බටහිර මනාලියට ටුවයිස්ට් මෝස්තරයක්

ජුනි 23, 2025

මෑත කාලයේ යුවතියන් බොහොමයක් කැමැති පහතට යෙදූ කොණ්ඩ මෝස්තරවලටයි. එහි ඇති චාම්, සරල පෙනුම ඒ සඳහා ඇති විශේෂ හේතුවයි. හැඩ වැඩ ගන්වන ශිල්පිනියක් ලෙස ඔබ අද ගෙන එන මේ කොණ්ඩ මෝස්තරය අත්හදා බලන්න. අඩු කාලයකින් නිර්මාණය කළ හැකි ඉතාම චමත්කාරජනක කොණ්ඩා මෝස්තරයකුයි මේ.

මෙම මෝස්තරය බෙල්ල සිහින්ව පිහිටා ඇති යුවතියන් සඳහා වඩාත් සුදුසුයි. කොණ්ඩා මෝස්තරයට හිසකෙස් සැකසීම සඳහා භාවිත කර ඇති නිෂ්පාදන වන්නේ හෙයාර් ස්ප්‍රේ පමණි.

*ඉදිරිපසින් කෙස් කොටසක් වෙන්කර මැදින් බෙදාගන්න. පිටුපසින් U හැඩයට කොටසක් අතහැර හිස් මුදුනෙන් මදක් පහත්කර හෙයාර් ක්ලිප් රඳවා ගන්න. (1වන ඡායාරූපය)

*හොඳින් හිස් මුදුන කොටසට හෙයාර් ස්ප්‍රේ කරන්න. (2 ඡායාරූපය)

*මැදින් බෙදාගත් කොටස ඉදිරියෙන් පටන්ගෙන ඇඹරුමක් ආකාරයට කෙස් තීරු අඟලක පමණ කොටස් ගෙන පිටුපස දක්වාම ගෙන යන්න.(3, 4, 5, 5, 6, 7, 8 ඡායාරූප)

*දකුණු පස ආකාරයටම වම් පස ටුවිස්ට් කරගන්න. (9 ඡායාරූපය)

*පළමුව දකුණුපස තීරුවත් පසුව වම්පස තීරුවත් U හැඩයට පිටුපස මැදට වන ලෙස හෙයාර් ක්ලිප් සහ හෙයාර් පින්ස් මඟින් රඳවා ගන්න. (10, 11 ඡායාරූප)

*පසුව U හැඩයට මල් රඳවා මෝස්තරයේ U හැඩය ඉස්මතු කරගන්න. (12, 13, 14, 15 ඡායාරූප)

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා

 

MODEL - ගිම්හානි

PIX BY-  Avinka Photography