මුහුණේ සම රැලි වැටිලා වයසට වඩා වයසක පෙනුමයි

එහෙම වෙන්නේ ඇයි කියලා දන්නවා ද?
ජුනි 27, 2022

 

 

වයසට යෑමත් සමඟ සම රැලි වැටෙන එක ස්වාභාවික සිද්ධියක්. ඒත් සුන්දර රූපයක් හිමි වෙලා තිබිලා කාලයත් එක්ක සම රැලි වැටෙනකොට දැනෙන්නේ වේදනාවක්්‍. වයස්ගතවීම විතරක්ම නෙවෙයි, ඇතැම් අයගේ සම විවිධ හේතු නිසා අකලටත් රැලි වැටෙනවා.

 

ඒකට හේතු ගොඩක් බලපානවා. ආහාර රටාව, පෝෂ්‍යදායි ආහාර ලබා නොගැනීම, සමේ තෙතමනය නොමැතිකම, මානසික ආතතිය වගේම ඔබ භාවිත කරන නිෂ්පාදනවල බලපෑමත් සම රැලි වැටෙන්න හේතු විය හැකියි.

ඒ විතරක්ම නෙවෙයි මුහුණේ රැලි වැටෙන ස්ථාන පහක් තිබෙනවා. හැඟීම් ප්‍රකාශ කිරීමේ දී සම තරමක් ඇදෙන බැවින් ඒ ස්ථානවල තෙරපීම නිසා රැලි වැටීම ඉක්මන් වෙන්නත් පුළුවන්.

වැඩිපුර ජලය පානය කරන්න

ජලය යනු ශරීරයට මෙන්ම සමට ද අත්‍යවශ්‍ය දෙයකි. ශරීරයට ජලය හිඟවීමෙන් සම වියැළීමට පත් වී අනතුරුව සම රැලි වැටීම සිදුවේ. සමේ තෙතමනය රැඳී ඇත්නම් සම රැලි වැටීම බොහෝ දුරට පාලනය වී සම පැහැපත් වීම සිදුවේ. උදෑසන අවදි වූ සැණින් හිස් බඩ වතුර වීදුරුවක් පානය කිරීම හා විටින් විට ජලය පානය කිරීම පුරුද්දක් කර ගැනීමෙන් මුදල් වැය නොකර සම රැලි වැටීමේ තත්ත්වය සමනය කරගත හැකියි.

හිරු එළියෙන් සම ආරක්ෂා කර ගන්න

ඔබ හිරු එළියට නිරාවරණය වන කෙනෙක් නම් හිරු එළියෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න. එනම් හිරු එළියේ පාරජම්බුල කිරණ සමට හිතකර නොවන අතර එමඟින් ද සම රැලි වැටීම සිදුවේ. ඒ නිසා හිරු එළියට යනවිට හිස් වැසුමක් භාවිත කරන්න. අව් කණ්ණාඩි පලඳින්න. සන් ස්ක්‍රීන් ක්‍රීම් ආලේප කරන්න. අව්වට නිරාවරණය වන විට කුඩයක් භාවිත කරන්න. තද වර්ණයෙන් යුතු ඇඳුම් පැලඳුම් ඇඳීමෙන් වළකින්න.

විටමින් බහුල ආහාර වර්ග භාවිතය

විටමින් ඌන වීමෙන් සම රැලි වැටීම සිදුවිය හැකියි. විටමින් ඒ, සී, ඊ අඩංගු ආහාර පාන මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු ආහාර පාන ලබා ගැනීමෙන් සම රැලි වැටීම අවම කරගත හැකියි.

එනම් පැඟිරි කුලයේ පලතුරු, කහ පලතුරු අලිපේර, ඇපල්, ස්ට්‍රෝබෙරි, දෙළුම් වැනි පලතුරු ද ඔමේගා ත්‍රී මේදය අඩංගු සැමන් වැනි මාළු වර්ග ද, කැරට්, වට්ටක්කා, වැටකොළු, පිපිඤ්ඤාා, බෙල් පෙපර් ආදී එළවළු වර්ග ද මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා ආදී පලා වර්ග ද කඩල, මුං ඇට, කව්පි ආදි ධාන්‍ය වර්ග ද ඔලිව් තෙල්, පිරිසුදු පොල්තෙල් වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් විටමින් ඌනතා සමනයට පත් වී එමඟින් සම රැලි වැටීම සමනය වී නිරායාසයෙන්ම සම පැහැපත් වීම ද සිදුවේ.

