ප්‍රීතිමත් මංගල දිනයකට පෙර සූදානම්වන වසරක දිගහැරුම

ජූලි 10, 2019

සොඳුරු යුවතියක්, සොඳුරු මනාලියක වී පතිකුලයට පියමං කරන්නට සිතනා අසිරිමත් දිනය මෙතෙක් ඈ පැමිණි ගමනේ ආශ්චර්යමත් ම දිනය වනු ඇත. වසරක් පුරාවට එය මනාව සැලසුම් කරන්නේ නම් මංගල දිනය දාට ද බෙහෙවින්ම නිරවුල් මනසකින් යුතුව සිටීමට හැකිවේ.

මේ සඳහා ඔබ කළයුතු වන්නේ වසරක කාලයක් පුරාවට ඛ්ඩඥජඬ ඹ්ඪඵබ එකක් සාදා ගැනීමයි. බලන්න ඔබේ සැලසුම ඔබව කෙතරම් ඉහළ තලයක ඔසවා තබාවිදැයි කියා.

මාස 12 සිට මාස 8 දක්වා

* විවාහ මංගල උත්සවය සඳහා දිනයක් තෝරා ගන්න.

*දිනය තෝරාගැනීම කෙරෙහි පවුලේ අයගේ මැදිහත්විමක් නොවුණි නම් ඔබ තෝරාගත් දිනය පිළිබඳ දෙපාර්ශ්වයේ ම පවුල් දැනුවත් කරන්න.

කවර අන්දමේ මංගල උත්සවයක් ද? දිවා කාලයේ පැවැත්වෙන්නක් ද?

* රාත්‍රී කාලයේ පැවැත්වෙන්නක් ද?

*ඒ අනුව හෝටලයේ, ශාලාව යනාදිය වෙන්කරවීම.

* මංගල උත්සවය සඳහා වෙන්කරන මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ දළ අදහසක් ලබා ගන්න.

සම්පූර්ණ මුදල ලක්ෂ 5 ක්ද, 20 ක්ද, 100 ක්ද යනාදී වශයෙන්.

* මංගලෝත්සවය තේමාවකට

අනුව සිදුකරන්නේ නම් තේමාව තෝරා ගැනීම.

 

2019/07/10 තරුණි බලන්න