ඕනම හැඩයකට මේ ක්‍රමය

ජුනි 30, 2025

 

මනාලියක් සඳහා මෙන්ම උත්සව අවස්ථාවක් සඳහා වුවද ගැළපෙන අලංකෘත කොණ්ඩා මෝස්තරයකි මේ. වයසින් අඩු යුවතියක් සඳහා සැහැල්ලු විලාසිතාවක් ලෙස මෙය යොදාගත හැකි අතර ඉතා දිගුත් නැති කෙටිත් නැති මධ්‍යස්ථ ප්‍රමාණයේ කොණ්ඩයකින් මෙය ලස්සනට නිම කළ හැකියි.

 

පිට ප්‍රදේශය මහතින් වැඩි අය සඳහා මෙවැනි කොණ්ඩා මෝස්තර වඩාත් සුදුසු වෙයි. එසේම ඕනෑම මුහුණේ හැඩයකට වුවද මෙවැනි කොණ්ඩා මෝස්තරයක් ගැළපේ. සමේ පැහැය තලෙළු හෝ පැහැපත් අය සඳහා මෙවැනි කොණ්ඩා මෝස්තරයකින් වඩාත් අත්‍යලංකාරයක් එකතුවේ.

මේ සඳහා අවශ්‍ය වන්නේ Curling Iron එකයි.

* පළමුව කොණ්ඩය හරි මැදින් බෙදා ඉදිරිපස  කොණ්ඩය වෙන් කරගන්න (පළමු ඡායාරූපය)

* පසුව අඟලක පමණ කෙස් කොටසක් පිටුපසින් පහළට දමා ගන්න (දෙවැනි ඡායාරූපය).

* අයිනෙන් පටන් ගෙන Curling Iron එක කොණ්ඩයේ ස්වභාවය අනුව සුදුසු උෂ්ණත්වයට රත් වූ පසුව සුළු වශයෙන් හෙයාර් ජෙල් ආලේප කරගත් කෙස් තීරුව අයන් එක මත ඔතා ගන්න. (තෙවැනි ඡායාරූපය)

* රැලි ගන්වා ගත් පසුව දිස් වන්නේ මෙලෙසයි. (සිවුවන ඡායාරූපය)

* පළමු තීරුව රැලිගැන්වූ පසු ඒ ආකාරයේම තවත් තීරුවක් පහළට දමා ගන්න. (පස්වන ඡායාරූපය)

* ඒ ආකාරයට කුඩා තීරුවෙන් තීරුව පහළට දමමින් හෙයා ජෙල් ආලේප කර කොණ්ඩය රැලි ගන්වා ගන්න.(හයවන ඡායාරූපය)

* හිස් මුදුන කොටස සුළු වශයෙන් පහත් කර මැදට වන ලෙස හෙයා ක්ලිප් රඳවා ගන්න. (හත්වන ඡායාරූපය)

* පසුව දෙපස ඉදිරිපස කොටස කලින් ආකාරයටම රැලිගන්වා ඉන් කෙස් තීරු කිහිපයක් පිටුපසට කර හෙයා ක්ලිප් රඳවා ගන්න. (අටවන ඡායාරූපය)

* හිස පිටුපසට ඇඳුමට ගැපෙන ආකාරයට හිස් පලඳනාවක් යොදා තව තවත් අලංකාර කරගන්න.( 9, 10, ඡායාරූප )

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා

 

 

MODEL - ටෙෂානි

PIX BY -  Awinka Photography