දෙවැනි මනාලියට හැඩට කොණ්ඩයක්

ජුනි 9, 2025

ජූනි මහේ මල්මනාලියක වීමට සැරසෙන ඔබ ඔබේ යෙහෙළියන් හෙවත් දෙවැනි මනාලියන්ගේ කොණ්ඩා මෝස්තර කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනු ඇත.

රවුම් හැඩයේ මුහුණක් ඇති ළාබාල යුවතියක⁣ට මෙහි ඉදිරිපස ඇඹරුමක් ආකාරයට ගෙන ඇති විලාසිතාව හොඳින්ම ගැළපෙනු ඇත. නළල පළල් අයකුට නම් මේ විලාසිතාව ගැළපෙන්නේ නැත.

මෙහිදී කොණ්ඩා මෝස්තරයට හානි නොවන ආකාරයට එක් පැත්තකට පමණක් හිස් පලඳනා යෙදීම වඩාත් සුදුසු වේ.

ආභරණ තෝරා ගැනීමේදී සිහින් දිගු බෙල්ලක් මෙම යුවතියට නොමැති නිසා දිගු ආභරණ පැලඳීම සුදුසු වන්නේ නැහැ. දිගු ආභරණ පැලඳීමට අවශ්‍ය නම් ඊට සුදුසු හිසකෙස් විලාසිතාවක් නිර්මාණය කර ඒ අනුව ආභරණ වෙනස් කළ හැකි වේ. සේවා දායකයාට ඇත්තේ ඉතා දිගු කොණ්ඩයක් වුවද මෙම විලාසිතාව පහසුවෙන් කළ හැකි සරල මෝස්තරයකි. හිසකෙස්වලට සහ කොණ්ඩා මෝස්තරයට අවසාන නිමාව ස්වාභාවික පෙනුමක් ගැනීමට භාවිත කර ඇති හෙයාර් ස්ප්‍රේ වර්ග වුවද ඉතා මෘදු පෙනුමක් ගෙන දෙන නිෂ්පාදන භාවිත කිරීමට සැලකිලිමත් විය යුතුවේ.

*පළමුව හිස් මුදුනෙන් කෙස් කොටසක් වෙන් කරගන්න.

*හිස් මුදුනෙන් කොටසක් වෙන්කර පහළ කොටසින් පෝනිටේලයක් දමා ගන්න.

*හිස් මුදුන කොටස මදක් පහත් කර පෝනිටේලය අසලින් හෙයා ක්ලිප් රඳවා හෙයාර් ස්ප්‍රේ කරගන්න.

*පසුව ඉදිරිපස දකුණුපස කොටස කුඩා තීරුවෙනුත් පහ හය හත ඡායාරූපවල දැක්වෙන ආකාරයට ටුවයිස්ට් කරගන්න.

*වම්පස සහ දකුණු පස පහළ දක්වාම ටුවයිස්ට් කර අගට රබර් බෑන්ඩ් එකක් දමා පෝනිටේලය කොටස සමාන කොටස් දෙකකට බෙදා ගන්න.

*මැද පෝනිටේලය කොටස දෙපස කොටස් ආකාරයටම ඇඹරුමක් කරගන්න. අගට රබර් බෑන්ඩ් දමාගන්න.

*පෝනිටේලයේ ඇඹරුම කරගත් කෙස් කොටස පිටුපස මැදට වන ලෙස රවුම් ආකාරයට රඳවා හෙයාර් ක්ලිප් සහ හෙයාර් පින්ස් රඳවන්න.

*පසුව ඇඹරුමක් කරගත් වම්පස සහ දකුණුපස කෙස් තීරු පිටුපස මැද සාදාගත් මෝස්තරය වටා ඔතා ගන්න.

*පසුව ගැළපෙන ආකාරයට කොණ්ඩා මෝස්තරයට හානි නොවන අන්දමින් හිස් පලඳනා එක් කරගන්න.

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා