ලොකුම සැනසීම හිතේ සැනසීමයි

අගෝස්තු 15, 2022

 

 

අප අන් අයට කළ උපකාර ඔවුන් ඒවා අමතක කළ ද ඒවා විශ්වයේ ලියවී තිබේ.

 

තමාට කිසිවකු නැහැ යන්න සිතාගෙන ජීවත් වෙමු.

 

හඹායන බොහෝ දේ තුළ ඇත්තේ හිස් බවකි.

 

රොබින් ෂර්මාගේ ඊඩඥ 5 ඒර් ඛ්තභඡ පොතේ සඳහන් පරිද්දෙන් රාත්‍රී ආහාරයට පසු පැය 2ක්වත් යන තුරු නින්දට යාම සුදුසු නැත.

සෑම නව අදහසක් ම හිතේ පවතින්නෙ තත්පර 40ක කාලයක් බව පැවසෙනවා.

 

වසරක් තුළ තත්පර 31536000ක්, මිනිත්තු 525600ක්, පැය 8760ක් පවතිනවා.

 

බාලයන් ඇසුරු නො කරමු. යහපත් ඇසුර දිව්‍යමය සම්පතක් බව සිතමු.

 

පිදිය යුත්තන් පුදමු. කුඩා හෝ උපකාරයක් කළ අය හොඳින් මතක තියාගනිමු.

 

නිහතමානීකමට හුරුවෙමු. බොරු උද්දච්චකම්වලින් දිනිය හැකි දෙයක් නැත.

 

කිසිවක් ස්ථිර නොවේ. අනාගතය ගැන වුව ඕනෑවට වඩා සිතීමේ තේරුමක් නැත.

 

සුවවීම සඳහා සමාව දීම ඇවැසි වේ. වෛද්‍යවරයා තුවාලය වෙළන අතර කාලය එය සුවපත් කරයි.

 

අපගේ ජීවිතයේ දිග ගැන අපට කළ හැකි දෙයක් නැත. එහෙත් එහි ගැඹුර හා පළල ගැන නම් කළ හැකි දේ බොහෝය.

 

 

හිතේ සැනසීම නැත්නම් කිසිවෙක් දෙව්ලොව හෝ වසන එකක් නෑ. ජීවිතයේ ලොකුම දේ හිතේ සැනසීමයි. ඔබට හිමි දේ නියත වශයෙන්ම ලැබෙනු ඇත. තමන්ට තමන් පමණක් විශ්වාස කර ජීවත් වන්න. ගතවන දිනක් ගානේ අප ගෙවා දමන්නෙ අපේ ජීවිතයයි.

 

හුදෙකලාව තමන්ගේ ජීවිතය වෙළාගෙන යයි නො සිතන්න. කිසිවකු දුරින් සිට හෝ ඔබ දෙස බලා නිරන්තරයෙන්ම ඔබව සුරකින බව සිතා ගැනීම පවා හිතට සැනසිල්ලකි. අස්වැසිල්ලකි. ජීවිතය වර්ණ ගැන්වූ ටෙලි නාට්‍යක් නොවේ. සෞභාග්‍යවත් ඉදිරි දිවියක් සඳහා චිත්ත රූප මවා ගන්න. මානයෙන් මිදුණු සිතක ශාන්තිය අත්විඳින්න. ඔබේ සිතේ බලය වර්ධනය කර ගන්න. පෙන්වන තරමට මිනිසුන් ඔබට දයාබරත් නෑ. ළෙන්ගතුත් නෑ. කජු ගස්වල වව්ලො වහන්නේ පුහුලං තියෙනවා නම් ය. ඔබ වෙනුවෙන් කාලය නැති කෙනෙක් ගැන ළත නො වන්න. ඔවුන්ට ඔබව වටිනවා නම් ඒවි. ගිලිහෙන දේ අල්ලා තබා ගන්න බෑ. එහෙම තියා ගත්තත් ඵලක් නෑ. නිර්මාණාත්මකව ආතතියට ප්‍රතිචාර දක්වන්න. පීටර් ඩ්‍රකර් පවසන්නේ ඔබ දැනුමෙන් සන්නන්ධව සිටියත් ඉදිරි වසර 5 තුළ ඔබේ දැනුම යල් පනින බවයි. ජීවිතය බයිසිකලයක් පැදීමට හා සමානය. පැඩල් කිරීම නවතන තුරු ඔබ නො වැටේ. ඔබගේ ගනුදෙනුකරු ඔබ බලා නො ගන්නේ නම් වෙන කිසිවෙක් බලා ගනු ඇත. ඔබ මුණගැසෙන අමුත්තකුගේ සිතේ ඇතිවන පළමු කාවැදීම දිගටම පවතී. මිනිසුන් ඔබව මැනීමේ දී ඇඳුම්, නිවෙස, ආකල්ප, බාහිර පෙනුම යනාදිය සැලකිල්ලට ගන්නා අතර ඊට පිටුපා අපට යා නො හැකියි.

වෙනස් වීමට...

සිතුවිලි වෙනස් කරන්න.

ජීවිතය වෙනස් කරන්න

ලොකු සිහින දකින්න.

ඔබේ ජීවිතයේ පාලකයා ඔබම වන්න.

විශිෂ්ටත්වයේ ප්‍රකාශයක් සාදාගෙන ඊට

අනුගත වන්න.

ඔබේ මානසික බලය මුදා හරින්න.

ඔබේ සිතුවිලිවලට අධි ශක්තියක් ලබා

දෙන්න.

වර්ධනය සඳහා ස්වයං යෝජනා

කරන්න.

ඔබේ අනාගතය නිර්මාණය කරන්න.

ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන්න.

 

කොළඹ යුගයේ කවියෙක්, තම

සුමිතුරාණන් වෙත යැවූ කාව්‍යමය

ලිපියක මෙසේ ලිවීය.

 

දිමුතු මුතු ඌරන් තලන විට අප උපන්

රට ඉබේ ගොළු වේ ද..

රටට ඔබ දුන් දේ අනන්තයි එහෙත් රට

ඔබ දිහා බැලුවා ද...

 

තම හිසට තම අත්දෙකම, තම

ආත්මයම, තම ප්‍රභාස්වර සිතුවිලිම,

සෙවණ වේවා.... මුතු කුඩයක් වේවා....!

 

 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්