මානසික ආතතිය පාලනය කර ගැනීම

ඔබ එදිනෙදා වැඩ කටයුතුවල නිරත වී කාර්යබහුල ජීවිතයක් ගෙවන පුද්ගලයකු නම් ඉන් ඔබේ මානසික ආතතිය වර්ධනය වේ. එයද ඔබේ සම රැලි වැටීමට හේතු වේ. නමුත් ඔබ කාර්යබහුල පුද්ගලයකු වුවත් ඔබ වෙනුවෙන් කාලය වෙන් කර ගන්නේ නම් සම රැලි වැටීම සමනය කර ගත හැකිවේ.

මුහුණේ රැලි වැටෙන ස්ථාන හඳුනාගෙන සුබවාදි හැඟීම් ප්‍රකාශ කරන්න

මුහුණේ රැලි වැටෙන ස්ථාන ප්‍රධාන වශයෙන් පහක් හඳුනාගත හැකියි. නළලේ ඉහළ රැලි (Worry Lines), නළල මධ්‍යයේ පිහිටි රැලි ( Crows’ Feet), නාසය දෙපස රැලි ( Nasolabial Folts), මුඛය දෙපස රැලි ( smile Lines). ඔබ හැඟීම් ප්‍රකාශ කරන විට එම රැලි වැටෙන ස්ථානවලට බලපෑමක් සිදුවේ. නිතර කුතුහලය, බය ඇති වීමෙන් නළලේ ඉහළ රැලි ගැන්වීමේ ස්වභාවය නිසා රැලි ඇතිවිය හැකියි. කේන්තිය නිසා නළල මඳ රැලි ඇති වේ. ඇහිබැමට පහළින් රැලි ඇති වන්නේ නොසන්සුන්කාරී අවස්ථා සහ අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දෙන විට හැඟීම් ප්‍රකාශ වීමේදිය. මුඛය දෙපස ඉථඪතඥ ඹ්ඪදඥඵ ඇති වන්නෙත් නිතර සිනාසෙන සහ රැවීම් වැනි තත්ත්වයන්වලදී හැඟීම් ප්‍රකාශය සමබරව පවත්වා ගැනීමෙන් මුහුණේ රැලි වැටීම පාලනය වේ.

නිදන ඉරියව් වෙනස් කරන්න

ඔබ නිදා ගනු ලබන්නේ යටිකුරුව හෝ පැත්තකට නම් එය ද සම රැලි වැටීමට බලපාන හේතුවකි. එම නිසා අද සිට නිදා ගන්නා විට එකම ඉරියව්වෙන් නොසිට ඉරියව්ව වෙනස් කරන්න.

ස්ක්‍රබ් භාවිත කිරීමේ දී

ස්ක්‍රබ් භාවිත කර වේළෙන තුරු, කතාබහ කිරීම හා සිනාසීම නොකරන්න, විශේෂයෙන් ඔබගේ මුහුණේ රැලි ඇති වීමට මෙය ද හේතුවක් වන හෙයින් ස්ක්‍රබ් ඉවත් කරන විට ද උණුසුම් තුවායක් මඟින් සමේ උඩු අතට ඉවත් කරන්න. එවිට එවැනි වැරැදි ක්‍රියාවකින් මුහුණේ සම රැලි වැටෙන්නේ නම් එය සමනයට පත් කර ගත හැකියි.

සම රැලි වැටීම සමනයට ස්ක්‍රබ් එකක්

බිත්තර සුදු මදයක්, කඩල පිටි ස්වල්පයක්, කස්තුරි කහ ස්වල්පයක් මේ සඳහා අවශ්‍යයි. මේ සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර මුහුණ මත ආලේප කර පැය භාගයක් පමණ තබා උණුසුම් තුවායක් ගෙන උඩු අතට පිස ඉවත් කරන්න.

 

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

නීෂා මනහාරි

සැලෝන් නීෂා - මහරගම