සෑදීමට භාවිත කරන විවිධ ද්‍රව්‍ය නිසා යම් කිසි විදිහට හමට හානිදායක වෙන්න පුළුවන්.

 

එපිටර් - (Epilator)

මේ ක්‍රමය මඟින් රෝම ඉවත් කිරීමේදී කෙස් ගස මුලින්ම (එනම් fotical එකෙන්ම) ගැලවී යනවා.

 

ලේසර් - (Leaser)

මේක ඉතාමත් නවීන ක්‍රමයක්. මෙමඟින් සාර්ථකව ස්ථිරව රෝම ඉවත් කරගන්න පුළුවන් වෙනවා.

 

Electrolysis

තවත් නවීන ක්‍රමයක් තමයි මෙහිදී රෝම electro current එකක් ලබා දෙනවා. සුළු වේදනාවක් ඇතිවෙන්න පුළුවන් වගේම ඉතා හොඳ පළපුරුද්දක් සහිත කෙනෙක් මඟින් මෙය සිදුකර ගැනීම කළ යුතුයි.

 

බ්ලීචිං - (Bleaching)

අනවශ්‍ය රෝම ඇසට නොපෙනෙන ලෙස තබා ගැනීමට නිසාත් මෙම bleach කිරීම කරනවා. නමුත් මෙහිදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය නිසා සමට විශාල හානියක් වෙනවා.

 

මේ ආකාරයට බලන විට අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ සාර්ථක ක්‍රමයක් තමයි වැක්සින් (waxing) කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන් ස්වාභාවික ක්‍රමයක් ගැන.

 

මේ ක්‍රමවලින් ඉක්මනින් ප්‍රතිඵල නොලැබුණත් මාස තුනක් පමණ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය වෙනවා පුවක් කොළ යුෂ හා ගෙන්දගම් ස්වල්පයක්. මේ දෙක හොඳින් මිශ්‍ර කරගන්න. මේ පේස්ට් එක මුහුණේ අනවශ්‍ය රෝම තිබෙන තැන්වල ආලේප කරලා විනාඩි 30ක් පමණ ඉඳලා සෝදා හරින්න. මේ ක්‍රමය සතියකට දවස් තුනක් නොකඩවා මාස දෙකක් පමණ සිදු කළ විට ක්‍රමයෙන් අනවශ්‍ය රෝම ස්ථිරවම නැති වී යයි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

ජෙලටින් තේ හැඳි 4ක්

මී පැණි තේ හැඳි 1ක්

වියළි කහ සුළු ප්‍රමාණයක්

 

මේ සියල්ල හොඳින් මිශ්‍රකර ළා මාස්ට් එකක් ආකාරයට සකසා ගන්න. ටිකක් ගන තට්ටුවක් මුහුණේ ආලේප කර ගන්න. පැය භාගයක් පමණ හොඳින් හයිවීමට සලස්වන්න. පසුව උඩු අතට සෙමෙන් ගලවා ගන්න. පසුව රෝම ඉවත්කර ස්ථානයේ කෝමාරිකා ජෙල් ආලේප කරගන්න.

 

අත් කකුල්වල හා ශරීරයේ ඕනෑම තැනක අනවශ්‍ය රෝම ඉවත්කර ගනිමු.

සීනි වැක්ස් (Sugar Wax)

සීනි කෝප් 1යි

වතුර කෝප්ප 1/4ක්

දෙහි හෝ ලෙමන් කෝප්ප 1/4ක්

රෙද්දකින් පටි කීපයක්

 

සීනි හා දෙහි යුෂ භාජනයක දමා ළිපේ ගින්දර අඩුවෙන් තබාගෙන හොඳින් උතුරවා නොනවත්වාම කලවම් කළ යුතුයි. දුඹුරු පැහැය එනතෙක් හොඳින් කලවම් කරමින් උතුරවා ගන්නා. සිසිල් ජලය පීරිසියකට ගෙන එයට මිශ්‍රණයේ සුළු ප්‍රමාණයක් දැමූ විට ජලය දිය නොවී තිබේ නම් එය නියම පදමට සෑදී තිබේ. මේ අවස්ථාවේ ළිපෙන් ඉවත්කර ගෙන හොඳින් නිවාගන්න.

 

රෝම වැවී ඇති ස්ථානවල මෙම වැක්ස් මිශ්‍රණයේ තට්ටුවක් ආකාරයට රෝම වැඩිපුර ඇති අතට තවරාගන්න. පසුව රෙදි පටියකින් තබා හොඳින් තදකර විරුද්ධ අතට එක වර අදින්න. මෙහිදී සුළු වේදනාවක් ඇතිවුවද රෝම ඉතා හොඳින් ගැලවී යයි. මේ අයුරින් අනවශ්‍ය රෝම ඉවත් කළ පසු එම ස්ථාන සීතල වතුරෙන් සෝදාගත යුතුයි. පසුව කෝමාරිකා ජෙල් ආලේප කිරීම මඟිින් වැක්ස් කිරීම නිසා ඇතිවන වියළි ඉරි තැළුණු ස්වභාවය නැතිකර ගත හැකිවේ.

 

වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කරමු

ඉරිඟු පිටි (cornflour) තේ හැඳි 2

කස්තුරි කහ තේ හැඳි 1/2ක්

ජෙලටින් තේ හැඳි 1ක්

නැවුම් එළකිරි

මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍රකර ගන්න. මේ මිශ්‍රණය උණු වතුර භාජනයක බස්සවා ඩබල් බොයිල් (double boil) කරගන්න. මේ ආලේපනය මුහුණේ ආලේපකර විනාඩි 45ක් පමණ වේළෙන්නට හරින්න. හොඳින් වේළුණු පසුව කවරයක් ලෙසින් ඉවත් කරගන්න. මෙහිදී අනවශ්‍ය රෝම ඉතා පහසුවෙන් ගැලවී යයි.

උපදෙස් රූපලාවණ්‍ය ශිල්පිනී

දිසෝජා හේරත්