වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
විවාහ ගිවිස ගැනීමදාට කොණ්ඩ මෝස්තරයක්

කොණ්ඩා මෝස්තරයකින් මුහුණට ලැබෙනුයේ අපූර්වතම කලඑළියකි. කාලයේ තාලයට නේක අන්දමේ කොණ්ඩා මෝස්තර බිහි වන්නේ ඒ නිසයි.
මෑත කාලයේ යුවතියන් සරල, සැහැල්ලු, කොණ්ඩා මෝස්තරවලට දක්වන්නේ අසීමිත ඇල්මකි. කොණ්ඩා මෝස්තර දැමීමේදී අවම වශයෙන් නිෂ්පාදන භාවිතයටත් හුරු වී සිටී. හෙයාර් ජෙල්, හෙයාර් ස්ප්‍රේ භාවිත කරන්නේත් නැති තරම්ය. වැඩි කැමැත්තක් දක්වන්නේ ස්වාභාවික පෙනුමෙන් මෝස්තරයේ අවසන් නිමාව තබන්නටයි.
මෝස්තරයකට ස්වාභාවික පෙනුමක් එකතු කරන තරමට යුවතියට ළාබාල පෙනුමක්ද ගෙන දෙයි. මෙහිදී වැඩි ඉඩකඩක් දිය යුත්තේ ගැළපෙන මෝස්තරයක් කරන්නටයි.
ඔබගේ සේවාව ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයාට ඇත්තේ ඉතා දිගු කොණ්ඩයක් නම් ඊට ආකර්ෂණීය බවක් එක් කර ගැනීමට කොණ්ඩය හිස් මුදුනට ගෙන සකස් කරනවාට වඩා මෙවැනි සරල මෝස්තරයක් සුදුසු වේ. එහෙත් ලේයර් වැනි කොණ්ඩා කැපුමක් කර ඇති අයෙක් නම් එවැනි අයෙක්ට මෙවැනි විලාසිතා කිරීමේදී ඉතාම මෘදු පෙනුමක් දෙන ස්ප්‍රේ වර්ගයක් භාවිත කර කොණ්ඩය සකස් කරන්නට සිදුවේ.
ළාබාල යුවතියකට මෙම මෝස්තරය යොදන්නේ නම් විශාල ආභරණ, විශාල හිස් පලඳනා යෙදීම සුදුසු වන්නේ නැහැ.
මෙම කොණ්ඩා මෝස්තරය විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවකට හෝ උත්සව අවස්ථාවක් සඳහා සුදුසු වේ.
*ඉදිරිපස කොණ්ඩය පිටුපසට පීරා පිටුපස මැදට වන ලෙස හෙයාර් ක්ලිප් රඳවා ගන්න. 1 සහ 2 ඡායාරූපවලින් මෙය දැක්වේ.
*දෙපසින් කෙස් තීරු දෙකක් ගෙන කුඩා රබර් බෑන්ඩ් එකකින් පිටුපස මැදට වන ලෙස දමාගන්න. මෙය 3 සහ 4 ඡායාරූපවලින් දැක්වේ.
*නැවත දෙපසින් කෙස් තීරු දෙකක් ගෙන මැදට වන ලෙස රබර් බෑන්ඩ් එකක් දමා ගන්න.(5 ඡායාරූපය)
*ඒ ආකාරයට 3, 4, 5 කෙස් තීරු දෙපසින් ගෙන මැදට වන ලෙස කුඩා රබර් බෑන්ඩ් එකක් දමා ගන්න.
*පිටුපස මැදට වන ලෙස කුඩා මල් රඳවා මෝස්තරයේ අත්‍යලංකාරය තවත් වැඩි කරගන්න.
උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
නදීකා පෙරේරා
PIXBY - Avinka Photo graphy
MODEL - ගිම්හානි