වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔසු ලොවේ රැජන පූජනීය තුල්සි සුවය සදයි - රුව හැඩ කරයි
ඒ අපි තුල්සි හඳුන්වන නාමයයි. අප තුල්සි ගැන දන්නේ එය මදුරුවන් පව හරින ශාකයක් විදියට පමණයි. ඉන්දියානුවන්ට නම් දොරකඩ තබා වන්දනාමාන කරන ශාකයකි.
තුල්සි යන සංස්කෘත වදනේ තේරුම අසමසම ශාකය යන්නයි. මිංච් කුලයට අයිති තුල්සි නැත්නම් තුලසි ශාකයේ සෑම කොටසක්ම ඖෂධ ලෙස ප්‍රයෝජනයට ගනී. බටහිරින් අපේ රටට ආ තේ වගේම තුල්සි ශාකයේ කොළ ද වියළා තම්බා තේ ලෙස පානය කළ හැකිය. මේ අසම සම ශාකයේ අමරණීය ගුණ රැසකි.
අධිවේගී ජීවන රටාවක් ගත කරන අපි නිරන්තරයෙන් ආතතිය, කාංසාව අත් දකියි. එහි ප්‍රතිඵලයක් ලෙස හදවත වේගයෙන් ගැස්ම, අක්‍රමවත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම, අවධානය අඩුකම, භීතිකා ඇතුළු විවිධ අත්දැකීම් අත්විඳිමු. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ මුළු තුල්සි ගසේම ස්රාවය පානය කිරීමෙන් ආතතිය, විශාදය දුරු වන බවයි.
හදවත සුරකින ගුණය මේ කාලයේ අප ගන්නා ආහාර පානවල තිබිය යුතුම ගුණයකි. තුල්සි කිහිප ආකාරයකින්ම අපේ හදවත සුරකියි. රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන ගුණය මෙන්ම හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන ගුණයක් ද මෙහි පවතියි. තුල්සි ගසේ සාරය හදවත් රෝග වළක්වන්නේ හෘද නාලවල මේද තට්ටු බැඳිම වළක්වන එන්සයිම මෙහි අඩංගු නිසයි.
ආමාශ දාහය හෙවත් ගැස්ට්‍රයිටිස් ඇත්නම් තුල්සි යුෂ ප්රත්යක්ෂ ඔසුවකි. ආමාශයෙන් වැඩිපුර ස්රාවය වන ආමාශයික යුෂ නිසා ආමාශ ආස්තරණයේ සෛල බිඳ වැටෙයි. තුල්සි යුෂ ගෙන දින දහයකින් පමණ ආමාශ තුවාල සුවවෙයි. ආමාශ ගැටලු බොහොමයකට මෙන්ම උදරයේ වාත පිරීමට ද මලබද්ධයට ද ආමාශයික යුෂ පිළියමකි. තුල්සි යුෂ, ඉඟුරු සමඟ මිශ්‍රකර ගැනීමෙන් උදර වේදනාවෙන් සහනයක් ලද හැකිය. තදින් උදරාබාධ ඇත්නම් තුල්සි කොළ, ඉඟුරු, මී පැණි හා ලුණු මිශ්‍රකර සති දෙකක් ගැනීමෙන් සහනයක් ලැබෙයි.
මුඛ පිළිකා සහ පියයුරු පිළිකා සෛල මර්දනය කරන ගුණයක් මෙහි පවතියි. පිළිකා ඇතිවිට පමණක් නොව පිළිකාඇතිවීම වැළැක්වීමේ ගුණයක් ද තුල්සිවල තිබේ. තුල්සිවල අඩංගු ෆයිටොකෙමිකල්ස් මුඛ, චර්ම, පෙණහලු, සම, අක්මාව ආශ්රිත පිළිකා වළක්වයි. ෆයිටොකෙමිකල්ස්, ප්රත්ඔක්සිකාරකවල ක්‍රියාකාරිත්වය වැඩිකර පිළිකා සෛල විනාශ කරයි. තුල්සි ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කරන නිසා පිළිකා සෛල ඇතිවීමේ අවදානම ද අඩුවෙයි.
2019/12/25 තරුණි බලන්න....